නිවස කළා පුවත් FNPAS විශිෂ්ටතා සම්මානයෙන් ජයන්ත චන්ද්‍රසිරි පිදුම් ලබයි

FNPAS විශිෂ්ටතා සම්මානයෙන් ජයන්ත චන්ද්‍රසිරි පිදුම් ලබයි

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හතළිස් පස්වෙනි ඡායාරූප ප්‍රදර්ශනය පසුගිය දින ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පැවැත්විණි. එහිදී සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම වේදිකා සහ රූපවාහිනී නාට්‍යවේදියකු, ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදි ජයන්ත චන්ද්‍රසිරි ලොව ප්‍රමුඛතම ඡායාරූප කලා බලමුළුව වන ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ FIAP ප්‍රමිතීන්ට යටත්ව ඊට අනුබද්ධිත රටවල ඡායාරූප සංගම්වලට පිරිනැමිය හැකි ඉහළම ගෞරව සම්මානය වන ‘ගෞරව සහභාගී විශිෂ්ටතා සම්මානයෙන්’ (Hon FNPAS) ) පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් වසරකට සම්මාන තුන බැගින් මෙහිදී පිරිනමනු ලැබේ. ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සිනමාව, රූපවාහිනිය හා ජනමාධ්‍යවේදය යන අංශ තුළපෙන්නුම් කළ ප්‍රතිභා සම්පන්න දායකත්වය අගයමින් ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාණන්ට මෙම සම්මානයේ ප්‍රදානය කෙරිණි. සම්මානයට පාත්‍ර වූ අනෙත් කලාවේදීන් දෙදෙනා වූයේ අධිකරණ වෛද්‍ය ඡායාරූප ශිල්පී නලින් හේමන්ත කුමාර සහ ඒ.එම් ජයතිලක යි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT