වර්තමානයේ රූපවාහිනී නාලිකාවන්හී විකාශය වන රියැලිටි වැඩසටහන් රැසකි. එහෙත් ගුණාත්මක බවින් යුත් වැඩසටහන් ඇත්තේ අතළොස්සකි. මේ සියලු රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ වාසය කරන දක්ෂයන්ට පමණක් වෙන් වූ රියැලිටි වැඩසටහන්ය. එම වැඩසටහන් අතර ගායනය, නර්තනයට විශේෂ ස්ථානයක් හිමිවේ. ශ්‍රී ලංකාවට රියැලිටි වැඩසටහන් කිරීමට ආභාසය ලැබුණේ යුරෝපයෙනි. America’s Got Talent, American Idol, The Voice, Australian Idol වැනි ලෝ ප්‍රකට රියැලිටි වැඩසටහන් අනුකරණය කරමින් ශ්‍රී ලංකාව තුළද එවැනි වැඩසටහන් බිහිවිය. එහෙත් එහි ඇති ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රමිතිය පිළිබද ගැටලු මතුවන අවස්ථාද ඇත. ස්වාධීන රූපවාහිනී සේවය මෙරට ස්ථාපිත කෙරුණු ප්‍රථම රූපවාහිනී නාලිකාවයි. එහි විකාශය වන සංගීත මය වැඩසටහන් නියමිත ප්‍රමිතියකින් යුක්තය. පසුගිය 2024 දෙසැම්බර් 12 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවයට විශේෂ දිනයක් විය. ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කේන්ද්‍රීය කර ගනිමින් සංවිධානය වූ Talent Italia රියැලිටි වැඩසටහනෙහි විද්‍යුත් විකාශය අයිතිය ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයයි. Talent Italia යනු ලංකාව තුළ පවත්වා ගෙනයන අනෙකුත් රූපවාහිනී සංගීත තරඟ අතරින් වෙනස් මඟක් ගත් අපූරු වැඩසටහනකි. ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක දූ දරුවන්, තරුණ සහ වැඩිහිටි පරපුර අතර සංවිධානය කෙරුණු Talent Italia සංවිධායක සහ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කර ඇත්තේ ඉතාලියේ ඉඅ ඡ්මඥදබ හී නිර්මාතෘ සුදත් රෝහණ මහතාය. සාරංග නෙලුක්ෂ මහතා මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ තාක්ෂණික නිලධාරිවරයෙක් ලෙස සේවය කරයි. ඔවුන් දෙදෙනා සමඟින් Talent Italia ජයග්‍රාහකයින් දැක්වූ අදහස් මෙසේය.
Talent Italia සංවිධායක සහ නිෂ්පාදක සුදත් රෝහණ.
මම ඉතාලියට ආවේ 1993 වසරේදී. රෝමයේ වතිකානුවට අයත් පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මම පදිංචි වෙලා ඉන්නේ රෝමය නගරයේ. ලංකාවේ මගේ ගම මීගමුව පලල්තුරේ. ඉතාලියට එන කාලේ නියමිත සැලැස්මක් මා සතුව තිබුණේ නැහැ. මගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ඉතාලියට එන්න අවස්ථාව සැලසුණා. ඉඅ ඡ්මඥදබ නමින් මම නොයෙකුත් කලා කටයුතු ඉතාලිය තුළ සංවිධානය කරනවා. මේ වන විට ප්‍රසංග , වේදිකා නාට්‍ය සහ කලාකරුවන්ගේ සංචාර ඇතුළු වැඩසටහන් පනස් පහක් පමණ සංවිධානය කර තිබෙනවා. ඒ අතරින් මම කිහිපයක් මතක් කරන්නම්. ආදරණීය රෝහණ, ලෝරන්ස්ගේ මනමාලී, රංජන් රාමනායක සංචාරය, රිදී රැයක්, නළුනිළි ප්‍රසංගය, චැට් ඇන්ඩ් මියුසික් , ශිහාන් මිහිරංග , ෆැලන් ඇන්ඩ්‍රියා සහ ච් ර්චණධප ප්‍රසංග, මාලිනී ෆොන්සේකා 50 වැනි ජුබිලිය වැනි කටයුතු මම සංවිධානය කළා. මම අලුතින්ම කළ සංවිධාන කටයුත්ත වන්නේ Talent Italia වැඩසටහන. ශ්‍රී ලංකාවේ ජාතික නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනිය සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන්න ලැබීම සතුටට කරුණක්. අපේ වැඩසටහනේ නිල විද්‍යුත් මාධ්‍ය විකාශය ස්වාධීන රූපවාහිනිය මඟින් සිදු කෙරෙනවා. ඒ වගේම Talent Italia වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස සාරංග නෙලුක්ෂ මහතා කටයුතු කරනවා. ඔහු ඉතා උනන්දුවෙන් මේ වැඩසටහනට සහය ලබා දුන්නා. මට මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට අදහස පහළ වුණේ ගායන දක්ෂතා ඇති ළමා, තරුණ සහ වැඩිහිටි පිරිස මට හමු වී තිබූ නිසා. මම විවිධ තැන්වල සංචාරය කරන කෙනෙක්. ඒ අවස්ථාවල මම අහල තියෙනවා ඔවුන්ගේ ගායන හැකියාව. මට හිතුණා ඔවුන්ව එකම වේදිකාවකට රැගෙන ආ යුතුයි කියලා. ඒ අනුව තමයි Talent Italia ආරම්භ වන්නේ. ඉතාලිය, රුමේනියාව, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රට වලින් ළමයි සහභාගී වුණා. ඔවුන් ඉතා උනන්දුවෙන් මෙම වැඩසටහනට දායක වුණා. මෙවැනි වැඩසටහනක් ස්වාධීන රූපවාහිනියත් සමඟ එකතු වෙලා ඉතාලියේ සිදු කෙරුණේ ලෝකයේ ප්‍රථම වතාවට. මේ සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට සියයක් ප්‍රතිචාර ලැබුණා.
මම ප්‍රසංග කලා කටයුතු සංවිධානය කරන්නේ තනියම. සෑම දෙයක්ම සංවිධානය වන්නේ මගේ අදහස් අනුව පමණයි. වෙන කාගෙන්වත් මම උපදෙස් ගන්නේ නැහැ. එහෙත් ලංකාවේ සහ යුරෝපයේ මගේ හිත මිතුරන් ඉන්නවා. ලබන වසරේ Talent Italia සීසන් 2 සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. 2026 මාර්තු මාසේ ඒ සඳහා වැඩ කටයුතු ආරම්භ කරනවා. එයත් ඉතා සාර්ථකව සිත් ගන්නා අයුරින් සංවිධානය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
Talent Italia නිර්මාණ අධ්‍යක්ෂ සාරංග නෙලුක්ෂ.
මම Talent Italia නිර්මාණ අධ්‍යක්ෂණයට යොමු වුණේ ඉතාමත් සතුටින්. මේ වැඩසටහනට වැඩි වශයෙන් සහභාගී වුණේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්. ඉතාලියේ ප්‍රධාන නගර අටක් කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණා. මෙසීනා, නාපෝලී, රෝමය, ලුක්කා, ෆිරෙන්සි, වෙරෝනා, මිලානෝ, බ්‍රේෂියා යන නගර අට ඉලක්ක කරගනිමින් මේ වැඩසටහන දියත් කළා. මෙය විකාශය කිරීමේ අයිතිය ලබා ගත්තේ ස්වාධීන රූපවාහිනි සේවයයි. පසුගිය දෙසැම්බර් මස තමයි එහි සමාරම්භය සිදු වුණේ. ස්වාධීන රූපවාහිනි ශ්‍රවණාගාරයේදී මෙම විශේෂ අවස්ථාව සිදු වුණා. Talent Italia සංවිධානය කළේ රෝමයේ SR Event වෙනුවෙන් සුදත් රෝහණ මහතා. ඔහු එදින පැමිණ ස්වාධීන රූපවාහිනියට විකාශය අයිතිය පවරමින් ගිවිසුම් අත්සන් කළා. Talent Italia නිල විද්‍යුත් මාධ්‍ය සහකරු වන්නේ ස්වාධීන රූපවාහිනි සේවයයි.
මෙහි සංවිධායකවරයා වන සුදත් රෝහණ මහතාව අපට හඳුනා ගන්නට ලැබුණේ ඉතාලියේ මිලානෝ නගරයට ගිය අවස්ථාවක. ස්වාධීන රූපවාහිනී සේවයෙ Chat n Music වැඩසටහන වරක් ඉතාලියේ මොලානෝහිදී කළා. එහිදී තමයි අපට ඒ මහතාව මුණගැසුණේ.
Talent Italia මූලික තරඟ නගර අටකදි පැවැත්වූවා. ඊට අමතරව රුමේනියාවේදිත් පැවැත්වූවා. මුලික තරඟ පටන් ගත්තේ මාර්තු මාසේ. අපි කරන මෙම වැඩසටහන වෙනත් රියැලිටි වැඩසටහන් වලට වඩා වෙනස්ම මුහුණුවරක් අරගෙන තියෙනවා. තරඟකරුවන් කැමරාව් ඉදිරියේ හැසිරෙන ආකාරය, ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් කෙසේද සහ ඔවුන්ගේ ආකර්ශණීය බව මූලිකවම විමසා බැලුවා. ගායන හැකියාව තිබෙන අය තමයි තරඟයට ඉදිරිපත් වුණේ. ජනප්‍රිය ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණව අපි පිටත් කළා ඉතාලියට තරඟ විනිශ්චය කිරීම සඳහා. තරඟ වට සියල්ල අවසන් කර පසුගිය අප්‍රේල් 6 වැනිදා අවසාන මහා තරඟය පැවැත්වූවා. අවුරුදු හයේ සිට දහසය දක්වා වයස් කාණ්ඩය ළමා අංශය ලෙසත් දහසයෙ සිට හැත්තෑව දක්වා ඉහළට වැඩිහිටි අංශය ලෙස වර්ග කළා. ඒ අනුව කණ්ඩායම් දෙකෙන්ම හතර දෙනා බැගින් ජයග්‍රාහකයන් ලෙස තෝරා පත්කරගනු ලැබුවා. ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බෝගොඩ මහතා ලංකාවේ සිට තරඟ කරුවන්ට ප්‍රතිචාර ලබා දුන්නා. Talent Italia සඳහා ඉතාලියේ සෑම නගරයකටම සංවිධායකවරයෙක් බැගින් යොදවන්න හැකිවීම විශේෂත්වයක්.
මෙහි ජයග්‍රාහකයන්ට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවීමට නියමිතයි. ඉදිරියේදී කෙරෙන chat n Music වැඩසටහනට, ජයග්‍රහණය කෙරූ ශිල්පීන් ගෙන්වා ගන්න අපි කටයුතු කරමින් ඉන්නේ. ඔවුන් සඳහා අලුතින් ගීත නිර්මාණය කරන්න කටයුතු යොදනවා. ඇතැම් විට ඔවුන්ට රංගන වරම් පවා හිමිවේවි.
Talent Italia අවසන් තරඟයට සංවිධාන ශ්ක්තිය සැපයූ සියලුම ආයතන සහ සංවිධාන වලට අපගේ විශේෂ ස්තූතිය මේ වෙලාවේ පුද කරන්න අවශ්‍යයි.
ශෙනෝලා අංජලී ජයවර්ධන
(ප්‍රථම ස්ථානය)
වයස – 17
පදිංචිය ත්‍රෙවීසෝ (ඉතාලිය)
මම දැනටමත් ඉතාලියේ ආර්ට් වොයිස් ඇකඩමියට සම්බන්ධ වෙලා ඉන්නවා. සංගීතය ඉගෙන ගැනීමට. මම ඉතාලියේ ජීවත් වුවත් සිංහල සිංදු කියන්න හරිම ආසයි . Talent Italia වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබීම මට සතුටක්. එය මගෙ ජීවිතයේ ලැබුණ වටිනා අවස්ථාවක්. ඒ වගෙම මට ලැබුණ ජයග්‍රහණය ගැන මට ලොකු සතුටක් තියෙනවා. මට මේ අවස්ථාව ලබාදුන් SR Event හි සුදත් රෝහණ මහතාටත්, අනුග්‍රාහකත්වය ලබා දුන් සුචින්ත ප්‍රනාන්දු මහතාටත්, අධ්‍යක්ෂ සාරංග නෙලුක්ෂ මහතාටත්, විනිශ්චය මණ්ඩලයටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. සංගීතය, ගායනය පැත්තෙන් කවදා හෝ අන්තර් ජාතික වේදිකාව ජයගන්න මම බලාපොරොත්තු වෙනවා.
මිලන් නිපුණ දිල්හාන් ජයරත්න
(දෙවැනි ස්ථානය)
වයස – 32
පදිංචිය – පර්මා (ඉතාලිය)
කුඩාකල සිටම තිබු ආශාවක් තමයි ගායකයෙක් වීම. ඊචතඥදබ ධ්බචතඪරච වැනි වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබීම වාසනාවක්.පෞද්ගලිකව මම දුක් වූ අවස්ථා තිබුණා. ලංකාවේ කොතරම් ගායන තරඟ තිබුණත් සහභාගි වෙන්න නොහැකි වුණා රැකියාවෙන් නිවාඩු ගැනීමට අපහසු නිසා. මට දැනගන්න ලැබුණා ස්වාධීන රූපවාහිනිය සම්බන්ධ කරගෙන සංවිධානය වන Talent Italia ගැන. එදා මට පුදුම සතුටක් දැනුනා. එනිසා ඉක්මනින් අයඳුම් කළා.
දෙසීයකට වැඩි දක්ෂතා පිරි තරඟකරුවන් සංඛ්‍යාවක් සමඟ තරඟකර දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට හැකිවීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා වගේම නිහතමානී ආඩම්බරයක් හිතේ තියෙනවා.මෙවැනි තරඟ සංවිධානය කිරීම මහත් අසීරු කටයුත්තක්. සංවිධානය වීම, විනිසුරුවන් සොයා ගැනීම, තරඟකරුවන් එකම ස්ථානයකට රැස්කර ගැනීම වගේ දේවල් අපි සිතන දකින දේට වඩා හරිම අසීරු කාර්යයක් නමුත් ස්වාධීන රූපවාහිනිය සහ ඉතාලියේ SR Event එක්ව මෙය ඉතා සාර්ථකව කිරීම ගැන ශ්‍රී ලාංකිකයන් විදිහට ආඩම්බර වෙනවා.
දිල්ෂාන් රූපසිංහ
(තෙවැනි ස්ථානය)
වයස – 27
පදිංචිය – බුකරස්ට් (රුමේනියාව)
මම රුමේනියාවට ආවේ 2021 දී. කටුක අත්දැකීම් රාශියක් ලැබුවා මේ පැමිණි ගමනේදී. ලංකාවේ ඉන්න විට මගේ ජීවිතයම වුණේ සංගීතය. සංගීත කණ්ඩායම්වල මම කටයුතු කළා. ඒත් රුමේනියාවට ආපසු එයින් ටිකක් ඈත් වෙන්න සිදුවුණා. රුමේනියාවට ඇවිත් ටික කලක් ඉන්න වුණා රැකියාවක් නොමැතිව. ඉතාමත් දුෂ්කර කාලයක් පසුකළා.
Talent Italia ගැන දැන ගන්න ලැබුණහම පුදුමාකාර සතුටක් ඇතිවුණා. දැන ගත්ත ගමන්ම ඉල්ලුම් කළා. තියුණු තරඟයකින් පසු අවසාන තිදෙනා අතරට ඒමට හැකිවුණා. මම හැමදේම තනියම ගොඩනඟා ගත් කෙනෙක්. මෙපමණ කල් ආපු ගමනේදී හිත මිතුරන්, නෑදෑයන්ගෙන් උදව් ලැබුණා. මේ ලද ජයග්‍රහණය ගැන සතුටුයි. ආඩම්බරයි.
රැකියාව කරන අතරේම සංගීතයක් දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම මියුසික් වීඩියෝ එකක් කරල තියෙනවා. එය නුදුරේදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මගේම තවත් ගීත දෙකක් නිර්මාණය කරල තියෙනවා. සමාජයට ලස්සන, අර්ථවත් දෙයක් ගායනය සහ සංගීතය මඟින් කරන්න හිතාගෙන ඉන්නවා. Talent Italia සංවිධානය කළ සියලු දෙනාට මම මගේ ප්‍රණාමය පුද කරනවා.
පංචාලි පෙරේරා
(ප්‍රථම ස්ථානය – ළමා)
පදිංචිය – මිලාන් (ඉතාලිය)
Talent Italia වැඩසටහන ගැන දැනගත් අවස්ථාවේ සිට මම හිටියේ ගොඩාක් සතුටින්. මම පොඩි කාලේ ඉදන්ම ආසයි සින්දු කියන්න. ඒ නිසා මමත් ඉල්ලුම් කළා. මෙම වැඩසටහන වටිනා වැඩසටහනක් යුරෝපයේ පදිංචි වෙලා ඉන්න අපිට අපේකම හිතට දැනුණු වැඩසටහනක්. මම මේ වනවිට Vocale music system හි කටහඬ පුහුණුවීම්වලට සහභාගී වෙනවා. ඒ අතර වෘන්දාවරී ඇකඩමි එකේ සංගීත අංශයෙන් විශාරද උපාධිය ලබා ගැනීම සඳහා ඉගෙන ගන්නවා. මගේ සංගීත ගුරුතුමිය චන්දිමා මීපේගමගේ. තරඟකරුවන් විශාල සංඛ්‍යාවක් අතරින් ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවීම ගැන සතුටුයි. පෙරදිග සංගීතයත් , බටහිර සංගීතයත් හොඳීන් ඉගෙන ගෙන ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මිනෝලී නික්ෂා
(ළමා- දෙවැනි ස්ථානය)
පදිංචිය-වෙරෝනා (ඉතාලිය)
මම පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ වෙරෝනා වල. Talent Italia සඳහා මම සහභාගී වුණේ ඉතා උනන්දුවෙන්. ලංකාවත් එක්ක සම්බන්ධ වෙලා කරන වැඩසටහනක් නිසා ආඩම්බරයක් වගේම සතුටක් දැනුනා. ගීත ගායනයට මම පුංචි කාලේ ඉදන්ම කැමතියි. ඒනිසා මමත් මේ සඳහා සහභාගී වුණේ දැඩි විශ්වාසයක් ඇතුව. මට දෙවැනි තැන ලබා ගන්න පුලුවන් වුණා. ලංකාවෙන් ඈත් වෙලා ජීවත් වන අපට මෙවැනි වැඩසටහන් තිබීම ඉතා වටිනවා. මම ස්තූතිවන්ත වෙනවා Talent Italia සාර්ථක කරගන්න දිරිය දුන් සැමට.
සනුති වෙතාරා වීරසිංහ
(ළමා – තුන්වැනි ස්ථානය)
පදිංචිය – නාපොලි (ඉතාලිය)
Talent Italia වැඩසටහන ගැන දැන්ගන්න මගේ අම්මයි, තාත්තායි ඒ සඳහා මාව උනන්දු කළා. ඒ වගේ වැඩසටහන් තියෙන එක ඉතා හොඳ දෙයක්. ඉතාලියේ විවිධ නගරවලින් තරඟකරුවන් මේ සඳහා සහභාගී වී සිටියා. මට සතුටුයි මට තුන්වැනි ස්ථානය දිනා ගන්න හැකිවීම ගැන.මම ඉගෙන ගන්නේ ඉතාලි භාෂාවෙන්.මට ගිටාරය සහ පියානෝව වාදනය කරන්න පුළුවන්. මම පාසල් ගීත කණ්ඩායමේ ඉන්නවා. මගේ එකම බලාපොරොත්තුව ගායන හැකියාව දියුණු කරගෙන ඉදිරියට යන්න.
නයනාංජලි දෙහිපිටිය