තෙවින් ගමගේ කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ අධ්‍යාපනය හදාරා සම්මාන දිනු ශී‍්‍ර ලාංකික කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ‘The Onset’ කෙටි චිත්‍රපටය ටොරෙන්ටෝ ඉන්ඩ් සිනමා උලෙළෙහි හොඳම චිත්‍රපටය සහ ටෝකියෝ ජාත්‍යන්තර සම්මාන උලෙළෙහි හොඳම අධ්‍යක්ෂණයට හිමි සමිමානය දිනාගන්නට සමත් වන්නේ නැගී එන අධ්‍යක්ෂවරයකුගේ ලක්ෂණ ප්‍රකට කරමින්. මෙවර සරසවිය කලාපය හරහා ඉඩ හසර වෙන්වන්නේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ තෙවින් ගමගේ සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
තෙවින්ට චිත්‍රපට කලාව සඳහා ආශාව ඇති වුණේ කොහොමද?
ඇත්තටම මට චිත්‍රපටවලට ආශාව ඇති වුණේ අවුරුදු 10දී විතර. මගේ අමිමි ප්‍රසිද්ධ නිළියක්. එයා කුමුදුමලී ද සිල්වා. ඒ වගේම මගේ තාත්ති නිහාල් ගමගේ. එයාත් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ දෙන්නා ගොඩක් දැඩි තීරණ තියෙන දෙදෙනෙක් නිසාම මට ඉස්කෝලේ යන දවස්වල ක්‍රීඩා කරන්න දුන්නේ නෑ. පාර්ටිස්වලට යන්න දුන්නේ නෑ. මම ගෙදර තමයි වැඩිපුරම හිටියේ. හැබැයි අමිමි සහ තාත්ති සිනමා ක්ෂේත්‍රයේ හිටිය නිසා මට ගොඩක් ෆිල්මිස් අරන් දුන්නා බලන්න. සතියේ දිනවල මම පාඩම් කළා. සති අග මට මුකුත් වැඩ කරන්න නැති නිසා තාත්ති මට DVD ෆිල්ම්ස් ගෙනත් දෙනවා බලන්න. ඉතින් ඒවත් එකක ෆිල්මි බලන්න සෑහෙන ආස වුණා. සාමාන්‍යයෙන් ලංකාවේ දෙමාපියන් බහුතරයක් ආස තමන්ගේ දරුවාව ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරන්න. මගේ අමිමි තාත්තිත් හිටියේ ඒ සිතුවිල්ලෙමයි. එයාලා හිතුවා ලංකාවේ සිනමා කර්මාන්තය ස්ථාවර නෑ කියලා. ඒ දෙන්නා නිතරම හිතුවේ මාව බිස්නස් පැත්තට යොමු කරන්න. ඊටපස්සේ මම කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව උපාධියක් විදියට හැදැරීම කළා. හැබැයි මට ආසාව තිබුණේ සිනමාව පැත්තට. තාත්තා Photography කරපු නිසා නිතරම මම කැමරාව දැක්කා. ඒ නිසා තාත්තගේ කැමරාව ඇරන් මම පොඩි එක්ස්පෙරිමන්ට් වැඩ කරනවා, පින්තුර ගන්නවා. පින්තුරයක තියෙන මූලධර්ම වගේ දේවල් මම ඉගෙනගත්තා. ඊටපස්සේ මම කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමා පාසලට ඇතුළත් වුණා. මම ලියන්න ආසාව තිබුන නිසා මම Visual storyteller කරන්නේ කොහොමද? කියන එක ගැන අධ්‍යයනය කරන්න ආස හිතුණා. අවුරුදු එක හමාරක් ඇතුළේ මම සිනමාව කියන එක මේ හරහා ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මම අධ්‍යක්ෂණය කියන කොටස සෑහෙන අධ්‍යයනය කළා.
ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමාව ඉගෙන ගැනීමත් එක්ක සිනමා අධ්‍යාපනය හරහා ඔයාට ලැබුණේ මොන විදියේ අත්දැකීමක්ද?
අපිට ඉගැන්නුවේ චිත්‍රපට සමඟ වැඩ කරලා තියෙන සහ සැහෙන අත්දැකීම් බහුල අධ්‍යක්ෂවරු පිරිසක්. අනෙක් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල තිබුණ ඉගැන්වීමි ක්‍රමයක් යටතේ නෙමෙයි අපිට ඉගැන්නුවේ. සම්පූර්ණයෙන්ම පාහේ අපිට ඉගැන්නුවේ කථිකාචාර්යවරු සහ මහාචාර්යවරු නෙමෙයි. අපිට ඉගැන්නුවේ සම්මාන පිට සම්මාන දිනපු චිත්‍රපට අධ්‍යක්ෂවරු කාණ්ඩයක්. Film Making පැත්තට ආශාව තවත් වැඩි කරන්න හේතු වුණේ මට මේ උගන්නපු චිත්‍රපට අධ්‍යක්ෂවරයන්ගේ කාණ්ඩය.
අවුරුදු එකහමාරක් වගේ කාලයක් තුළ ඔයා චිත්‍රපට අධ්‍යක්ෂණය අධ්‍යාපනිකව හැදැරීම සිදු කළා. ඊටපස්සේ ඔයාගේ පළවෙනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි සිදු වෙන්නේ කොහොමද?
මට අන්තිම සෙමෙස්ටර් එකේදි කරන්න තිබුණා, මගේ දේශකවරු කියුවා ඔයාට ෆිල්ම් එකක් හදන්න තියෙනවා ඔයාගේ අවසන් නිෂ්පාදනය විදියට කියලා. ඒ නිසා මම ඉස්සෙල්ලාම කරන්න ඕන විනාඩි 10-15කට ගැළපෙන story එකක් නිර්මාණය කරන්න. එයාලා කියුවේ මම ළඟ තියෙන කතා සංකල්පය මගේ නිෂ්පාදකතුමා ගාවට ගිහින් කියන්න පුළුවන් වෙන විදියේ හොඳ story එකක් හදන්න කියලා. ඒ කියන්නේ plot එකක් නිර්මාණය කරන්න ඔින. අන්තිමට ෆිල්මි ඉගෙනගන්න ආපු අයගෙන් දහදෙනයි ෆිල්ම් එකක් හදන්න තේරුනේ. ඉන් එක් අයෙක් මම. එයාලා බැලුවේ මේ 200 අතරින් තියෙන හොඳම Originality එක. කිසිම ෆිල්ම් එකකින් දැකලා නැති අලුත් කතා සංකල්පයක්, අදහසක් එයාලා බලාපොරොත්තු වුණා. මගේ plot එක වුණේ ළඟින්ම ඇසුරු කරන අය අපිට කොහොමද? තර්ජනයක් වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි ඉස්සරහා වෙස්මුහුණක් පැලඳගෙන ඉන්නවා. නමුත් පිටුපස ඉන්නේ ව්‍යාජ පුද්ගලයෙක් කියන අදහස. plot එක හැදුවේ මට සිදුවුණ පෞද්ගලික අත්දැකීම් එක්ක. මේක විනාඩි 8ක student Film එකක් විදියට කැම්පස් එකෙන් බලාපොරොත්තු වුණේ අවුරුදු එකහමාරක් ඇතුළේ මම ලබා ගත්ත දැනුම හරහා කොහොමද? ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්නේ සහ ඒ අත්දැකීම මට ලබා ලැබෙන්නේ කියන දේ.
Student Film එකෙන් පස්සේ ලැබුණ අත්දැකීම කොහොමද?
Student Film එකෙන් පස්සේ මගේ යාළුවෙක් හරහා අවස්ථාව ලැබුණා Production assistant එහෙමත් නැත්නම් සහය නිෂ්පාදකයකු විදියට වැඩ කරන්න, නිෂ්පාදන ආයතනයක. මේරි රිසර්ව් කියලා ෂෝරනර් කෙනෙක් හිටියා ටෲ ක්‍රයිම් ඩොකියු ඩ්‍රාමා නිර්මාණය කරන. එයා මට සෑහෙන උදව් කළා. ඊටපස්සේ Assistant director කෙනෙක් විදියට මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා සහ එතනින් පස්සේ Assistant director කෙනෙක් විදියට සෑහෙන ඇත්දැකීමි සම්භාරයක් ලැබුණා. ඇත්තටම බටහිර රටවල Assistant director කෙනෙක් කියන්නේ power එකක් නැති කෙනෙක්. එයා කරන්නේ අධ්‍යක්ෂවරයාට පහසු වෙන විදියට scene by scene කළමනාකරණය කරලා දෙන එක. මම මේ වෘත්තිය කරන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයේ අන්තිම සමාසිකයේදී විතර. හොඳම සිදුවීම තමයි මගේ Film school එකේ ග්‍රැජුවේට් වෙනකොට උපාධි ප්‍රදානෝත්සවය තිබුණා. මට Film school එකට යන්න ලැබුණේ නැහැ, එදා මම Assistant director කෙනෙක් විදියට වැඩ කළා ඩිස්කවරි නාළිකාවේ සීරිස් එකක.
මේ ඇත්දැකීමි සමඟ තෙවින්ගේ පළවෙනි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කොහොමද?
ඉතින් මට මේ අත්දැකීම් එක්ක හිතුණා මගේ පළවෙනි කෙටි චිත්‍රපටය කරන්න ඕන කියලා. ගොඩක් අය කතා කළා Assistant director කෙනෙක් විදියට වැඩ කරන්න කියලා. නෑ. මම හිතුවා මෙතනින් එහාට මම Assistant director කෙනෙක් විදියට වැඩ කරන එක නවත්තලා මගේම චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියලා. මගේ පළවෙනි කෙටි චිත්‍රපටය තමයි ‘The Onset’ කියන්නේ. මගේ කතාව තමයි අපේ ජීවිතයේ අපි ගන්න සමහර තීන්දු තීරණවලට අනෙක් අයගෙන් ලැබෙන බලපෑම ගැන. අනෙක් අතට මගේ කෙටි චිත්‍රපටය හරහා මට නිරූපණය කරන්න උත්සාහ කළේ සත්‍යය (Truth) කියලා දෙයක් නෑ කියන අදහස. ඒක අපිම හදපු ආකෘතියක් කියන එක. බටහිර දාර්ශනිකයෙක් වුණු ප්ලේටෝගේ සත්‍යය පිළිබඳ කියු ඇතැම් සංකල්ප මට මගේ චිත්‍රපටය තිර පිටපත ලියද්දි බලපෑවා. කතාව ගෙතෙන්නේ වෛද්‍යවරියක් සහ අසල්වැසියෙක් අතර සිදුවන අධිස්වභාවිකවාදී (supernatural)) කතාවක්.
‘The Onset කෙටි චිත්‍රපටයේ කතාව සිනමාගත කරන්න ඔබ යොදාගත් සිනමා ශිල්ප ක්‍රම මොනවද?
සිනමාවේදි එක්තරා ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා අංශක 180ෟ න්‍යාය සහ Breaking the 4th wall (සිව්වන බිත්තිය කඩා දැමීම) කියලා. මම කළේ ඒ න්‍යාය භාවිතා කරලා ඒ න්‍යාය තුළින් කතාව සහ චරිත තීව්‍ර කරපු එක. Breaking the 4th wall කියන්නේ චරිතය කෙළින්ම කැමරාවට කතා කරන එක. ඉතින් මගේ චිත්‍රපටයේ තියෙන කතාව සඳහා එවැනි විශේෂ සිනමා ශිල්ප ක්‍රම යොදාගත්තා.
කෙටි චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර කොහොමද?
මගේ චිත්‍රපටය ෆිල්මි ෆෙස්ටිවල් ගණනාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් ”ටොරෙන්ටෝ ඉන්ඩ් සිනමා උලෙළෙහි” චිත්‍රපට 1000ක් අතරින් හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානය දිනා ගත්තා. ඒ වගේම නොබෝදා පැවති ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළෙහි හොඳම අධ්‍යක්ෂවරයාට පිරිනැමෙන සම්මානය දිනාගත්තා. තව බොහෝ චිත්‍රපට උලෙළවලට මගේ චිත්‍රපටය නියෝජනය කරලා තියෙනවා.
ඔයාගේ චිත්‍රපට කලාව සඳහා බලපෑ සිනමා අධ්‍යක්ෂවරයන් කවුද?
මාර්ටින් ස්කෝසෙස්, ක්‍රිස්ටෝපර් නෝලන්, ඩෙනිස් වැලනිවු, ක්වින්ටීන් ටැරැන්ටිනෝ, ඇලහැන්ද්‍රෝ ගොන්සාලෙස් වගේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ විලාසය සහ චිත්‍රපට බලපෑවා.
The Onset කෙටි චිත්‍රපටයෙන් පස්සේ ඊළඟ නිර්මාණය ගැන කියමු…
මගේ මිළඟ චිත්‍රපටය වෘත්තාන්තමය චිත්‍රපටයක්. එය ගොඩක් දුරට Blockbuster ශානරයේ චිත්‍රපටයක් වේව්. මට අවශ්‍යයි ලංකාවේ සිනමාවේ අධ්‍යක්ෂවරයන්ට පෙන්වන්න හොඳ වටිනාකමක් තියෙන නිෂ්පාදනයක් අඩුම පිරිවැයක් වියදම් කරලා. මම කැනඩාවට ආවෙත් ෆිල්ම් කරන්න මේ අභියෝගයට මුහුණ දෙන්න.
ඔයාගේ අනාගත අරමුණ මොකක්ද?
කවදාහරි කෑන්ස් ෆිල්මි ෆෙස්ටිවල් එකේ පාල්ම් ඩී ඔිර් එහෙමත් නැත්නම් හොඳම අධ්‍යක්ෂවරයාට පිදෙන සම්මානය දිනන්න ආසයි.
සේයාරූ – ජූඩ් පතිරාජ
මලින්ත විතානගේ
