වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
කල්‍යාණ චන්ද්‍රසේකර
පුවත්පත් කලාවේදියකු ලෙස සරසවිය පුවත්පතෙන් තම කලා ගමන ආරම්භ කළ කල්‍යාණ පසුව සරසි පුවත්පතෙහිද කටයුතු කළේය. ඡායාරූප ශිල්පියකු ලේඛකයෙකු ලෙස කටයුතු කළ හෙතෙම චිත්‍රපට රාශියක සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන කළමනාකරුවකු ලෙස කටයුතු කළේය. නටන්නැතුව දින්නා, රජා මමයි, සේයා යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
1. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
3. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
4. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා
5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
6. විරාගය - තිස්ස අබේසේකර
7. චණ්ඩියා - ටයිටස් තොටවත්ත
8. දඩයම - වසන්ත ඔබේසේකර
9. හාරලක්ෂය - ටයිටස් තොටවත්ත
10. හතරදෙනාම සූරයෝ - නීල් රූපසිංහ
සංජීව පුෂ්පකුමාර
මාධ්‍යවේදියකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළ සංජීව කොරියාවේ චුන්ග් - අන්ග් විශ්වවිද්‍යාලයෙන් සිනමාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා සිනමාකරණයට පිවිසි අධ්‍යක්ෂවරයෙකි. ඔහු තැනූ චිත්‍රපට ජාතික සහ අන්තර් ජාතික වශයෙන් සම්මාන උලෙළ රාශියක සම්මාන රාශියක් දිනාගනිමින් අන්තර් ජාතික වශයෙන් පිළිගත් සිනමාකරුවකු බවට ඔහු පත්වෙමින් පවතියි. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි සියල්ල කෙරෙහි විචාරක අවදානය යොමු වුණු අතර ඒවා ආන්දෝලනාත්මක චිත්‍රපට විය. ඉඟිලෙන මාළු, දැවෙන විහඟුන් යන චිත්‍රපට සහ කෙටි චිත්‍රපට රැසක්ද ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
1. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. සත්සමුදුර - සිරි ගුනසිංහ
3. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
4. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
5. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
6. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
7. පුරහඳ කරුවල - ප්‍රසන්න විතානගේ
8. ඉරමැදියම - ප්‍රසන්න විතානගේ
9. අක්ෂරය - අශෝක හඳගම
10. සරිගම - සෝමරත්න දිසානායක
මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.
නිධානය - 02 පරසතු මල් - 02 වැලිකතර - 02
බඹරු ඇවිත් - 02 ගම්පෙරළිය - 02