ප්‍රසන්නගේ ගාඩි හෙට සිට

ජනවාරි 19, 2023

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ දසවැනි සිනමා නිර්මාණය වන ගාඩි  (children of the sun) හෙට (20) වැනිදා සිට LFD හා CEL මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවිම අරඹයි.

1814කන්ද උඩරට රාජධානි අවසන් භාගයේ බ්‍රිතාන්‍ය පාලන සමය ආරම්භයේ ශ්‍රී ලාංකික ජනතාව ගතකළ ජීවිතය අලළා මේ සිනමාපටය නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා ඉන්දීය සහ යුරෝපීය සම නිෂ්පාදනයක් ලෙස නිම වූ මේ සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර සහ ඩිනාරා පුංචිහේවායි. අයිරාංගණී සේරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.