යුක්තිය පසිඳලන ලොවකට රයිඩර්

සැප්තැම්බර් 7, 2023

අයුක්තිය අසාධාරණය හමුවේ නිබඳව නැඟී සිටින සදේශ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. විශ්වවිද්‍යාලය තුළ විවිධ සංගම් නියෝජනය කරන ඔහු එක්තරා උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙස, එහි නියැළී සදේශ් හා සගයන් පොලිස් අත්අඩංගුවට පත්වේ. ඔවුන්ව මුදා ගැනීමට ඉදිරිපත් වන්නේ, ඇමැතිවරයකුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කරන සදේශ් ගේ මාමායි. උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙන් සදේශ් ඇතුළු සඟයන් පන්ති තහනමකට ලක්වේ. 

සදේශ්ගේ පියා සමඟින් ඇති වෛරයක් නිසා, සදේශ්ගේ මාමා විසින්, ඇමතිතුමාගේ සමීපතම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු වෙත සදේශ්ව යොමු කරයි. ඔහු යටතේ රැකියාවේ නිරත සදේශ් දිනෙක මත්ද්‍රව්‍ය සමගින් නීතියට හසුව බන්ධනාගාර ගත වෙයි. සදේශ්ව මුදා ගැනීමේ මෙහෙයුමක නිරත වන සදේශ්ගේ පෙම්වතිය, යහළුවන් හා මාධ්‍යවේදිනියක් සියලු තොරතුරු සොයා ගනී. මේ පිළිබඳව දැනගත් මාමා විසින් මැරයන් යොදා සදේශ්ගේ පෙම්වතිය හා මිතුරන් මරා දමා මාධ්‍යවේදිනීය පැහැර ගනී. තම හිතවතුනට සිදුවු දෙය දැන ගන්නා සදේශ් පළිගැනීමේ අරමුණින් හිරෙන් පැන යයි. ඉන් අනතුරුව සිය මාමාට, ඇමතිවරයාට සහ මැරයන්ට කුමක් සිදුවේවිද? මාධ්‍යවේදිනියගේ දිවි සුරැකේද? සදේශ්ගේ අනාගතය කෙලෙස විසඳේද යනු රයිඩර්, ඔබට මතු දිනෙක පවසාවි.

මිතුරෙකු සමඟින් තනිවට ගොස් අහඹු ලෙස නළුවකු වී සිනමාව වේදිකාව හා පුංචි තිරය එකසේ ජයගත් රජිත හිරාන් චාමිකරගේ කුලුඳුල් සිනමා නිර්මාණය ලෙසින්, රයිඩර්, ළඟදීම තිරගත වීමට නියමිතව ඇත. විකට නළුවකු ලෙසින් රසික ප්‍රසාදයට පාත්‍රව ඇති රජිත හිරාන් චාමිකර (පිංපොං),රයිඩර්, සිනමා පටය තුළින් අධ්‍යක්‍ෂණයට අමතරව, තිර රචකයකු සහ ගීත රචකයෙකු ලෙසින් ද ප්‍රේක්ෂකයා හමුවීමට සමත්ව ඇත.

රයිඩර් චිත්‍රපටයේ රංගන දායකත්වය
 
සනත් ගුණතිලක, රොෂාන් රණවන, අනුජ් රණසිංහ, අනුෂ්ක ඉඳුනිල්, රජිත හිරාන්, චිලී තිලංග, රයන් වෑන්රෝයන්, දසුනි සෙනෙත්මා, සරත් කුලාංග, ෆෙරොලින් ජස්ටින්, නිශානි තෙන්නකෝන්, සනත් නිශාන්ත, ජයරත්න ගලගෙදර, ප්‍රියන්ත ධර්මශිලි, රංග සම්පත්, සඳරු කෞෂාල් කුමාරසිංහ, රොහාන් පෝල්, මන්දාකිනි ආදිත්‍යා, නිලූ සෙව්වන්දි, තාරා කළුආරච්චි, අනිල් ජයසිංහ, භාග්‍ය සම්පත්, සුපුන් සත්සර බණ්ඩාර, සේසිරි එම්. සෙනවිරත්න ඇතුළු පිරිසක් එක්වී ඇත
 
රයිඩර් චිත්‍රපටයේ කාර්මික දායකත්වය
කතාව, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය - රජිත හිරාන්
නිෂ්පාදනය - අනුෂ්ක ඉඳුනිල්
කැමරා අධ්‍යක්‍ෂණය - සුජිත් නිශාන්ත
සහය අධ්‍යක්‍ෂණය - සුරේෂ් කුමාරසිංහ, ලෝචන එම්. සෙනවිරත්න, සමීර මධුෂාන්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - තනුෂ්ක කහඳවල
අංග රචනය - පී.පී. මනුක දිල්ශාන් ගලගෙදර, මංජූ ගුණවර්ධන 
කලා අධ්‍යක්‍ෂණය - සුනෙත් නන්දලාල්
5.1 ශබ්ද සංකලනය - සශින් ගිම්හාන් පෙරේරා
සංගීත අධ්‍යක්‍ෂණය - චාමික සමරසිංහ, සසිඳු දිලුරංග
ගීත සංගීත අධ්‍යක්‍ෂණය - එලෝන් ෂෙපර්ඩ්
ගීත රචනය - රජිත හිරාන්
ගීත ගායනය - ටශ්නි පෙරේරා/මංජුල සිරිවර්ධන
සටන් අධ්‍යක්‍ෂණය - සමන්ත මායාදුන්න, ධම්මික පුෂ්පකුමාර
නර්තන අධ්‍යක්‍ෂණය - රෂික ප්‍රභාත්
නිෂ්පාදක සම්බන්ධීකාරක - අසංක දිසානායක
කැමරා සහය - යසස් ශ්‍රී/ මනෝජ් සම්පත්
ආලෝකකරණය - යාපා විජේබණ්ඩාර, සුපුන් ශාලික, බුද්ධික පරණවිතාන, සමීර ඉදුරංග
විශේෂ ශබ්ද ප්‍රයෝග - ජනිත ෂෙරංග, නිශානි තෙන්නකෝන්, ලෝචන එම්. සෙනවිරත්න
දෘශ්‍ය ප්‍රයෝග - කවිත සල්ගාදු
සහය කලා අධ්‍යක්‍ෂණය - අරුණ මධුසංඛ, අෂේන් අකලංක, එම්. අශාද් ශම්ස්
ඉංග්‍රීසි උපසිරැසි - රසාංගි ගජසිංහ, දේවින්දි තෙන්නකෝන්
සන්නාම නිර්මාණකරණය - ළහිරු වික්‍රමනායක
පොලිස් නිල ඇඳුම් සැපයීම - කීර්ති රංජිත්
පොලිස් පසුතල නිර්මාණ - ශ්‍රීනාත් මල්දෙණිය
පෝස්ටර් නිර්මාණය - ආකේෂ් සඳුමින් පෙරේරා, විනෝද් මධුසංඛ, චාමික සත්සරණි
හඬ දායකත්වය - ස්නේහා වසුන්දරා, නිශානි තෙන්නකෝන්, ප්‍රදීප අබේසේකර, දිලාන් ගුණහේරත්, හිරුෂාන් හෙට්ටිආරච්චි, දුලාජ් චාමර, සිතරු ප්‍රනාන්දු, කෞෂි කේසලා