මෙරට සිනමා ක්ෂේත්‍රයේ මහා නළු පරපුරේ වර්තමානයේ සිටින ජ්‍යෙෂ්ඨතම රූපණවේදියා වනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියය. ඔහුගේ සිනමා දිවි ගමනේ දශක පහක අතිආකර්ෂණීය ගමන්මඟ පරිපූර්ණය කරමින් තවමත් මෙරට සිනමා , කලාව වෙනුවෙන් තම ජීවිතය පුදකළ ඔහුට උත්තමාචාර පුද කෙරෙන , මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් එළඹෙන ජුනි 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරෙනු ලැබේ. පුරා දශක පහකට අධික කාලයක් රවීන්ද්‍ර රන්දෙණිය දේශිය සිනමාව වෙනුවෙන් කළ මෙහෙවරට මෙවන් උත්තමාචාරයකින් කෘතගුණ සැලකීම ඉතා කාලෝචිතය. ඒ් ඔහු මෙරට සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර මෙතැකැයි මනින්නට හෝ කියන්නට නොහැකිවන හෙයිනි. රංගන ශිල්පියෙක් වශයෙන් ඔහු මෙරට සිනමා ඉතිහාසයට ඉතිරිකළ සුවිශේෂ රංග පෞරුෂයට සමාන කරන්නට රවීන්ද්‍ර හැර වෙනත් කිසිවෙකුත් අතීතයේ සිටියේද නැත. වර්තමානයේද නැත. අනාගතයේද කෙනුකු බිහි වෙතැයි විශ්වාස කළ නොහැකිය. ඒ් තරමටම ඔහුගේ රංග කලාව ඔහුටම අනන්‍ය වූ, ඔහුටම ආවේණික වුවක් බැවිනි. ඔහු උත්පත්තියෙන් රැගෙන ආ පාංශු දේහදාරි උත්තුංග පෞරුෂයට, ඔහු ඒකතු කරනු ලබන්නාවූ භාවමය හැඟිම් ප්‍රකාශනය ඒක්තැන් වූ කල මැවෙන අපේ සිනමාවේ මහා රංග පෞරුෂය තවත් තැනක , තව කවුරුන් හෝ තුළින් කෙදිනකවත් අපට හමු නොවනු ඇත. ඒ් රවීන්ද්‍ර රන්දෙණියලා අපට ඉන්නේ ඒක් අයෙකු බැවිනි..
ඉදින් මේ අසහාය පෞරුෂය හිමි, විග්‍රහ කල නොහැකි තරම් වන රංග කර්තව්‍යයේ සුවිශේෂත්වයක් හිමි රවීන්ද්‍ර රන්දෙණියගේ පනස් වසරක සිනමා දිවි ගමන් මඟ සමරන අවස්ථාවේ , මේ කතා බහ අතීත දිවි සැමරුම් මතක සමඟ ඔහුගේ අත්දැකීම් බෙදා හදා ගැනීම වෙනුවෙනි.
සිනමා ජිවිතයේ අඩසියවසක් සම්පූර්ණ කරන මේ මොහොතේ සිනමා දිවිය දෙස ආපස්සට හැරි බලනවිට ඔබට මොනවද හිතෙන්නේ?
ඒ්ක ගැන කෙටි වචනයකින් කියනවා නම් ‘මම හරිම තෘප්තිමත්’ කියලා තමයි කියන්න තියෙන්නේ. පුරා වසර 50ක් මම සිනමාවේ රැඳීලා ඉඳලා තියෙනවා කියන ඒක මටත් කල්පනාවට ආවේ බෝහෝ පිරිසක් ඒ් ගැන කතා බහ කරනකොට තමයි. විශේෂයෙන් මේ උපහාර උත්සවය තියන්න සාකච්ඡා කරන කොට තමයි මටත් හිතුණේ මම සිනමාවට ඇවිත් අවුරුදු 50ක් නේ කියලා. මම සිනමාවට ආවේ මේ තරම් දුරක් සිනමාවේ ඒන්න හිතාගෙන නොවෙයි. නමුත් මේ ක්ෂේත්‍රයට පිවිසුණාට පස්සේ ඒ් කාලය ගතවුණා මටත් දැනුණේ නෑ. මේක හරිම ආශ්වාදනිය , සුන්දර මාධ්‍යයක්. රංගනය කියන කාර්යය කෙතරම් වෙහෙසකර කටයුත්තක් වුණත් , සුන්දරත්වය සමඟ ගතවෙනවිට ඒ් කාලය යනවා දැනෙන්නේ නැ. මම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිමයෙන් කැපවුණා. ඒ කැපකිරිම් සමඟ මට වාසනාව හිමිවුණා මේ ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් යන්න. ඒ්ක කෙනෙකුට ලේසියෙන් පහසුවෙන් හම්බවෙන දෙයක් නොවෙයි. නමුත් මගේ ජිවන ගමන දිහා බලනකොට මට ඒ්ක බොහොම පහසුවෙන් ළඟාකර ගන්න අවස්ථාව හිමුවුණා.
මම ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණාට පස්සේ පියවරෙන් පියවර ඒ් ගමන යන්න මට අවස්ථාව සැලසෙනවා. මේ ආපු ගමන්මඟ දිහා ආපස්සට හැරිලා බලනවිට මට දැනෙනවා විශාල දේවල් සිනමාව වෙනුවෙන් කරලා තියෙනවා කියලා. රංගනයෙන් මම ඒක්වුණ චරිත දිහා බලනකොට විවිධාකාරයේ චරිතාංග රංගනයන්ට මම ඒකතුවුණා. අද ඒ් සියල්ලම අපේ සිනමාව තුළ ඉතිරිවෙලා තියෙනවා. ඒ් ගැන මට සතුටුයි..
ඔබ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ඇසුරේ වැඩෙමින් , ‘ මුදු පුත්තු වැනි වේදිකා නාටයවල රගපාමින් කලාවට පැමිණියෙක්. නමුත් පසුකාලීනව ඔබ සිනමාවටම සින්න වෙනවා. ඒ් ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම කියනවා නම් මට වේදිකාව. තුළ කෙටි කාලයක් තමයි රැඳෙන්න වුණේ. සිනමාවට ප්‍රවිෂ්ට වුණාට පස්සේ දිගින් දිගටම ඒ්තුළ රැදෙන්න සිද්ධ වුණා. මම හිතන්නේ 1980 දශකයේ කරපු ජුලියස් සීසර් නාට්‍යයෙන් පස්සේ මට වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැතිවෙනවා. මම සිනමාවේ දිගු ගමනක් ආවා තමයි. නමුත් මම හිතනවා මගේ වේදිකා නාට්‍ය ජිවිතය සම්පූර්ණයෙන්ම සිනමාවෙන් වසා ගත්තා කියලා. නැත්නම් සිනමාව විසින් මගේ වේදිකා ජිවිතය නැති කළා.
වේදිකාව ඇසුරේ වැඩුණු ඒ් අතීතය කොයි වගේද?
ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ඇතුළේ නාට්‍ය කලාව හදාරන අවධියේ වේදිකා රංගනය පිළිබඳ සියලු අභ්‍යාසයන් අපි ඒහෙදි ඉගෙන ගත්තා. නළුවෙකුගේ රංග වින්‍යාසය කොයි ආකාරයෙන් සකස්කර ගත යුතුද? ඒ් සඳහා කළ යුතු අභ්‍යාස, අපි තවදුරටත් හැදැරිය යුතු දේවල් මොනවාද? මේ සියල්ලම නොඅඩුවම අපට ඒතැනින් ලැබුණා. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන පසුකාලීනව මගේ සිනමා රංගනය සඳහා මට විශේෂයෙන් උපකාරි වෙන්නේ මේ රංගන අභ්‍යාස සහ ඒයින් ලැබුණු දැනුම. මගේ රංගනයේ මුල් පදනම ශක්තිමත්ව වැඩුණේ ඒතැනින් කියලා මම විශ්වාස කරනවා.
සිනමා රංගනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක්, ක්‍රමවේදයක් , හැදැරීමක් කරන්නට පහසුකම් නොමැති රටක, පහසුකම් නොමැති කාලයක, ඔබ සිනමාවට ඒන්නේ. නමුත් ඔබේ රංගන විධික්‍රමයන් හරිම ශාස්ත්‍රියයි. මේ ගැම්ම ඔබ ඇති කර ගන්නේ කොහොමද?
මම මුලිනුත් සඳහන් කළ ආකාරයට ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් ලද අභ්‍යාස, පුහුණුව, දැනුම මට අති විශාල විදියට බලපෑවා මගේ සිනමා රංගනයන් උදෙසාත්. සිනමා රංගනය පිළිබඳ වෙනම අධ්‍යයනයක නිරත නොවුණත්, රංගනය යන්නට නිසි පුහුණුවක්, අධ්‍යයනයක් මට ඒතැනින් ලැබුණා. මේ ගමන්මඟ සවි ශක්තිමත් කරන නිසි අඩිතාලමක් මට වැටිලා තිබුණා.
ඊට අමතරව මම කුඩා කාලයේ පටන්ම සාහිත්‍ය වැනි විෂයක් පිළිබඳව මෙන්ම සංගීතය වැනි විෂයක් පිළිබදත් වඩවඩාත් සංවේදි වුණු කෙනෙක්. මම නිරන්තරයෙන්ම සාහිත්‍ය පොත පත පරිශිලනය කළා. හොඳ සංගීතයකට නිතර සවන් දුන්නා. මේ වැඩිදුර කියවීම සහ හොඳ රසාස්වාදයක් ඇති කර ගැනීම තුළිනුත් අති විශාල දැනුම් සම්භාරයක් මා වටා ඒකතු වුණා. මේවත් ඒක්ක තමයි රංගනයේ පරිසමාප්තිය සිද්ධ වෙන්නේ. ඒහෙම නැතුව තිර පිටපතක් දීලා ඒහි දෙබස් ටික කියැවීම නොවෙයි රංගනය කියන්නේ. අදාළ චරිතයේ සංවේදිභාවයන් ඒ් ඒ් චරිත තුළට අපි රැගෙන ඒන්න ඔ්න. ඒ්ක කරන ඒක පහසු කාර්යයක් නොවේ. පෙම්වතාගේ චරිතය නම් පෙම්වතාගේ චරිතයට අදාළ භාවයන් අපි චරිතයට රැගෙන ඒන්න ඕන. දුෂ්ටයෙක් නම් දුෂ්ටයාගේ චරිතයට අදාළ භාවයන් අපි රැගෙන ඒන්න ඕන. නියම භාවයන් ප්‍රකාශ කළොත් විතරයි ප්‍රේක්ෂකයා තුළ ඒ් චරිත කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති වෙන්නේ. මම නිරූපණය කළ හැම චරිතයක් වෙනුවෙන්ම උපරිමයෙන් කැපවුණා. චරිතය අධ්‍යයනය කළා. ඒ්ක විශාල දැනුම් සම්භාරයක් සමඟ කළ යුතු කාර්යයක්. ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නොවෙයි.
ඉතින් වර්තමානයේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නන්ට මට කියන්න තියෙන්නේ ඒවන් අධ්‍යයනයකින් තොරව රංගනය කියන විෂය හරියාකාරව කරන්න බෑ කතියන ඒකයි. ඒ්කට හුඟාක් මහන්සිවෙන්න ඕක. ඒ්ක අධ්‍යයන කරන්න ඕන. සතත්‍යාභ්‍යාසයේ යෙදෙන්න ඕන. එහෙම නැතුව තිර පිටපතේ තිබෙන දෙබස කියන ඒක නොවෙයි රංගනය කියන්නේ.. මම උදාහරණයක් කියනවා නම් මගේ සිරිමැදුර චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ සාත්වික අභිනයත්, වාචික අභිනයක් දෙකම නැතුව. ඒ් චරිත අවබෝධ කර ගැනීමෙන්, චරිතයට කැපවීමෙන් කරපු නිසා ඒ් රංගනය කාගේත් කතාබහට ලක්වුණා. මට හොඳම නළුවා සම්මානත් ලැබුණා. තව උදාහරණයක් කියනවා නම් ‘සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ මම ජෝ අබේවික්‍රම මරා දැමීමට යන අවස්ථාවේ, ජෝ මාව දැකලා නැගිටිනවා. ඒ් අවස්ථාවේ ඔහුගේ අතේ ඇඟිලි ටික වෙව්ලනවා. ඒ් කියන්නේ මොන තරම් සමීපව මරණ භය නැමැති භාවය ඔහු ඔහුගේ රංගනයට ඒකතු කර ගෙන තිබෙනවාද කියන ඒකයි. ඒ් වගේම තමයි ඒ දර්ශනයේ ඉතිරි රූප රාමුව ඒදිනම සවස් වරුවේ දර්ශන ගත කරනවිටත් ඒ් විදියටම ඔහුගේ අතැඟිලි වෙව්ලනවා. බලන්න කොයි තරම් ඔහු ඒ් චරිතය ඇතුළට ගිහිල්ල තිබුණද කියලා මේ රංගනය වෙනුවෙන්. කාලය අතර පරතරය කොයිතරම් වුණත් ඔහු ඒ් භාවය තුළ කොයිතරම් ගැඹුරින් නියුතු වෙලා හිටියද කියන ඒක ඒ් තුළින් ඔප්පු වෙනවා. රංගනය කියන්නේ අන්න ඒ් වගේ සුවිශාල දෙයක්.
ඔබ රඟපෑ බොහෝ චරිත ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය , අනුකම්පාව , දිනා ගන්නා චරිත නොවෙයි. ඔබේ නළු ප්‍රතිරෑපය වර්ධනය වන්නට මේ චරිත බාධාවක් වෙයි කියලා හිතුණේ නැත්ද?
ඇත්තටම මට ඒහෙම දෙයක් හිතුණේ නෑ. මගේ රංගන ජිවිතයේ සුවිශේෂි චරිත නිරූපණයන් රාශියක් ඔබ ඔය කියන ආකාරයේ ඒ්වා තමයි. දඩයම ගත්තත්, ජනේලය ගත්තත්, මායා, පොඩි රාලහාමි, බවදුක, ගත්තත් දුහුළු මලක්, යසෝමා වැනි චිත්‍රපටයක් ගත්ත්ඔය කියන කාරණා මතු වෙනවා. දුහුළු මලක් චිත්‍රපටයේ අසම්මත ආදරයක පැටලෙන පෙම්වතකුගේ චරිතයක් වුණත් ප්‍රේක්ෂකයින්ට හිතෙන්නේ අර ලස්සනට ඉන්න අහිංසක පවුල කඩා කප්පල් කරන්න ආපු නරුමයෙක් විදියට. විශේෂයෙන්ම දඩයම ගත්තොත් ඒ් තරම් දුෂ්ට කම් කරන පෙම්වතකු මේ සිනමාවේ ඉඳලාම නැතුව ඇති. මේ අයට ප්‍රේක්ෂකයෝ ආදරේ නෑ. තමයි. විශේෂයෙන් දඩයම වැනි චිත්‍රපටයක තිරපටපත කියවලා මට හිතුණා මම කොහොමද මේක කරන්නේ කියලා. ඉතාම ප්‍රබල තිර පිටපතක් වසන්ත ලියලා තිබුණේ. . මම වසන්තට කිව්වා මම කොහොමද මේ තරම් දුශ්ට කමක් කරන්නේ? මම මේ කාරෙකට යට කරලා මරා දාන්න හදන්නේ මගේම ලේ. මේ ගැහැනියගේ කුසේ ඉන්නේ මට දාව බිහිවෙන්න ඉන්න දරුවෙක් කියලා. ඒ වෙලාවේ වසන්ක තිව්වේ මේකට මට සාමාන්‍යයෙන් පොදු සිනමාවේ දුෂ්ටයෙක් යොදා ගන්න පුළුවන්. ඒත් ඒකෙන් මේ චිත්‍රපටයට වැඩක් වෙන්නේ නෑ. ඒ් හින්ද උඹ ගැන හිතන්නේ නැතුව සිනමාව ගැන හිතලා මේ චරිතය කරපන් කියලා.ඉතින් මම ඒකට ඒකඟ වුණා.
මේවා මගේ නළු ප්‍රතිරුපයට හානියක් වෙයි කියලා මම හිතුවේ නෑ. මොකද මම බැලුවේ මේ චරිතවල තිබෙන රුව ගුණ තේජස උපරිම ආකාරයෙන් චරිතයට ගේන්න විතරයි. මේ කිසිම චරිතයක ඉන්නේ රවින්ද්‍ර රන්දෙණිය නෙමෙයි. ඒ් ඒ් කතාවලට අදාළ පුද්ගලයින් විතරයි. ඒ් අයගේ රුව ගුණ මවන ඒක තමයි මගේ රාජකාරිය වෙන්නේ. නළුවෙක් විදිහට බාහිරින් විතරක් මේකට අවතීර්ණ වෙන්න බෑ. මනසිනුත් මේ චරිතවලට ඇතුළු වෙන්න ඕන. මම මේ හැම චරිතයකටම මනසින් ඇතුළු වුණා. මම ඒ් චරිතවලට හරියටම ඇතුළු වුණ නිසා තමයි මිනිස්සු මාව ප්‍රතික්ෂේප නොකළේ ඒ් හින්දා වෙන්න ඇති මහාචර්ය සුනිල් ආරියරත්න කිව්වා වගේ තිරයේ ආදරණිය දුෂ්ටයා වෙන්න මට පුළුවන් වුණේ.
ඔබේ රංගන ජිවිතයේ අතිවිශිෂ්ට චරිත නිරූපණයන් රාශියක් තිබෙනවා. සිනමා විචාරකයන් ඒ්වා විවිධ අන්දමට ශ්‍රේණිගත කරලත් තිබෙනවා. නමුත් මේ අතරින් ඔබේ ආදරය දිනාගන්නේ කුමන චරිතද?
මගේ ආදරය දිනාගත් චරිතත් රාශියක් තිබෙනවා. විශේෂයෙන් විචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් සුලබ ලෙස කතා කරන මගේ රංගනය ඇතුළත් චිත්‍රපට අතර දඩයම, මායා, ජනේලය අනන්ත රාත්‍රිය, බවදුක , වීර පුරන් අප්පු, සිරිපාල සහ රන්මැණිකා ඇතුළු චිත්‍රපට රාශියක් තිබෙනවා. මේ අතර මම වැඩියෙන්ම ආදරේ කරන චිත්‍රපට කිහිපයකුත් තිබෙනවා. මම හුඟාත් ආසයි විජය ධර්ම ශ්‍රී ගේ ආරාධනා චිත්‍රපටයට. මාලිනියි මමහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ආදරණිය පෙම්වතෙක් , ස්වාමි පුරුෂයෙක් විදියට ඉඳලා දෙන්නා වෙන් වුණත් නැවත තම බිරිඳ සොයාගෙන ඒන ස්වාමිපුරුෂයකුගේ චරිතය. මම ඒ්කට හරි කැමැතියි. ඒ් වගේම මම කැමැතියි සඳකඩ පහණ වගේ චිත්‍රපටයක මගේ චරිතයට. ආර්ථික ප්‍රශ්න නිසා තම බිරිඳ වරදට පෙලඹෙනවා. ඒ්ක දරා ගන්න බැරිවෙන ස්වාමි පුරුෂයා විශාල බිල්ඩිමකින් පහළට පැනලා සියදිවි හානිකර ගන්නවා. ඒ් චරියටත් මම කැමැතියි. අනිත් චිත්‍රපටය තමයි හර්බට් රංජිත් පිරිස් ගේ ‘ එක්ටැම් ගේ’ ආදරෙන් පරාජිත වෙලා සියල්ල අතහැරලා හුදකලා වන ප්‍රේමවන්තයෙක්. හුඟ දෙනෙක් හිතන්නේ පෙම්වතිය ඔහුව හොයාගෙන ආවාට ඔහු ආදරෙන් බාර ගනිවි කියලා. නමුත් ඔහු දොර වසා දමා ඇය ප්‍රතික්ෂේප කරනවා. ඒ් චරිතයටත් මම හරි කැමැතියි.
අපි 1974 තිරගත වුණ ඔබේ මුල්ම චිත්‍රපටය ‘තරංගා’ දිහාට හැරුණොත් ඔබේ මතකය කොයි වගේද?
තරංගා කියන්නේ මගේ ජිවිතේ සුන්දර අත්දැකීමක්. අපි හින දැක දැක හිටපු දෙයක් හැබැහින් සිද්ධ වෙනකොට දැනෙන සතුට කොයි තරම්ද? තරංගා කියන්නේ මට ඒ් වගේ අත්දැකීමක් ලබා දුන්න චිත්‍රපටයක්.
ගෙවුණු පනස්වසර පුරා ඔබ මේ රටේ බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් සියලු දෙනා එක්ව රංගනයේ යෙදි තිබෙනවා. මේ සුසංයෝගය පිළබඳ අපි මකත් කළොත්.
ඒ් ගැන මට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මේ රටේ බිහිවණු නිළි රැජින ගේ සිය මැත භාගයේ බිහිවූ රංගන ශිල්පිනිය දක්වාම මට රඟපාන්න අවස්ථාව ලැබුණා. කෙටියෙන් කිවුවොත් අපිට අත්පුඩියක් තනියෙන් ගහන්න බෑනේ. ඒ නිසා මගේ රංගනය ඔපවත් වෙන්න මාත් සමඟ රංගනයේ යෙදුණු ඒ් සියලු නිළියන් හේතුවක් වුණා. ඔවුනගේ රංගන ප්‍රතිභාව දැඩිලෙසම බලපැවා. විශේෂයෙන්ම නිළි රැජින මාලිනි ෆොන්සේකා සමඟ ස්වර්ණා, අනෝජා තමයි මාත් සමඟ වැඩිපුරම රංගනයේ නියැළුණු රංගන ශිල්පිනියන් වෙන්නේ. මේ තුන්දෙනාගේ දක්ෂතාවටය මගේ රංගනය ඉහළට ඔසවා තබන්න හේතු වුණා. විශේෂයෙන් දඩයම වගේ චිත්‍රපටයක ස්වර්ණා කරපු අසිරු රංගනය නිසා තමයි මගේ රංගන ය දැඩි විදියට කැපී පෙනෙන්න පටන් ගත්තේ. ස්වර්ණා ලබා දුන්න ඒ් සහාය නොමැති වුණා නම් ඒ් රංගනය මට ඒ් ආකාරයෙන් කරන්න බෑ. ඒ් වගේම තමයි සිරි මැදුර චිත්‍රපටයේදි අනෝජා ලබා දුන්න සහාය මට අමතක කරන්න බෑ. මම උපරිම තලයකට ඒන්නේ අනෝජා මට ලබා දුන්න සහාය නිසයි. මම හිතන්නේ මාලිනි සමඟ වෙන්න ඕන මම වැඩියෙන්ම චිත්‍රපටවල රඟපාලා ඇත්තේ. රංගනයේදි උපරිම හැඟිම් ප්‍රධානය කරන්න අනෙක් පාර්ශ්වයෙන් ලැබෙන සහාය විශේෂයෙන්ම බලපානාවා. ඒ් නිසා ඒදා මෙදා තුර මගේ රංගන ජිවිතයේ විශිෂ්ටතම චරිත මවන්නට මට සහයෝගයදුන් ඒ්හැම රංගන ශිල්පිනියකටම මම හිස නමා ආචාර කරනවා. ඔවුන් නොමැති මට මේ තරමු දුරක් තනිවම එන්න අමාරුයි.
නළුවෙකුගේ රංගන ජිවිතය සේම , සාමාන්‍ය ජිවිතයත් සංකීර්ණ ඒකක්. නළුකම නිසා ජිවිතයේ ඔබට මඟහැරුණු තැන් තිබෙනවාද?
නළු ජිවිතයේ සංකීර්ණත්වය නිසා මගේ ජිවිතයේ මට මඟහැරුණා නම් මඟහැරුණේ මගේ දරුවනගේ කුඩා කාලයේ ඔවුන් සමඟ ඒකට හිඳීමින් ගත කරන්න තිබුණු ප්‍රීතිමත් අවධිය මට මඟහැරිමයි. මොකද ඒ් යුගය තමයි මගේ ජිවිතයේ කාර්ය බහුලම අවධිය. ඒක චිත්‍රපටයක රූගත කිරිමවලට සති දෙකක් පිට ගිහින් ගෙදරට එනකොට අනිත් වාහනය ඇවිදින් මාව අරගෙන යන්න. ඉතින් මගේ දරුවන්ගේ හුරතල් බලන්න ඔවුන් සමඟ විනෝද වෙන්න තිබුණ කාලය මට සම්පුර්ණයෙන්ම අහිමි වුණා. ඒ් පැත්ත බලලා මේ පැත්ත බලනකොට කාලය ගෙවිලා ගිහින් දරුවන් ලොකු වුණා. මඟ හැරුණා නම් මඟ හැරුණේ ඒ්වා තමයි.
ඒ් වගේම තමයි ප්‍රීති ගැනත් මේ මොහොතේ කියන්නම ඕන. කුටුම්භය ආරක්ෂා කරගෙන, මගේ දරුවන් රැකබලාගෙන පුදුම තරමේ ඉවසිමකින් ජිවිතය ගෙනගිය තැනැත්තියක් ඇය. දරුවන්ගේ වගකිම අරගෙන, ගෙදර වගකිම අරගෙන ඇය තමයි මේ සියලු දේම ආරක්ෂා කර ගත්තේ. ප්‍රීතිගේ දරා ගැනිමේ ශක්තිය හරි ඉහළයි. ස්වාමියා පුරුෂයා -බිරිඳ අතර තිබෙන සබඳතාවය ඒ ආකාරයෙන් වෙනත් කාන්තා චරිත සමඟ තිරයේ මවනකොට, තවත් දෙනෝදාහක්ට පේන්නට බිරිඳක් විදියට ඒ්වා දරා ගන්න ඒක කොයි තරම් අමාරු කාර්යයක් ද?
මේවාගේ අවස්ථා කොතෙක් නම් ප්‍රීති දරා ගන්න ඇත්ද? මේ සියලු දේ ඉවසමින් මම ගෙදර ඒනවිට ඇය මට සුපසන් නිවසක් ඉතිරි කරලා තිබුණා.
ඔබ නළුවෙකු නොවුණා නම් අද කොහේ සිටියිද?
මගේ ජිවිතේ ඒකම බලාපොරොත්තුව තිබුණේ වෛද්‍යවරයකු වීම. මම ඉගෙන ගත්තේ ඒ් සඳහා. නමුත් දැඩි ලෙස රෝගාතුර විම නිසා මට විභාගය ලියන්න වුණේ නැ. ඒතැනින් පස්සේ මට ඒ් ඉගෙනිල්ල ඒපා වුණා. ඊට පස්සෙ තමයි මම කලාව පැත්තට හැරෙන්නේ. කොහොම වුණත් ඩොක්ටර්ට ළඟින් යන ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා. අකුරු දෙකේ වෙනසනේ. අනිත් පැත්තේන් ඒ් ඩොක්ටර් නොවුණත් ඩොක්ටර්රේට් ඒකකකුත් ලැබුණා නේ.
ජුනි 5 වැනිදා පැවැත්වෙන උපහාර අත්සවයේදි ඒබ පිළිබඳ ලියවුණු ග්‍රන්ථ දිවිත්වයක් ඒළි දකිනවා. ඒ් පිළිබඳ සඳහනක් කළොත්?
ඒක් පොතක් පළවෙන්නේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඒය රචනා කර තිබෙන්නේ උදිත දේවපි‍්‍රය විසින් කොෆී ටේබල් බුක් ඒකක ආකාරයෙන් සකස්වෙන මේ ග්‍රන්ථය මා පිළිබඳ කිසියම් අධ්‍යයන කරන්නෙකුට හෝ විශ්වවිද්‍යාල මට්ටමින් පරිහරණය කළ හැකි ආකාරයට මේ පොත සකස් වෙනවා. අනෙක් ග්‍රන්ථය මා රඟපෑ චිත්‍රපට චරිත ඇසුරින් මගේ චරිතාපදානයක් ලෙසින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම විසින් රචනා කරනවා. මේ ග්‍රන්ථයට ඔහු විසින් ‘ මාස්ටර් සර්’ කියලා නම දාලා තියෙනවා.
කොහොම නමුත් මෙම උපහාර උත්සවය සඳහා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටිනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිට ආචාර්ය රංග කලංසුරියගේ සිට විශාල පිරිසක් මේ අතර ඉන්නවා. ඒ් හැම දෙනෙක්ම ස්වේච්ඡාවෙන්ම මේ සඳහා ඉදිරිපත් වී සිටින්නේ මහත් කැපවීමකින් ඉතින් මේ සියලු දෙනාටම මගේ හිතේ තිබෙන අපරිමිත ආදරය මේ මොහොතේ පළකරන්න ඕනෑ. මම කියන්නේ මේ කරන්නේ මට උපහාර දැක්විමක් නොවෙයි. මට ආදරය දැක්විමක් කියලයි. මේ තරම් ආදරයක් ලබන්න මම හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.
හේමාලි විජේරත්න