ජනවාරි 04 වැනිදා විලන් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹිය. නිෂ්පාදක අධ්යක්ෂවරයා ලසන්ත ජයසේකර විය. සම නිෂ්පාදනය කැලුම් ආර්යන්ගෙනි.
05 වැනිදා ප්‍රදීප් කුමාර බාලසූරිය මිය ගියේය. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, ග්රන්ථ කතුවරයෙකු හා සංගීත ප්‍රබන්ධකයෙකි. ‘වීර්යා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹිය. නිෂ්පාදක අධ්‍යක්ෂකවරයා සුනිල් අරුණ වීරසිරි විය.
18 වැනිදා ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹිය. සම අධ්යක්ෂවරු සරෝවා පත්මුග්මු හා ඩොනල්ඩ් ජයන්ත වූහ. නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සමඟ ශ්‍රීමතී ආර්. සුදේශ කුමාර්ගෙනි.
27 වැනිදා නන්දා ජයමාන්න මිය ගියාය. ඇය ප්රවීණතම මෙන්ම ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි ශිල්පීනියකි. 27 වැනිදා දයානන්නද රෝඩ්රිගෝ මිය ගියේය. ඔහු 1974 සිට 1979 දක්වා චිත්‍රපට තුනක් නිර්මාණය කළ සිනමාකරු වෙති.
මාර්තු 01 වැනිදා ‘වර්ණ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා අජිත් ජී. ධර්මසූරිය විය. නිෂ්පාදනය ඉන්ද්‍රා පතිරාජගෙනි.
08 වෙනිදා රම්‍යා වනිගසේකර මිය ගියාය. ඇය ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන ක්ෂේත්රවල ජනාදරයට පත්ව සිටි ශිල්පිනියකි.
21 වැනිදා බඹර වසන්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා මොහාන් නියාස් විය. නිෂ්පාදනය ටී. ටී නඩේස් ගෙනි.
22 වැනිදා චන්ද්‍රසිරි පල්ලියගුරු මිය ගියේය. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ ඔහු සිනමා ක්ෂේත්රය තුළ ජූරි සභිකයෙක් ගීත නිබන්ධකයෙක්, විචාරකය හා ග්රන්ථ කතුවරයෙකි.
22 වෙනිදාම ‘රිදී සීනු’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා උදයකාන්ත වර්ණසූරිය විය. නිෂ්පාදනය නිශාන් හේවාගමගේ ගෙනි.
26 වැනිදා චන්ද්‍රා කුමාර කඳානාරච්චි මිය ගියේය. ඔහු හද රැඳී ගීත රැසක හිමිකාරීත්වය සතු ගායකයෙකි.
28 වෙනිදා සරසවිය සිනමා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත් වූයේ 35 වැනි වරටයි.
30 වැනිදා රයිගම් ටෙලිස් සම්මාන උළෙල කොළඹ ශ්‍රැංගිලා අවන්හලේ පවත්වනු ලැබීය. එය මෙවර පැවැත් වූයේ 20 වැනි වරටයි.
අප්‍රේල් 02 වැනිදා ගීතාල් පෙරේරා මිය ගියේය. ඔහු 1969 සිට 2004 දක්වා සිනමාවේ රැඳී සිටි රංගන ශිල්පියෙකි.
18 වනිදා සිංහබාහු චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා සෝමරත්න දිසානායක විය. නිෂ්පාදනය රේණුකා බාලසූරිය සමඟ ගාමිණී වික්‍රමසිංහගෙනි.
මැයි 01 වෙනිදා අයිවන් විරක්කොඩි මිය ගියේය. කලක් චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී ධූරය හොබවද්දි චිත්‍රපට සඟරාව ආරම්භ කළ ඔහු 1965 මෙරට මුල්ම විශ්වවිද්‍යාල සිනමා සංගමය පේරාදෙණියේ පිහිටුවීමට පුරෝගාමී වූවෙකි.
03 වැනිදා ‘විසල් ආදරේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. නිෂ්පාදන අධ්යක්ෂවරයා වාසව බදුගේ විය.
10 වැනිදා ඒ.ඩී. රන්ජිත් කුමාර (අලුත්ගේ දොන් රන්ජිත් කුමාර) මියගියේය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස සරසවිය, සරසී පුවත්පත්වල කතුවරයාව සිටි ඔහු චිත්‍රපට ගණනාවක නාමාවලින් නිර්මාණකරුවෙකි.
14 වැනිදා සාරංගාවේ රන් සම්මාන උලෙළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වනු ලැබීය. එය ට්‍රිවෝන් කැම්පස් සමඟ ජගත් කලා පදනම තෙවනවරට සංවිධානය කරන ලද්දකි.
15 වැනිදා පලස්තීන චිත්‍රපට උළෙලක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඝණකාධිපති ශාලාවේ පවත්වනු ලැබීය. මෙය 76 වැනි නික්මා දිනය සමරනු පිණිස සංවිධානය කොට තිබුණි.
17 වැනිදා ‘මයි රෙඩි කොම්රඩ්’ චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා සුදත් මහා දිවුල්වැව විය. නිෂ්පාදනය රෙඩ් සර්කල් ප්‍රොඩක්ෂන් ගෙනි.
26 වැනිදා ආනන්ද පෙරේරා මිය ගියේය. ඔහු සිහ ශක්ති සංගීත කණ්ඩායමේ වාදක හා ජනකාන්ත ගායකයෙකි.
30 වැනිදා ‘රම්‍යා’ වූ ගංතෙරක ග්‍රන්ථයක සිට ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට රම්‍යා වනිගසේකරගේ චරිත කතාව ඇතුළත්ව තිබුණි. 30 වැනි දාම ෂෙල්ටන් ප්‍රේමරත්න මිය ගියේය. ඔහු සිංහල චිත්‍රපට සංගීතයට ශාස්ත්‍රීය මට්ටමේ මෙහෙවරක් කළ සංගීතවේදියෙකි.
ජූනි 08 වැනිදා ‘සිහින සමීකරණ’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. අධ්යක්ෂවරයා සෂික හේරත් විය. නිෂ්පාදනය චරිත් ජයතිලක සමඟ ධම්මික ගීකියනගේ. 09 සිට 15 වෙනිදා දක්වා ඩිජිටල්කරණය කළ පැරණි කළු සුදු සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයක් කොළඹ ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. අන්තර් ජාතික අධි ලේඛන සතිය නිමිත්තෙන් ඒවා දෙපාර්තමේන්තුව සමඟ බුද්ධශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කොට තිබුණි.
20 වැනිදා හර්බට් රූපසිංහ (හර්බට් අමරකෝන් ධර්මදාස රූපසිංහ) මියගියේය. ඔහු සිත ගිය තැන චිත්‍රපටය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ සිනමාකරුවෙකි.
22 වැනිදා සුදු අප්පෝච්චි චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා රෝඩ්නි විදානපතිරණ විය. නිෂ්පාදනය අමිතා පෙරේරාගෙනි.
28 වැනිදා පැරඩයිස් නම් ඉන්දු ලංකා හවුල් මලයාලම් නම් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. නිෂ්පාදක අධ්යක්ෂවරයා ප්‍රසන්න විතානගේ විය. සම නිෂ්පාදනය මනිරත්නම් ප්රමුඛ නිව්ටෝන් සිනමා හා මැඩ්ඩ්රස් ටෝකිස් ගෙනි. 28වෙනි දාම ‘මල්විල ෆාම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය නිෂ්පාදක අධ්යක්ෂ රොෂාන් කුරුප්පු විය.
ජූලි 03 වැනිදා සුමනා ජයතිලක මිය ගියේය. හඳමාමා ළමා වැඩසටහන දිගු කාලයක් මෙහෙයවූ ඇය ගුවන් විදුලි වැඩ සටන් නිෂ්පාදකවරියෙකි.
06 වැනිදා ලයනල් ප්‍රනාන්දු මිය ගියේය. මනමේ නාට්‍යයේ මුල් වැදි රජුගේ භූමිකාව නිරූපණය කළ ඔහු අත්දැකීම් බහුල රාජ්‍ය පරිපාලන නිලධාරියකි.
12 වැනිදා ‘සීරුවෙන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්යක්ෂවරයා සුදේශ් වසන්ත පීරිස් විය. නිෂ්පාදනය නිහාල් විජේසිංහගෙනි.
16 වැනිදා මානෙල් චන්ද්‍රලතා මියගියාය. ඇය කාලයක් සිනමා තිරය හාස්‍ය රසයෙන් පිරවූ නිළියෙකි.
19 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා ප්‍රංශ චිත්‍රපට උළෙලක් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවත්වනු ලැබීය. එය එම සරසවිය සමඟ ප්‍රංශ තානාපති කාර්යාලය සංවිධානය කොට තිබුණි.
26 වැනිදා ‘මන්දරා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා ප්‍රියන්ත කොළඹගේ විය. නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි.
28 වැනිදා මංගල ප්‍රේමදාස මිය ගියේය. ඔහු සියලුම විද්‍යුත් මාධ්‍යවල සත්ව කටහඬවල් දුන් ශිල්පියකි.
අගෝස්තු 08 වැනිදා ‘හොර අංකල්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹීය. අධ්යක්ෂවරයා හර්ෂ වික්‍රමසිංහ විය. නිෂ්පාදනය සමන් අලංකාර සමඟ සුමින්ද ලෝවගෙනි. 08 වෙනිදාම සුමනා නෙල්ලම්පිටිය මියගියාය. රූපවාහිනි මාධ්‍යයේ ප්‍රථම සිංහල නිවේදිකාව ඇයය.
09 වැනිදා ‘දුස්රා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා චන්න දේශප්‍රිය විය. නිෂ්පාදනය ලක්ෂාන් අබේනායක සමඟ මාක් ටෙසියර්ගෙනි. 09 වැනිදා ‘සූර්යයා වීරයා’ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා ලුවී වැන්ඩස්ට්‍රාටන් විය. නිෂ්පාදනය අජිත් පෙරේරාගෙනි. 09 වැනිදාම ‘කම්බිල’ි චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂකවරයා ප්‍රසාද් කළුපහන විය.
නිෂ්පාදනය නිශාන්ත ගල්හේනගෙනි. 09 වැනිදා ‘ඉනිඔරු විඩිගිසවෝම’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. ඒ අපේ පි‍්‍රන්සිපල් සිංහල චිත්‍රපටයේ දෙමළ හඬ කැවූ පිටපතකි. හඬ කැවීමේ අධ්යක්ෂවරයා ක්‍රිෂ් ඇන්තනි විය. නිෂ්පාදනය රේන්බෝ පික්චර්ස් මඟිනි.
11 වැනිදා 23 වැනිදා සිහින ‘නෙළුම් මල’් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්‍යක්ෂකවරයා සමීර රංගන විය. නිෂ්පාදනය වරුණ අරඹගේ ගෙනි.
25 වැනිදා සුගතපාල සෙනරත්යාපා මිය ගියේය. ඔහු වෘත්තාන්ත, කෙටි, වාර්තා චිත්‍රපටි අධ්යක්ෂවරයෙකි. 31 වැනිදා ඇන්තනි ඒ. ජේ. (ඇන්තනි අශෝක්කුමාර් ජේප්) මියගියේය. සිලෝන් තියටර්ස් සමාගමේ හිටපු සභාපතිවරයකු වූ ඔහු ඊට අනුබද්ධව සි.ටී චිත්‍රපට සමාගම පිහිටුවා චිත්‍රපට කීපයක් ඉදිරිපත් කළ නිෂ්පාදකවරයෙකි.
සැප්තැම්බර් 03 වැනිදා සිට
09 වැනිදා දක්වා යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල පවත්වනු ලැබීය. එය මෙවර පැවැත්වූයේ 10 වැනි වරටයි. 09 වෙනිදා එඩ්වඩ් චන්ද්‍රසිරි රචිත කරළියේ රස මුසු මතක ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට 1967 සිට 1986 දක්වා දශක දෙකක නාට්‍ය වේදිකාවේ සිදුවීම් අන්තර්ගතව තිබුණි.
11 වැනිදා සේනක බටගොඩ මිය ගියේය. ඔහු ගායකයකු මෙන්ම සංගීතවේදියෙකි.
12 වැනිදා රූපසේන සිල්වා රචිත ශ්‍රී ලාංකේය චිත්‍රපටය නාමාවලිය ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට 1925 සිට 2024 මැද භාගය දක්වා ප්‍රදර්ශිත දේශීය චිත්‍රපට නාමාවලිය ගතව තිබුණි. 12 වැනිදාම රෝලන්ඩ් අබේපාල මිය ගියේය. ඔහු නාට්‍යවේදියෙකු හා සිනමා ග්රන්ථ කතුවරයෙකි.
18 වැනිදා සරත් කැල්ලපත මිය ගියේය. දුටුගැමුණු කාටූන් චිත්‍රපටයේ තිර නාටකය ලියූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති අංශයේ ප්‍රවීණයකි.
22 වැනිදා ඩබ්ලව් ජයසිංහ (වීරපුල්ලිගේ ජයසිරි) මිය ගියේය. ඔහු වේදිකා, සිනමා, රූපවාහිනි රංගනවේදියකු මෙන්ම ගී පද රචකයෙකි.
23 වැනිදා වජිරා චිත්‍රසේන (වජිතා පෙරේරා) මියගියාය. හෙළයේ උඩරට නැටුම් ශිල්පිනියක වූ ඇය නර්තන ආචාර්යවරයෙකි.
25 වැනිදා හේමාලි විජේරත්න සම්පාදිත හෘදය සාක්ෂිය ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට සනත් ගුණතිලක විවිධ කාලවලදී විවිධ පුද්ගලයන් ගැන දැරූ මත හා සම්පාදකවරිය සමඟ වරින්වර කරන ලද සාකච්ඡා ඇතුළත්ව තිබුණි.
26 වැනිදාම පගඩෙයි ආට්ටම් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. එය ගිනිඅවි සහ ගිනිකෙළි 02 සිංහල චිත්‍රපටයේ දෙමළ හඬ කැවු පිටපතයි. එහි හඬ කැවිම් කටයුතු ඉන්දියාවේ සිදුකොට තිබුණි.
27 වැනිදා එම්.ඩී. මහින්දපාල පරිවර්තන ‘ඇසිපිය හෙළන නිමේෂය’ ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. එය ලොව සුපතල සිනමා සංස්කරණ ශිල්පි වෝල්ටර් මර්ච් රචිත ඉන්ද බ්ලින්ක් ඔෆ් ද අයි නම් චිත්‍රපටය සංස්කරණය පිළිබඳ විමසුම සිංහල බසට පරිවර්තනය කොට තිබුණි.
ඔක්තෝබර් 04 වැනිදා පාස්පෝට් ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා ක්‍රිෂ් ඇන්තනි විය. නිෂ්පාදනය වෛද්‍ය විරාජිත් තාම්බුගල ගෙනි. 16 වැනිදා ජීවන්ත දයානන්ද රචිත චරිත හතක් සනත් ග්‍රන්ථය ජනගත කරනු ලැබීය. ඊට රූපණවේදී සිනමාවේදී සනත් ගුණතිලක රඟපෑ බලගතු භූමිකා විග්රහ කොට තිබුණි.
16 වැනිදාම ඔහුම රචිත ‘වසන්තගේ සිනමාව’ ග්‍රන්ථයත් ජනගත කරනු ලැබීය. ඉන් වසන්ත ඔබේසේකරගේ සිනමාවේ එක් ශානරයක් විමසා තිබුණි.
18 වැනිදා ‘ශ්‍රී සිද්ධා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. ඊට ගරිල්ලා සටන් කලාවේ පුරාණය සඳභන් පනාකඩුව තඹ සන්නස වටා ගෙතුණු ඓතිහාසික වෘත්තාන්තය පසුබිම්ව තිබුණි. අධ්යක්ෂවරයා සරත් වීරසේකර විය. නිෂ්පාදනය ගුණපාල රත්නසේකර, මාලිකා ජයසුරිය, තුසිත විජයසේන ගෙනි.
25 වැනිදා ‘රොකට්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා දෙනුවන් සමරසිංහ විය. නිෂ්පාදනය රත්නපුර සීවලි මධ්‍ය මහා විදුහලේ සීවලි ස්වර්ණ හරිත සිනමා සංගමය මඟිනි. 25 වැනිදාම බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. නිෂ්පාදක අධ්යක්ෂවරයා දමිත් ෆොන්සේකා විය.
නොවැම්බර් 01 වැනිදා ‘හදගැස්ම’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා අකිල සඳකැළුම් විය. නිෂ්පාදනය අර්ජුන කමලනාත්ගෙනි. 01 වෙනිදාම ‘විශ්ම’ චිත්‍රපටයත් ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා රන්දික නදීෂාන් විජේමාන්න විය. නිෂ්පාදනය රුහුණුගේ සඳමාලි ගෙනි.
16 වැනිදා තේජා ඉද්දමල්ගොඩ මිය ගියේය. ආශාවරි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔහු ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්රචාරක ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
18 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා රාජ්‍ය නාට්‍ය උළෙල මරදාන එල්ෆින්ස්ටන් ශාලාවේ පවත්වනු ලැබීය. ඊට මෙවර කෙටි හා දිගු නාට්‍ය ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
22 වැනිදා ‘පිරිමි ආදරයක්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරයා එරංග සේනාරත්න විය. නිෂ්පාදනය සුරේන් පෙරේරාගෙනි.
දෙසැම්බර් 05 වැනිදා ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. අධ්යක්ෂවරු චතුරංග ද සිල්වා වූහ. නිෂ්පාදනය උදිත කුරේ හා සෙව්වන්ගේ විරසිංහගෙනි.
10 වෙනිදා ගෞතම ‘බුද්ධ මාතා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. ඊට මහා ප්‍රජාපති ගෝතමී දේවිය කතාව පසුබිම් වී තිබුණි. අධ්යක්ෂවරයා මහාචාර්ය සුනිල් ආරියරත්න විය. නිෂ්පාදනය තිලංග සුමතිපාල ගෙනි.
12 වෙනිදා ‘ගුරු ගීතය’ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීය. ඊට චින්ගිස් අයිත්මාතවිගේ ෆස්ට් ටීචර් රුසියානු නවකතාව පසුබිම්ව තිබුණි. නිෂ්පාදක අධ්යක්ෂවරයා උපාලි ගම්ලත් විය. සම නිෂ්පාදනය අරෝෂ ප්‍රනාන්දු ටෙඩී සෙනවිරත්න ගෙනි.
24 වැනිදා පි‍්‍රයා සූරියසේන මිය ගියේය. තමන්ට ආවේණික හඬකින් ගීත ගැයූ ඔහු ගුවන්විදුලි සහ චිත්‍රපට ගායකයකි.
රූපසේන සිල්වා