චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Father ‘ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතය. 70 – 90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘Father ‘ හි මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න ගෙනි. සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි සහ අමිත් ගුරු ගෙනි. ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ විසිපස් වසරක සංගීත ජීවිතයේ පළමු සිනමා පසුබිම් ගායනය එළි දකින්නේද Father සිනමාපටයෙනි.
මෙහි කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදූවත්ත වන අතර ඇඳුම් නිර්මාණය සවන් පවිත්‍ර විසිනි. වේශ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායක විසින් සිදුකර ඇති අතර සංස්කරණය සිතුම් සමරජීවගෙනි.
‘Father ‘ චිත්‍රපටයට ජනප්‍රිය නළු නිළියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් රංගනයෙන් එක්වෙති.
