නිවස කළා පුවත් AI තාක්ෂණයෙන් ගීත සමුච්චයක්

AI තාක්ෂණයෙන් ගීත සමුච්චයක්

by Thanushika
September 19, 2024 9:09 am 0 comment

ආචාර්ය හංසමාලා රිටිගහපොළ මෙහෙයවීමෙන් සිංහල විෂයය හදාරන තෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ‘කාව්‍යාවලී’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමෙ උත්සවය පසුගිය දින විශ්වවිද්‍යාලයීය සුමංගල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඊට සමගාමිව ඒධ් තාක්ෂණය ඇසුරින් නිර්මාණය කළ ගීත සමුච්චයක්ද එළි දැක්විණි. එහි ගේය පද රචනය සිංහල විශේෂවේදි සිසු සිසුවියන් විසින් සිදුකර ඇති අතර සංගීතය හා ගායනය ඒධ් තාක්ෂණයෙන් සිදු කර ඇත. ඉන් එක් ගීතයක් සජීවව සිසුවියක විසින් ගායනා කරන ලද අතර ජයග්‍රාහී නිර්මාණ සඳහා සම්මාන ඵලක හා මුදල් ත්‍යාග පිරිනැමිමක්ද සිදුකෙරිණ.

මහින්ද කරුණාරත්න මහතා, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා, සම්මානිත කිවිවර බුද්ධදාස ගලප්පත්ති, රංජිත් මල්ලියාවඩු, මහාචාර්ය කුසුමලතා ලංකාමුල්ල, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ආදින්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි. එහිදී ‘ශ්‍රී ලංකාතිලක මහින්ද කරුණාරත්න සම්මාන’ ද්විත්වයත්, බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍ය සම්මානයත්, හේම නලින් කරුණාරත්න අනුස්මරණ සම්මානයත් පිළිවෙළින් ප්‍රශස්ත පද්‍ය කාව්‍ය රචනය, ප්‍රශස්ත පද්‍ය විචාරය, දක්ෂතම ගේය කාව්‍ය රචනය සහ නිර්මාණාත්මකම රූපරචනය උදෙසා පිරිනැමිණි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT