36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජුනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එයට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීමට සූදානම් කර ඇත. ඒ පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ත්‍රත්වයකි. ආචාර්ය සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කළ සිංහබාහු, වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ විසල් ආදරේ, ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝව් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදෙර්ය, 2024 වසරේ තිරගත වූ වැඩිම ආදායම් වාර්තා ඉපයූ චිත්‍රපට අතරට මෙම චිත්‍රපට ත්‍රිත්වය ගැනේ. එහෙත් වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ විසල් ආදරේ සිනමාපටය ජනප්‍රිය ත්‍රිත්වයට එකතු වුවත් එය කිසිදු අංශයකින් සම්මාන සඳහා නිර්දේශ නොවීම හේතු කොට සරසවිය සිනමා දැක්මේ ප්‍රදර්ශනය නොකර ඉවත් කරගන්නා බව වාසව බදුගේ සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයට දැනුම් දී ඇත.
ඒ වෙනුවට මීළඟට ආදායම් වාර්තා ඉපයූ සිනමා පටය වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිනමා පටය ප්‍රදර්ශනයට තෝරාගෙන ඇත.
ඒ අනුව ජූනි 18 වැනිදා සවස 6.00ට තිරගත වනුයේ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිංහබාහු, ජූනි 19 වැනිදා තිරගත වනුයේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂක සරෝව් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරයේය. සිනමා සතියේ අවසන් දිනය වන 20 වැනිදා තිරගත කරනු ලබන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිනමාපටයයි.
මෙම චිත්‍රපට ත්‍රිත්වය සරසවිය චිත්‍රපට දැක්ම කොළඹ මරදානේ සිනේ සිටි සිනමා ශාලාවේදී පස්වරු 06.0ට තිරගත කරනු ඇත. මෙම අවස්ථාව උත්සවශ්‍රීයෙන් පැවැත් වෙන අතර
මේ තෙදින තුළ සිනමා පටයට සම්බන්ධ වූ නළු නිළියන් සහ සියලූම කාර්මික ශිල්පීන් සහභාගීවේ. සරසවිය සම්මාන උලෙළට සමගාමීව මෙම තෙදින ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නොමිලයේ පැවැත්වෙන අතර ඔබ සියලු දෙනාට එදිනට සහභාගී වී නළු නිළියන් සමඟ ඡායාරූප ගැනීම හා සුහද හමුව පැවැත්වීමට ඉඩකඩ සලසා දී ඇත. ඔබ සියලු දෙනාට එදිනට සහභාගී වන ලෙස සරසවිය කර්තෘ මණ්ඩලය සහ සම්මාන උලෙළේ සංවිධායක කමිටුව ආරාධනා කර සිටි.
මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ ඩෙල්මා ලංකා පුද්ගලික සමාගම කැලින්, ස්වර්ණ අනුග්‍රහකත්වය දරනු ලබන්නේ හොරණ වාසනා බේකර්ස්ය, සත්කාරක අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සමඟ රූපහලද මෙවර අනුග්‍රහකත්වයට එකතුවේ.