Home » Die Tomorrow අරමුණ ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිනමාවේ නවමු හැඩයක් ඇති කිරීමයි

Die Tomorrow අරමුණ ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිනමාවේ නවමු හැඩයක් ඇති කිරීමයි

-නිෂ්පාදක නසීර් අල්කෙටිබ්

by Thanushika
May 8, 2025 12:20 pm 0 comment

නසීර් අල්කෙටිබ් එක්සත් එමීර් රාජ්‍යයේ වෙසෙන චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයකු (Independent producer) ලෙස ලෝක සිනමාවේ ස්ථානගත වේ. ඔහු Desert Visions LLC නම් නිෂ්පාදන සමාගමේ සභාපතිවරයාද වෙයි. නිෂ්පාදන සමාගම හරහා නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය වනුයේ ‘Die Tomorrow’ වේ. විශේෂත්වය වන්නේ චිත්‍රපටයේ තාක්ෂණික ශිල්පීන් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලාංකීකයන් වීමයි. මෙවර සරසවිය හරහා ඉඩ වෙන්වන්නේ ‘නසීර් අල්කෙට්බ්’ සමඟ සිදු කළ කතාබහ සමඟිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විවිධත්වයන් සහිත ඉතිහාසයක් සහ සංස්කෘතියක් අන්තර්ගත වීම නිසා අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිත්‍රපට කර්මාන්තයේ තත්ත්වය කෙබඳුද?

ඔවි. මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිත්‍රපට කර්මාන්තය දිහා නිරීක්ෂණය කළහොත් යටිතල පහසුකම්, රජයේ සහයෝගය සහ වැඩි වැඩියෙන් බහු සංස්කෘතික වශයෙන් අත්පත්කරගෙන ඇති ප්‍රවණතාවයන් සමඟ නව හැරවුම් ලක්ෂ්‍යය වී තිබෙනවා. කලාපීය වශයෙන් අනතර්ජාතික නිෂ්පාදන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට එමීර් රාජ්‍යය පත්වී තිබෙනවා. කලාව සහ සිනමා නවෝත්පාදනය සඳහා අපේක්ෂා කරන සිනමාකරුවන් සඳහා සාරවත් භූමියක් එමීර් රාජ්‍යය තුළ නිර්මාණය වී තිබෙන බව මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනයේ දිගු ඉතිහාසය සහ ස්ටීවන් ස්පීල්බර්ග් වැනි අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලංකාවේ තාක්ෂණික කුසලතා භාවිතා කරමින් මෙහි පැමිණ රූගත කිරීම් සිදු කර තිබෙනවා. එම වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ චිත්‍රපට කර්මාන්තයට සහ ගෝලීය චිත්‍රපට කර්මාන්තයට එකවර ඒකාබද්ධ කිරීමට ඔබ කෙරෙහි සැලසුම් තිබේද?

ඔවි. නියත වශයෙන්ම. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක වශයෙන් පවතින සොබා සෞන්දර්ය සහ උරුමය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්පත් සහ අන්තර්ජාතික දැක්ම සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ස්පිල්බර්ග් වැනි ඉහළ පෙළේ අධ්‍යක්ෂවරුන් ශ්‍රී ලංකාවට ඇවිත් නිෂ්පාදන කර තිබෙනවා. එවැනි ආකාරයේ විදෙස් නිෂ්පාදන විධිමත් කිරීම මගේ අරමුණයි. විශේෂයෙන් රටවල් දෙකක සහයෝගයෙන් සම නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කෙෙරමින් පවතිනවා.

ඔබට එක්සත් ජනපදයේ ද සමාගමක් තිබේ; එය ඩෙසර්ට් විෂන්ස් හි ශාඛාවක්ද නැතහොත් එය ස්වාධීන නොවන ස්ටුඩියෝ මාර්ගයක ක්‍රියාත්මක වේද? ඒ සඳහා ඔබේ සැලසුම් මොනවාද සහ එම සැලසුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්ත දෙකටම බලපාන්නේ කෙසේද?

මම මගේ සමාගම හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු ආසියාව අතර නිෂ්පාදන සහයෝගීතා මාර්ගයක් නිර්මාණය කරමින් තිබෙනවා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවන ගුණාත්මකබවින් යුතු නවමු කථා සහ බහුසංස්කෘතික ප්‍රවාහයන් ප්‍රවර්ධනය කිරීම එක් අරමුණක්. විශේෂයෙන් යුරෝපය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්ත යන ත්‍රිත්වය ආවරණය වන පරිදි ගෝලීය පරිමාණයෙන් සිනමාව ශක්තිමත් කිරීම මගේ අදහස.

ඔබ නිෂ්පාදනය කළ ‘ඩයි ටුමෝරෝ’ චිත්‍රපටය කෙබඳු චිත්‍රපටයක්ද? එහි නිර්මාණයට පසුබිම කුමක්ද?

‘ඩයි ටුමාරෝ’ කියන්නේ ඓතිහාසික චිත්‍රපටියක්. එය අධ්‍යක්ෂණය කරන්නේ අර්ජුන් උපේන්ද්‍ර විසින්. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. චිත්‍රපටයේ කතාව ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන් පිළිබඳව. එක් පසෙකින් අනිත්‍යභාවය සහ සොබා සෞන්දර්ය ගවේෂණය කරන ඓතිහාසික ශානරයේ චිත්‍රපටයක්. ඇත්තටම චිත්‍රපටය පිළිබඳ අදහස ආවේ කෝවිඩි වසංගතය අතරතුර . ජීවිතයේ බිඳෙනසුලු බව මට චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයාට දනවන්න අවශ්‍ය වුණා. මට අවශ්‍ය වුණේ හෙට දවස අවිනිශ්චිත, මරණය සහ මෙලන්කෝලියාව දෙකම කතා කරන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. අපි දැන් සිටින්නේ චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතුවල. ඒ කියන්නේ සංස්කරණ අදියරේ. මෙහි නළු නිළියන් එක්සත් රාජධානියෙන් සහ කැනඩාව යන රටවලින් සම්බන්ධ කර ගත්තා. මෙහි තාක්ෂණික කණ්ඩායම ලංකාවෙි.

ඔබ චිත්‍රපට නිෂ්පාදකයෙක්. චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස, ලෝක සිනමාව සහ එහි ප්‍රවණතා පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ලෝක සිනමාව ඇතුළේ තවදුරටත් බෙදීමි නෑ. ඒ සියළු මායිම් රේඛා බොඳ කරන නව මාර්ගගත ප්‍රවාහ වේදිකා (ධදතඪදඥ ඵබපඥචථඪදඨ) සිත් ඇදගන්නාසුලු මුහුණුවරකට පිවිසෙමින් තිබෙනවා. උදාහරණයක් විදියට නෙට්ෆ්ලික්ස්. ප්‍රේක්ෂකයින් වෙන කවරදාටත් වඩා බටහිර නොවන ආඛ්‍යාන එහෙමත් නැත්නම් චිත්‍රපට සඳහා විවෘත වෙලා තියෙනවා. විශේෂයෙන් ඉරාන, කොරියානු සහ ජපාන චිත්‍රපට වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරය විවෘත වී තිබෙනවා. විශේෂයෙන් සාම්ප්‍රදායික හොලිවුඩි බ්ලොක්බස්ටර් චිත්‍රපට පවා නිර්මාණය කරන්නේ ආසියානු නළු නිළියන් සම්බන්ධ කරගෙන. එය හොඳ ප්‍රවණතාවයක් සම නිෂ්පාදනයන් සම්බන්ධයෙන්.

ශ්‍රී ලාංකික සිනමාව අන්තර්ජාතික වේදිකාවට ගෙන යාම පිළිබඳව ඔබේ අදහස කුමක්ද? උදාහරණයක් ලෙස, දැනට නිකුත් වෙමින් පවතින ‘නෙලුම් කුලුන’ වැනි චිත්‍රපටයක්. එය දැන් භාෂා කිහිපයකින් ප්‍රතිනිර්මාණය වෙමින් පවතී.

ඇත්තටම අපට දැන් අවශ්‍ය වන්නේ හොඳ අලුත් තිර පිටපත්. ප්‍රේක්ෂකයාව කුල්මත් කරන කතන්දර. ඒ වගේම අලෙවිකරණ උපායමාර්ග මඟින් අනතර්ජාතික වෙළඳපොලට පිවිසිය හැකි නෙලුම් කුලුන වැනි චිත්‍රපට. ඒ සඳහා අනතර්ජාතික වශයෙන් සම නිෂ්පාදනය කිරීම වැදගත්. උදාහරණයක් විදියට හොලිවුඩ් පවා මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සමඟ සම නිෂ්පාදන කරනවා.

චිත්‍රපටවලට ආදරය කරන පුද්ගලයෙකු ලෙස, ඔබේ ප්‍රියතම චිත්‍රපට මොනවාද? ඔබේ සිනමාවට වඩාත්ම බලපෑම් කළ අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට මොනවාද?

මම ‘වොන්ග් කාර් වාර්’, ‘ඇස්ගාර් ෆර්හාදි’, ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ වැනි අධ්‍යක්ෂවරුන්ට කැමතියි. සාම්ප්‍රදායික කතන්දර කීමට අභියෝග කරන සහ ගැඹුරු චිත්තවේගීය සම්පතක් ඇති කරන සිනමාකරුවන් ඔවුන්. ඒ වගේම Bravehear සහ In the Mood for Love, separation  සහ the Prestige  වැනි චිත්‍රපටවලට කැමතියි.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT