Home » Good day දෙමළ භාෂිත චිත්‍රපටය ජූලි 27 වැනිදා සිට තිරයට…

Good day දෙමළ භාෂිත චිත්‍රපටය ජූලි 27 වැනිදා සිට තිරයට…

ලාංකේය විශේෂ දර්ශනය ඉන්දීය නළු නිළියන් සමඟ පසුගියදා PVR හිදී

by Thanushika
July 24, 2025 9:41 am 0 comment

එන්. අරවින්දන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුඩ් ඩේ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉන්දීය නළු නිළියන් සමඟ පසුගියදා ර්‍ථඍඅ සිනමාහලේදී පැවැත්විණ. පෝර්නා ජේ. එස් මයිකල් විසින් තිර රචනය කර ඇති මෙම ඉන්දියානු දෙමළ භාෂා චිත්‍රපටය ප්‍රිත්විරාජ් රාමලිංගම් විසින් ඔහුගේ නිව් මොන්ක් පික්චර්ස් යටතේ නිෂ්පාදනය කර ඇත. ප්‍රිත්විරාජ් සමඟින් මෙහි මයිනා නන්දිනී, ආඩුකලම් මුරුගදාස් සහ කාලි වෙන්කට් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටයේ සංගීතය ගෝවින්ද් වසන්ත ගෙනි.

ගුඩ් ඩේ එන්. අරවින්දන් ගේ පළමු අධ්‍යක්‍ෂණයයි. මීට ප්‍රථම 2018 වසරේ ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විජය සේතුපති රංගනයෙන් දායක වූ 96 චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කර ඇත. රාත්‍රියේ නගරයේ බීමතින් ඇවිදින ඇඟළුම් සේවකයෙක් වටා ගෙතුණු හාස්‍ය පිරි සිනමාපටයක් වන මෙය එළැඹෙන 27 වැනිදාට සිට ලොවපුරා ප්‍රදර්ශනය වේ.

 

නිශ්ශංක විජේරත්න - නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT