30 වැනි කැලීන් සුමති සම්මාන උලෙළ පසුගියදා සම්භාවනිය අමුත්තන් හා කලාකරුවන්ගේ සහාභාගිත්වයෙන් කොළඹ මෝනාර්ච් ඉම්පීරියල් හෝටලයේදි පැවැත්විණි. ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රවල නිරත මාධ්‍යෙව්දින්. කලා ශිල්පීන්, රැසකට මෙහිදී සම්මාන තිළිණ ප්‍රදානය කෙරිණි. ඒ, ඉකුත් 2024 වර්ෂයේදී විකාශය කෙරුණු ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන්වලට අදාළවය.
එහිදී ජිවිතේ එක්වරක් පමණ හිම්වන යු .ඩබ්ලිව්. සුමතිපාල සම්මානය ප්‍රවීණ සම්මානනිය රංගන ශිල්පිණි වීණා ජයකොඩි. ප්‍රවීණ සම්මානනිය ගායනවේදි සුනිල් එදිරිසිංහ හට පිරිනැමිය. ජනප්‍රියතම නළුවා හා නිළිය ලෙසින් සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් සම්මාන හිමිකරගත්හ.
හොඳම නළුවා, ප්‍රියන්ත සිරිකුමාරද, හොඳම නිළිය, තරින්දි ප්‍රනාන්දු ද, හොඳම අධ්‍යක්ෂණය සුපුන් රත්නායක ද (තත්පරයක් දෙන්න), හොඳම ටෙලි නාට්‍යය (තත්පරයක් දෙන්න, නැඟී එන නළුවා, කසුන් තාරක රත්නපාල (ටේක් කෙයාර්), (නැඟී එන නිළිය, නිම්මි මනෝහාරි (වියළි), හොඳම සහාය නළුවා, රොජර් සෙනෙවිරත්න ද (තත්පරයක් දෙන්න), හොඳම සහාය නිළිය, සේමිණි ඉද්දමල්ගොඩ (තත්පරයක් දෙන්න), හොඳම ගී පද රචනාව, ගයා රම්‍ය අල්විස් (වියළි), හොඳම කලා අධ්‍යක්ෂණය, අජිත් හත්වැල්ල (තත්පරයක් දෙන්න), හොඳම ටෙලි චිත්‍රපටය, චාගි වගීෂ විතාන (විප්පයෝගය, හොඳම සංස්කරණය, නාමල් සමරතුංග, විරංග කැටපෙආරච්චි (තත්පරයක් දෙන්න), හොඳම සංගීත අධ්‍යක්ෂණය, දර්ශන රුවන් දිසානායක (වියළි), හොඳම නිවේදක, සාරංග දිසාසේකර, (හිරු ස්ටාර්), හොඳම සඟරාමය වැඩසටහන, ලසිත් ගුණසේකර – ආර්ට් කැෆේ), හොඳම කාලීන වැඩසටහන, ශෂික රාජපක්ෂ, සචින්ද්‍ර වරුණි, සහන් ද අල්විස් (අලි වැටෙන් එහා – සුප්‍රීම් නාලිකාව. හොඳම සංගීතමය වැඩසටහන, විරාජ් ජයමාන්න (සජ්ජායනා, සිරස. හොඳම වාර්තාමය වැඩසටහන, රංජීවනී බද්දෙවිතාන (මිස්සක පව්ව – දෙරණ නාළිකාව. කුසලතා සම්මාන (ළමා) සහේලි තරුල්යා (බැක්සයිඩ්, කුසලතා සම්මාන, මාධනී මල්වත්තගේ (තත්පරයක් දෙන්න), රංජනී රාජමෝහන් ආදිහු සම්මාන ලැබූහ.