Home » 70 වැනි ෆිල්ම් ෆෙයාර් උලෙළේ අසිරිය

70 වැනි ෆිල්ම් ෆෙයාර් උලෙළේ අසිරිය

by Thanushika
October 30, 2025 12:30 am 0 comment

බොලිවුඩි සිනමාවේ මහා මංගල්ලය ලෙස සැලකෙන ෆිල්ම්⁣⁣ෆෙයාර් සම්මාන උළෙල පසුගියය දා අහමදාබාද් නුවර කන්කරියා ලේක් හි ‘Eka Arena’ ක්‍රීඩාංගණයේ වර්ණවත් ලෙස පැවැත්විණ. මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පැවැත්වූයේ 70වැනි වරටයි. 2024 වසරේ තිරගත වූ හින්දි චිත්‍රපට වෙනුවෙන් සම්මාන 24 යටතේ සම්මාන ප්‍රදානය වූ අතර නිවේදකයන් ලෙස මෙවර කටයුතු කළේ නළු ෂාරුක් ඛාන්, කරන් ජොහාර් සහ මනීෂ් පෝල් විසිනි. 2024 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ප්‍රතිචාරයක් හිමිකරගත් ‘ලාපටා ලේඩ්ස්’ චිත්‍රපටයයි.

එහිදි ‘ලාපටා ලේඩ්ස්’ නිර්දේශ නාම 24ක් වෙනුවෙන් සම්මාන 13කට හිමිකම් කීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් සේම එය වාර්තාවක් බවට පත්විය. මන්ද කිසිදු සිනමාපටයක් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඉතිහාසය තුළ නිර්දේශ නාම 24ක් ලබාගෙන තිබුණේ නැත. එමෙන්ම ෆිල්ම්ෆෙයාර් සම්මාන ඉතිහාසයේ තුළ මීට පෙර සම්මාන 13ක් දිනාගෙන ඇත්තේ ‘ගලී බෝයි’ චිත්‍රපටය පමණී. එහිදි හොඳම අධ්‍යක්ෂණය ලෙස ලාපටා ලේඩ්ස් චිත්‍රපටය වෙනුවෙන් කිරන් රාඹි සහ හොඳම තිර පිටපත, හොඳම සහය නළුවා, හොඳම දෙබස්, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගී පද රචනය, හොඳම ගායනය ඇතුළු සම්මාන 13ක් දිනා ගත්තේය.

හොඳම නළුවා ලෙස මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේ නළු අභිෂේක බච්චන් සහ කාර්තික් ආර්යන් විසිනි. අභිෂේක් බච්චන් විසින් ‘I want to talk’ චිත්‍රපට⁣යේ සිදු කළ සංවේදී චරිතය වෙනුවෙන් ඔහු හොඳම නළුවා සම සම්මානයෙන් පිදුම් ලැබීය. අභිෂේක් ෆිල්මිෆෙයාර් සමිමානයක් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි. නළු කාර්තික් ආර්යන් විසින් රඟපෑ ‘චන්දු චැම්පියන්’ චිත්‍රපටයේ රඟපෑවේ ඉන්දියාවට පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනා දුන් ‘මුර්ලිකාන්ට්’ නම් පිහිනුම් ශූරයාගේ චරිතයයි.

ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ජිග්‍රා (Jigra) චිත්‍රපටය වෙනුවෙන් නිළි ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. නමුත් ඇය විසින් සම්මාන උළෙලට සහභාගී වූයේ නැහැ. ඇය වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ කරන් ජොහාර් විසිනි. මේ සමඟ මෙතෙක් ආලියා විසින් ෆිල්ම්ෆෙයාර් සම්මාන හයක් දිනාගෙන ඇති අතර හොඳම නිළිය ලෙස වැඩිම වරක් සම්මාන ලැබු නිළිය ලෙස වාර්තා පොත් අතරට එක්වෙයි. මෙවර ෆිල්ම්ෆෙයාර් රතු පලස ද විවිධාකාර ඇඳුම් මෝස්තරවලින් හැඩ වූ අතර සම්මාන උළෙල සඳහා නළු ෂාරුක් ඛාන් සහ ආක්ෂේ කුමාර්, නිළි ක්‍රිති සනොන්, නිළි කාජල් ඇතුළු පිරිස ඉදිරිපත් කළ රංගනයන් නරඹන්නන් අතර වඩාත් කැපී පෙනුණහ.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT