අඳුරු ආදම්ගේ වික්‍රම 'Black Adam'

ඔක්තෝබර් 20, 2022

ඊජිප්තුවේ පුරාණ මනඞකල්පිත ඛන්දක් නම් නගරයේ බලගතුව සිට, වසර පන්දහසක සිරදඬුවමකින් පසු වර්තමානයට මුදාහරිනු ලැබූ සුපිරි බල ඇති ප්‍රති-වීරයෙකි. තමන්ටම ආවේණික දරුණු ක්‍රම මඟින් යුක්තිය පසිඳලන ඔහු 'Black Adam'හෙවත් අඳුරු ආදම් නම් වේ. ඇඩම් ගේ දරුණු ක්‍රියා සුපිරි වීරයන්ගෙන් සමන්විත ඇමෙරිකානු යුක්තිය පිළිබඳ සංගමයේ අවධානයට ලක්වන අතර සංගමයේ සාමාජිකයන් ඇඩම් වෙත යන්නේ ඔහු යටත් කරගැනීම සඳහායි. ඇඩම් අභිමුවට පැමිණෙන ඔවුහු ඇඩම්ගේ 'සාමකාමී යටත්වීම' පිළිබඳ නීති රෙගුලාසි ඔහු වෙත දැනුම්දේ. ඔවුන් අබමල් රේණුවක් තරම්වත් නොතකන තමා කිසිසේත්ම 'සාමකාමී' චරිතයක් නොවන බවත් කිසිවෙකු ඉදිරියේ දණ නොනමන බවත් ඔවුනට ක්‍රියාවෙන් පසක් කර දෙයි. ඇඩම්ගේ බලය වටහා ගන්නා කණ්ඩායම ඔහුට කියා දෙනුයේ, ඔහුටද වඩා බලගතු වූ කිරිරු බලවේගයක් ලෝ විනාශ කිරීමට මාන බලන බවත් සියල්ලන්ගේම ඉරණම දුෂ්ටයෙක් හෝ වීරයෙක් වී සිටීම ගැන ඇඩම් ගන්නා තීරණය මත රඳා පවතින බවත්ය.

මෙලෙස දිගහැරෙන ඕතචජඬ ඒඤචථ යනු 'අඳුරු ආදම්' නම් වූ ඩීසී චිත්‍රකතා චරිතය මත පදනම් වූ 2022 ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයකි. එය 2019 තිරගත වූ ඉඩචලචථ චිත්‍රපටය මත පදනම් වූ අතුරු කතාවකි.  DC Extended Universe (DCEU) හි 11 වැනි චිත්‍රපටය වන මෙය ජෙයුමි කොලෙට් සෙරා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ඇඩම් සසටිකෙල්, රොරේ හෙයින්ස් සහ සොහාර්බ් නොශිර්වානි රචනා කර ඇත. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඩ්වේන් ජොන්සන් නිරූපණය කරන අතර සෙසු චරිත ඇල්ඩිස් හොජ්, නොආ සෙන්ටිනෝ, සාරා ශාහි, මර්වාන් සෙන්සාරි, කුයින්ටෙසා ස්වින්ඩෙල් ඇතුළු පිරිසක් නිරූපණය කරති. හෙට (ඔක්තෝබර් 21) සිට ලොව පුරා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය විනාඩි 124 ක් පුරා දිවෙන අතර අමෙරිකානු ඩොලර් මිලියන 200 - 250 ක් අතර පිරිවැයක් දරා නිර්මාණය කර ඇත.

ඇඩම් ට අමතරව DCEU හි මෙතෙක් කල් කරළියට නොපැමිණි සුපිරි වීර සහ අනෙකුත් චරිත කිහිපයක්ම මෙම චිත්‍රපටය සමඟ රිදී තිරයට නැං වේ. එම චරිත අතර, කාටර් හෝක් හෙවත් හොක්මන් යනු ආදම්ව වහල්භාවයට පත් කළ ඊජිප්තු කුමරු කුෆුගේ පුනරුත්පත්තිය වන අතර ඔහු ලෝහ පියාපත් වලින් පියාසර කිරීමේ බලය ඇති පුරාවිද්‍යාඥයෙකි. තමන්ගේ ශරීරයේ ව්‍යුහය පාලනය කළ හැකි ඔහුගේ ප්‍රමාණය සහ ශක්තිය වෙනස් කරගත හැකි රෝත්ස්ටීන් තවත් චරිතයෙකි. අද්රියානා තෝමස් විශ්වවිද්‍යාල මහාචාර්යවරියක වන අතර ඛන්දක්හි විප්ලවකරුවන් අතර ප්‍රධාන චරිතයකි. ඉන්ටර්ගැන්ග් නම් අපරාධ සංවිධානයේ සටන්කාමී නායකයා වන සබක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා වේ. මක්සීන් හන්කල් හෙවත් සයික්ලෝන් සුළඟ සහ ශබ්දය පාලනය කළ හැකි පෙර විසූ සුපිරි වීරයෙකුගේ මිනිබිරියකි. මන්ත්‍ර බල උගත් කෙන්ට් නෙල්සන් පුරාවිද්‍යාඥයෙකි.