ලොව පුරා ඕනෑම රටක ජීවත්වෙන ශශ්‍රී ලාංකික දූ දරුවන් සඳහාWorld Dancing Star 2026 නමින් තරඟාවලියක් පැවැත්වීමට නියමිත බව සරසවියට වාර්තා විය.
මේ සඳහා ඉදිරිපත් වන තරඟකරුවන් තමාගේ නර්තන අංගය (විනාඩියක පමණ කාලයක්) වීඩියෝවක් මඟින් මාර්ග ගත ක්‍රමයට යොමු කළ යුතුය. එම ක්‍රමයට අනුව පළමුවට දෙක සිදුකරන අතර දෙවෙනි වටයෙන් පසු අවසන් මහා තරඟය පවත්වනු ලැබේ. ඒකල, යුගල සහ කණ්ඩායම් වශයෙන් මෙම තරඟය සඳහා ඉදිරිපත් විය හැකිය. සම්ප්‍රදායික හෝ බටහිර ඕනෑම නර්තන ශෛලියකින් නර්තනාංග ඉදිරිපත් කළ හැකිය. නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ සහ බටහිර නර්තනාචාර්ය කෙවින් නුගාර ඇතුළු නර්තන ක්ෂේත්රයේ විද්වතුන් පිරිසක් මඟින් තරඟාවලිය විනිශ්චය කරනු ලැබේ.
නර්තනාචාර්ය ලලිත් පැරකුම් ප්රමුඛ LP ඉවෙන්ස් නර්තනායතනය සංවිධානය කරනු ලබන World Dancing Star 2026 නුදුරේදීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
World Dancing Star 2026
2
previous post
