වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ආරක්ෂාවේ බැඳීම

රක්ෂා බන්ධන් යනු සාම්ප්‍රදායික හින්දු චාරිත්රයකි. ‘රක්ෂා බන්ධන්’ යන්නෙහි අරුත ආරක්ෂාව, බැඳීම හෝ රැකවරණය වේ. හින්දු බැතිමතුන් විසින් මෙය හින්දු චාරිත්‍ර අනුව උත්සවාකාරයෙන් සැමරේ. රක්ෂා බන්ධන් සැමරීම සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී යෙදී ඇත.
එහිදී සහෝදරියන් තම සහෝදරයන්ගේ මැණික් කටුව වටා රාඛී ලෙස හඳුන්වන අත් පලඳනාවක් ගැට ගසනු ලබයි. එහිදී සහෝදරයෝ තම සහෝදරියන්ගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් පොරොන්දු වී ත්‍යාග ලබා දීම සිදු කරති.
මීට දෙවසරකට පෙර ලොව පුරා ගෞරවයට පත් වූයේ භාරතයේ ගීත කෝකිලාව ලෙස නම් ලද අභාවප්‍රාප්ත ලතා මංගේෂ්කාර් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යැවු රක්ෂා බන්ධන් සුබ පැතුමයි. එහිදී රක්ෂා බන්ධන් පලඳනාවක් යවමින් ඇය ඉල්ලා සිටියේ රට ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වීම ඇයට අවශ්‍ය බවයි. 1975 වසරේදී තිරගත වූ ‘ජායි සන්තෝෂි මා‘ චිත්‍රපටය සහ 1941 වසරේදී තිරගත වූ ‘සිකන්දර්‘ චිත්‍රපට හින්දි සිනමාවේ රක්ෂා බන්ධන් චාරිත්‍රය තේමා කර ගත සිනමා නිර්මාණ විය. ඉන්දීය නිදහස් දිනය යෙදී තිබෙන අගෝස්තු 11 වැනිදා සිට ‘රක්ෂා බන්ධන්‘ නමින් හින්දි සිනමාපටයක් රිදී තිරයේ දිග හැරීමට නියමිතව ඇත. එය ආනන්ද් එල්. රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ හිමන්ශු ශර්මා සහ කණිකා ඩිලොන් රචනා කළ හින්දි හාස්‍යමය චිත්‍රපටයකි.
ලාලා කේදර්නාත් සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුතු වැඩිමහල් මෙන්ම එකම සහෝදරයා වේ. ඔහු සිය පියා විසින් ආරම්භ කරන ලද වෙළෙ`ද සැලක් පවත්වාගෙන යයි. තම සොහොයුරියන් හට නිසි වයසේදී ගැළපෙන විවාහ කර දීමේ වගකීම ඉටු කිරීමෙන් පසුව පමණක් තමා විවාහ වන බවට ලාලා දුර්වලව මරණ මංචකයේ සිටින තම මවට පොරොන්දු වේ. ලාලා පෙම්වතෙකි. ඔහුගේ ආදරය දිනා සිටින්නේ ළමා කාලයේ හොඳම මිතුරිය වූ සප්නාය. මවට වූ පොරොන්දුව සමඟ සහෝදරියන් සඳහා වූ කැපවීම ලාලා සහ සප්නාගේ ආදර කතාවේ ඉදිරිය ගොඩනැගීමට බාධාවක් වී ඇති බව පෙනේ. රක්ෂා බන්ධන් චිත්‍රපටය ගෙන එන්නේ ලාලාගේ ආදර ජීවිතය සමඟ පවුලේ සාරධර්ම ආරක්ෂා කරමින් තම සහෝදරියන් විවාහ කර දීම වෙනුවෙන් වූ ලාලාගේ නොපසුබට උත්සාහයයි.
රක්ෂා බන්ධන් චිත්‍රපටයේ ලාලා කේදර්නාත් ලෙස ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ආක්ෂේ කුමාර්ය. ආක්ෂේ බොලිවුඩයේ ක්‍රියාදාම චිත්‍රපට සඳහා වඩාත් ප්‍රසිද්ධ වුවන් ඔහුගේ මෑත කාලීන චිත්‍රපට අතරින් බොහොමයක් සමාජ ගැටලූ විසඳීමට ගත් උත්සාහයන් ලෙස දැකගත හැකි වේ. රක්ෂා බන්ධන් චිත්‍රපටයට පෙර ටොයිලට් : ඒක් පේ‍්‍රම් කතා සහ පෑඞ් මෑන් ඉන්දීය සමාජයේ සෞඛ්‍ය පුරුදු පිළිබඳ අවධානය යොමු කළ චිත්‍රපට වේ. රක්ෂා බන්ධන් චිත්‍රපටයේදී ආමන්ත්‍රණය කරන සමාජ ගැටලූව වන්නේ දෑවැද්දයි. ඉන්දීය සමාජයේ, විශේෂයෙන් කුඩා නගරවල තරුණියන්ගේ පවුල් ඔවුන් විවාහ කර දීමට යෝජිත තරුණයන්ගේ පවුල්වලට මුදලක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයකි. මේ හේතුව නිසා අඩු ආදායම්ලාභී පවුලක ගැහැනු ළමයින් සිටීම මූල්‍යමය බරක් සේ සැලකේ. මේ අනුව රක්ෂා බන්ධන් චිත්‍රපටයේදී සහෝදරියන් සිව්දෙනෙකු විවාහ කර දීම වෙනුවෙන් සහෝදරයකුගේ කැප වීම පෙරදැරි කොට ගෙන දෑවැද්ද කතා බහට ලක් කර තිබේ. එහිදී අක්ෂේ කුමාර් සමඟ සප්නා ලෙස භූමි පෙඞ්නේකර් ඇතුළුව සහේජ්මීන් කෞර්, දීපිකා ඛන්නා, සාදියා කතීබ්, ස්මෘති ශ්‍රීකාන්ත්, සීමා පහ්වා රංගනයෙන් දායක වී සිටිති.