වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්ර ජයන්තිය වෙනුවෙන් විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
ජෝදේව් ආනන්ද්
යාපනයේ ඉංග්‍රීසි ගුරුවරයකු වන ජෝදේව් ආනන්ද් සිනමාවට පිවිසෙන්නේ "පාස නිලා" නම් ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්ය. ඔහු විසින් නිර්මාණය කරන ලද ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, මිනිසුන් අතර මිනිසෙක් යන චිත්‍රපට සියල්ලම අතිශය ජනප්‍රිය විය. ඔහුගේ මුල් චිත්‍රපට සියල්ලටම ගලගෙදර ඒ.එම්. හක් ලවා නිර්මාණය කරන ලද මියුරු ස්වතන්ත්‍ර ගීත අදටත් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව තිබේ. ඔහු අවසාන වරට අධ්‍යක්ෂණය කරන ලද්දෙ ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් නිෂ්පාදනයක් වූ "රත්තතිනම් රත්තමෙ" නම් දෙමල චිත්‍රපටයයි. පසුව එය "යුක්තියට චණ්ඩියා" නමින් සිංහලෙන් දෙබස් කවා තිරගත කෙරුණි.
1. රේඛාව
2. ගම්පෙරළිය
3. ගොළු හදවත
4. නිධානය
5. සුජීවා
6. මිනිසුන් අතර මිනිසෙක්
7. පරසතු මල්
8. තුෂාරා
9. පරිත්‍යාග
10. Love 94
ධර්මසිරි බණ්ඩාරනායක
සම්මානනීය වේදිකා නාට්‍යකරුවෙක්, රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්යක්ෂවරයෙක් හා තිර පිටපත් රචකයෙක් ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මෙරට කලාවට කළ මෙහෙය අතිමහත්ය. මෙරට සිනමා කලාවේ වම් ඉවුරේ තුන්වැන්නා ලෙස අනුවර්ථ ගැන්වෙන ඔහු මෙරට සිනමාවට කලාත්මක සිනමාරූපී නිර්මාණ රාශියක් දායාද කළේය. හංස විලක්, තුන්වෙනි යාමය, සුද්දිලාගේ කතාව, භවදුක හා භවකර්ම ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වේ. මේ අතරින් හංස විලක්, සුද්දිලාගේ කතාව සහ තුන්වැනි යාමය යන සිනමාපට මෙරට සිනමාවංශ කතාවේ හැරවුම් ලක්ෂ ලෙස සටහන් වේ.
1. පරසතු මල්
2. නිධානය
3. සන්දේශය
4. රේඛාව
5. විරාගය
6. දඩයම
7. පළගැටියෝ
8. බඹරු ඇවිත්
9. ගොළු හදවත
10. වැලිකතර
ඩැනී
ඩබ්ලිව්. පතිරණ
හැත්තෑව දශකයේ බිහිවූ දක්ෂ කැමරා අධ්යක්ෂවරයකු වූ ඩැනී ඩබ්ලිව්. පතිරණ නිල්ල සොයා, ආශා දෑසින්, කස්තුරි සුවඳ වැනි සේන සමරසිංහ තැනූ ජනප්‍රිය චිත්‍රපට රශියක කැමරාව මෙහෙයවිය. ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කරන ලද්දේ "බයිසිකලේ" චිත්‍රපටයයි. ඉන්පසුව ඔහු විසින් චන්දිරා, අහිමි දඩමං, සීත සමීරේ, කවුළුව යන චිත්‍රපට නිර්මාණය කරන ලදී. ඒ අතරින් කවුළුව චිත්‍රපටය බෙහෙවින් විචාරක අවදානයට ලක්විය.
1. සංදේශය
2. නිධානය
3. දඩයම
4. කවුළුව
5. කස්තුරි සුවඳ
6. පුරහඳ කළුවර
7. රක්තා
8. විරාගය
9. බඹරු ඇවිත්
10. රෑන ගිරව්
චන්ද්‍රරත්න මාපිටිගම
චිත්‍රපට හා ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක්, වේදිකා නාට්‍යකරුවෙක්, තිරපිටපත් රචකයෙක්, ගීපද රචකයෙක් ලෙස චන්ද්‍රරත්න මාපිටිගම මෙරට කලාවට කළ මෙහෙය ප්රසංශනීයය. ඔහු මුලින්ම සිනමාවට එක්වන්නේ මලට නොඑන බඹරු චිත්‍රපටයේ සම අධ්යක්ෂවරයා හැටියටය. ඉන්පසුව සුරබිදෙන, නෙළුම්විලේ සමන්මලක්, සත්‍යාදේවි, සත්කම්පා, සිහිනය දිගේ එන්න යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. පසුව ජනප්‍රිය ටෙලිනාට්‍ය රාශියක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
1. රේඛාව
2. ගම්පෙරළිය
3. පරසතුමල්
4. නිධානය
5. වැලිකතර
6. සත්සමුදුර
7. අහස් ගව්ව
8. දඩයම
9. හංසවිලක්
10. පවුරු වළලු
චන්ද්‍රන් රත්නම්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ තිර තිරපිටපත් රචකයෙක් ලෙස චන්ද්‍රන්රත්නම් මෙරට සිනමාවට කළ මෙහෙය අතිමහත්ය. ලංකාවේ රූගත කළ ඊඩඥ ඕපඪඤඨඥ ධද බඩඥ අඪමඥ ම්ඹචඪ චිත්‍රපටයේ සහායකයකු ලෙස පාසල් වියේදීම තම සිනමා ගමන ඇරඹූ ඔහු හොලිවුඩ්හී සිනමාව හැදෑරුවේය. පසුව ලොව ඉහළම ආදායම් වාර්ථා තැබූ චිත්‍රපට ගොන්නෙන් එකක් වන "ධ්දඤඪචදච බ්ධදඥඵ චදඤ බඩඥ බඥථනතඥ ධට ඤධධථ" වැනි චිත්‍රපට ශ්‍රී ලංකාවේ රූපගත කිරීමේ කටයුතු කළේ සම්බන්ධීකරණය කළේ චන්ද්‍රන් රත්නම්ය. ආදර කතාව, ජනේලය, පොරොන්දුව, අලිමංකඩ, ඛ්ධථථධද ර්චද, මේ වගේ ආදරයක්, ඒජජධපඤඪදඨ බධ ර්චබබඩඥඹ යන චිත්‍රපට හෝ විසින් අධ්‍යක්ෂණය කර ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු විසින් සම අධ්‍යක්ෂණය කළ ට්ඩධඵබ ඛ්චද'බ ච්ධ ධ්බ චිත්‍රපටයේ රඟපා ඇත.
1. ගඟ අද්දර
2. නිධානය
3. අලිමංකඩ
4. ඇගේ ඇස අග
5. According to Matthew
6. ගැහැණු ළමයි
7. වෑකන්ද වලව්ව
8. පවුරු වළලු
9. ජනේලය
10. තීර්ථ යාත්‍රා
මේ සතියේ
නිධානය ඉදිරියෙන්