නිවස කළා පුවත් 18 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ හා ප්‍රාසංගික කලා මංගල්‍යය 14 වැනිදා

18 වැනි ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ හා ප්‍රාසංගික කලා මංගල්‍යය 14 වැනිදා

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

සාහිත්‍ය මාසයට සමගාමීව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 18 වැනි වරටත් සංවිධාන කරන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ හා ප්‍රාසංගික කලා මංගල්‍ය 14 වැනිදා පස්වරු 6.00 ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා 2023 වසරේදී ප්‍රකාශයට පත් වූ කෘති සැලකිල්ලට ගෙන ඇති අතර මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර්ටිප්ස්’, එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’, ලියනගේ අමරකීර්තිගේ ‘කැළලිකාරයෝ’, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ හා විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ යන නවකතා පහ මෙවර අවසාන වටයට නිර්දේශ වී ඇත.
මෙම ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙවර සහභාගි වනුයේ මහාචාර්ය සසංක පෙරේරා මහතායි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT