Home » විනිශ්චය අවි- නිශ්චිතය !

විනිශ්චය අවි- නිශ්චිතය !

by Thanushika
September 25, 2025 10:20 am 0 comment

ඒ, 1976 වසරයි. යුද හමුදාවට සෙබලෙකු සේ එක්වීමේ අපේක්ෂාවෙන් සිටි, ගම්පහ ප්‍රදේශයේ පහළ මධ්‍යම පාන්තික ග්‍රාමීය තරුණයෙකු වූ 19 හැවිරිදි ඩෙස්මන් ගුණසේකර සිය මිතුරන් සමග එක්ව ක්‍රීඩා කරමින් සිට නැවත පැමිණෙමින් සිටින අතර, ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඥානේගේ ගෝලයන් සමඟ අහඹු ආරවුලක පැටලෙයි. පසුවදී එයට පළිගැනීමක් ලෙස ඩෙස්මන් ඇතුළු මිතුරන්ට දින ගණනාවක් පහර කෑමට සිදුවෙයි. පියා විසින් ඩෙස්මන්ව කෙටි කලකට ගමෙන් පිටමං කරයි. ඔහු නැවත තම නිවසට පැමිණෙන මොහොතේ මැරයන් දෙදෙනෙකු පැමිණ සිය සොයුරාට පහර දෙනු දුටු ඩෙස්මන් එල්ල කළ අනපේක්ෂිත පහර දීමකින් එක් මැරයකු මියයයි. ඩෙස්මන් සිරගත වෙයි. නිදහස්ව පැමිණෙන ඩෙස්මන් නගරයේ මාළු වෙළඳ සැළක් අරඹයි. ඥානේ සහ ගෝලයන් ගේ නීතිවිරෝධි ක්‍රියාවන් හා කප්පම් ගැනීම් ගම්මුන්ට විශාල හිරිහැරයක් බවට පත්වෙයි. මේ බව ගම්මු ඩෙස්මන්හට පවසයි. මේ ව්‍යසනයට එරෙහිවන ඩෙස්මන් ඥානේ හා දූෂිත දේශපාලනඥයන් සමගින් ගැටුම් ඇතිකර ගනී. යුධ හමුදා නිලධාරියෙකු වීමට බලා සිටි ආගම දහමට ලැදි ඩෙස්මන්, සමාජයෙන් එල්ලවන අයුක්තිය අවනීතිය හමුවේ නීතියට එපිටින් යුක්තිය ඉටුකරන ජනතා ආරක්ෂකයෙකු බවට පරිවර්තනය වෙයි. සිය නැගණිය ගේ විවාහ දින රාත්‍රියේදී, ඩෙස්මන්ගේ මල්ලි, මස්සිනා සහ සමීප මිතුරා මැර ප්‍රහාරයකින් ඝාතනයට ලක්වෙයි. එම සිදුවීමෙන් වියරු වැටෙන ඩෙස්මන් ඝාතකයන් හඹායයි. ඩෙස්මන්ගේ යුක්තියේ කතාවයි “ෆාදර්” නමින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ.

“ෆාදර්” තම කුලුඳුල් සිනමා නිර්මාණය කරගනිමින්, සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන චමින්ද ජයසූරිය, පන්නිපිටිය ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු කලා කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ වේදිකාව තුළිනි. වේදිකා නාට්‍ය රැසකට සිය රංග ප්‍රතිභාව එක්කල ඔහු, අවස්ථා කිහිපයක්දීම ඇගයුමට හා සම්මානයට පාත්‍රව ඇත. පසුවදී ටෙලි නාට්‍ය රංගනයටද එක්වන චමින්ද ජයසූරිය, මාධ්‍යවේදීයකු ලෙසද කාලයක් කටයුතු කර ඇත.

රංගන දායකත්වය

සෞම්‍ය ලියනගේ, පූජන දන්දෙණිය, බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා, අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, ජගත් මනුවර්ණ, ශ්‍යාම් ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, සරත් කොතලාවල, සනත් විමලසිරි, සුරාජ් මාපා, අංජන ප්‍රේමරත්න, කෝරළගේ සමන්, සංජීව දිසානායක, සේවියර් කණිෂ්ක, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්, සිසිර තඩිකාර අකලංක ප්‍රභාෂ්වර, අමා විජේසේකර, සඳුන් ප්‍රියංකර, මංජු මුදලිගේ, රුවන් මදනායක, ජැනට් ඇන්තනි, ජනක රණසිංහ, විහඟ විජේසේකර, පසන් රණවීර, ලක්රුවන් විතානගේ ඇතුළු පිරිසක් එක්ව ඇත.

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – චමින්ද ජයසූරිය

නිෂ්පාදනය – ආචාර්ය ශාන්ත ගීතදේව

තිර රචනය – චාමර කොඩිතුවක්කු

ස්ක්‍රිප්ට් ඩොක්ටරින් – විමල් කැටපේආරච්චි, චමල් පොල්වත්තගේ, විශ්වජිත් කරුණාරත්න, චමින්ද ජයසූරිය

දෙබස් රචනය – විමල් කැටපේආරච්චි, චමල් පොල්වත්තගේ

කැමරා අධ්‍යක්ෂණය – විශ්වජිත් කරුණාරත්න

කැමරා සහය – කසුන් චාමර, දිලීප රංගන අමරසිංහ, මනෝජ් සම්පත්, සහීෂ තමෝද්

දෙවන කැමරා ක්‍රියාකරු – ප්‍රතීක හේවාපතිරණ

සහය අධ්‍යක්ෂණය – උදය ප්‍රසන්න

දෙවන, තෙවන සහය අධ්‍යක්ෂණය – විශ්ව ප්‍රබුද්ධ, දමිඳු එස් කරුණාරත්න, විදූ උපේක් ජයසූරිය

අධ්‍යක්ෂ සහය – චමල් පොල්වත්තගේ

නිෂ්පාදන සැලසුම – ධම්මික හේවාදුවත්ත

සංස්කරණය සහ පසු නිෂ්පාදන සම්බන්ධීකරණය – සිතුම් සමරජීව

ශබ්ද සැලසුම්කරණය – ප්‍රියන්ත කළුආරච්චි

කලා අධ්‍යක්ෂණය – සංජීව දසනායක, නලින් හේවාදුවත්ත

අංග රචනය – ප්‍රියන්ත එස්. වන්නිනායක

අංග රචනා සහය – රවින්ද්‍ර සම්පත් යාපහුව

කොණ්ඩා සැකසුම – ලෙස්ලි සේරම්

වර්ණ සංයෝජනය – ආනන්ද බණඩාර

ඇඳුම් නිර්මාණය – සවන් පවිත්‍ර

නිෂ්පාදන – කළමණාකරණය – රොනිත් අධිකාරි සහය චරිත් ගමගේ

සංගීතය – චින්තක ජයකොඩි

ගීත රචනය – විමල් කැටපේආරච්චි, චමල් පොල්වත්තගේ, අනූෂා ශිවලින්ගම්

ගීත ගායනය – චාමර වීරසිංහ, නිරංජලා මංජරි, පීටර් රොසයිරෝ, කාන්චනා අනුරාධි, ජෙනට් ඇන්තනි, සරත් කරුණාරත්න, සංජීව දිසානායක, මංජුල මුදලිගේ

දෙබස් පටිගත කිරීම – පුබුදු ධනංජය වනිගසේකර

නිශ්චල ඡායාරූප – චාමර කහටපිටියගේ

ආලෝකකරණ ශිල්පීන් – ඉමල් චතුරංග, කනිෂ්ක මන්දාර, අමිල සුනෙත්

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT