Home » Father චිත්‍රපටයේ නිල පෝස්ටරය එළිදකී

Father චිත්‍රපටයේ නිල පෝස්ටරය එළිදකී

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ පළමු වරට සිනමා පසුබිම් ගායනයට

by Thanushika
July 31, 2025 11:08 am 0 comment

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Father ‘ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතය. 70 – 90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ජ්චබඩඥප’ චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය පසුගිය දා නිකුත් කෙරිණ.

මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න ගෙනි. සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි සහ අමිත් ගුරු ගෙනි. ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ විසිපස් වසරක සංගීත ජීවිතයේ පළමු සිනමාපට පසුබිම් ගායනය එළි දකින්නේද Father සිනමාපටයෙනි.

මෙහි කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදූවත්ත වන අතර ඇඳුම් නිර්මාණය සවන් පවිත්‍ර විසිනි. වේශ නිරූපණය ප්‍රියන්ත එස්. වන්නිනායක විසින් සිදුකර ඇති අතර සංස්කරණය සිතුම් සමරජීවගෙනි.

‘Father ‘ චිත්‍රපටයෙහි ජනප්‍රිය නළු නිළියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් රංගන දායකත්වය සපයා ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT