සිහිනයක් නොවූ සිහිනයක්
අතීතයේ සිටම යමක් කමක් ඇති අයගේ දරුවන්, දුප්පත් දරුවන් සමීපව ඇසුරු කිරීම පිළිබඳව මනාපයක් නොතිබුණා සේම, දුප්පත් දරුවන් හොඳීන් අධ්‍යාපනය හැදෑරීම පිළිබඳව ද දැක්වූයේ දැඩි නොසතුටකි. පැතුම් සහ රඛිත ද එකම පන්තියක එකට අධ්‍යාපනය හදාරන සමාජ පරතරයන් දෙකකට අයත් පවුල් දෙකක මිතුරන් දෙදෙනෙකි. රඛිතට නැගණියක් සිටී. පැතුම් ඇයට තමාගේම නැඟණියකට සේ සෙනෙහස, ආදරය දක්වයි. ප්‍රාදේශීය දේශපාලනඥයකු වන රඛිතගේ පියා මොවුන්ගේ මිතුරුදමට නිතරම අකුල් හෙළයි. සෑම පාසැල් වාරයකදීම පන්තියේ පළමුවැනියා වන රඛිත, පැතුම්ට අධ්‍යාපනිකව උදව් උපකාර කරයි. එක් වාර අවසානයකදී පැතුම් පළමුවැනියා වී, රඛිත දෙවැන්නා වීම පිළිබඳව උරණ වන රඛිතගේ පියා ඔවුන් දෙදෙන බේද කරවයි. කාලය ගෙවීයන අතර තුර රඛිතගේ නැගණිය ඩෙංගු රෝගයට ගොදුරුව රෝහල් ගත කළ බව ඇසීමෙන් පැතුම් මහත් කම්පාවට පත්වෙයි. ඩෙංගු රෝගය ගම පුරා ව්‍යාප්ත වීම පිළිබඳව තම සීයාගෙන් කරුණු විමසන පැතුම් දැනගන්නේ අතීතයේ දී කානු පද්ධති තුල සාරිගප්පි යන මත්ස්‍යා බහුලව බෝවී සිටීම මදුරු ගහන වැළැක්වීමට හේතු වූ බවත්, වර්තමානයේ එම මත්ස්‍යා කානු තුළ නොමැති වීමත් නිවාස තුළ ඇති නොකිරීමත් ඩෙංගු රෝගයේ ව්‍යාප්තියට හේතුවක්ව ඇති බවයි. පැතුම් තම පංති භාර ගුරුතුමියගේ උපදෙස් මත ගම පුරාම සාරිගප්පි බෝ කිරීමට වෙහෙසෙයි. මේ හේතුවෙන් පැතුම් ගමේ ප්‍රාදේශීය දේශපාලනඥයාට වඩා ජනප්‍රිය වීම නොරුස්සන ඔහු පැතුම් ගේ මාළු ටැංකි විනාශ කරයි. පැතුම්ගේ ක්‍රියාව ඇගැයීමට ඔහුගේ නිවසට පැමිණෙන අධ්‍යාපන බලධාරින් සිදුව ඇති විනාශය දකී. ඔවුන් දේශපාලනඥයාට එරෙහිව කටයුතු කිරීමට තීරණය කරයි.ඉන් අනතුරුව සිදුවන සිදුවීම් සාරිගප්පි තුළින් පැහැදිලි කරදෙනු ඇත.
මාලක නන්දන විසින් රිදී තිරයට ගෙන එනු ලබන “සාරිගප්පි” ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්ෂේත්රයට පිවිසි ඔහු පසුකාලීනව, නිදහස් මාධ්‍යවේදීයෙකු, තිර පිටපත් රචකයෙකු, රූපවාහිනී වෙළඳ දැන්වීම් නිර්මාණවේදීයෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ද විය. කලක් බෞද්ධයා රූපවාහිනී නාළිකාවේ වැඩ සටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කල මාලක, රන්වල බලකාය හා එක්ව, ඔවුන්ගේ නිර්මාණ රැසකට සිය නිර්මාණශීලි දායකත්වය එක්කර ඇත. ජපානයේ දී තිර රචනය සහ අධ්‍යක්ෂණය පිළිබඳව දෙවසරක පුහුණුවක් ලද මාලකගේ ප්‍රථම නිර්මාණය වූයේ “සුද්දි” ප්‍රාසංගික ටෙලි නාට්‍යයයි. සුමතිපාල – ජෝතිපාල චිත්‍ර ශිල්පීන්ගේ ජනප්‍රිය “සුද්දි” චිත්‍රකතාව අනුසාරයෙන් තිර පිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ ඔහු පසුවදී, “වීදි පහන්”, “රතු පිච්ච”, “එළිය කන්ද ” හා “ඉන්කමිං ෆ්‍රී” වැනි ටෙලි නිර්මාණ රැසක් ආලින්දයේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර ඇති අතර, එකල ඉතාමත් ජනප්‍රිය වූ “කුමී” ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා ද ඔහු විය. මාලක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “උණුසුම් රාත්‍රිය” සහ “ආසයි බයයි” සිනමා නිර්මාණ යුගලය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
රංගන දායකත්වය
සරත් කොතලාවල, චන්ද්‍රසෝම බිංදුහේවා, සිනෙති අකිලා, මනෝජ් යාලගල, කුමාර වඳුරැස්ස, මංජුල වීරසිංහ, දිල්හානි කරුණාරත්න , ජයන්ත මුතුතන්ත්රි, තාරක උපේන්ද්‍ර, කුමාරි සේනාරත්න, සනත් බෙලිහුල් ඔය, අනුත්තරා දිසානායක, පද්මි කාංචනා සමඟින් නෙස්ටා මානෙත්, නිම්න වර්ෂාන, ජාන්වි අප්සරා, ප්‍රතාප් ධනිෂ්ක, හිරුපමා කසුන්දි, රමුදි අස්මුණි සහ ගිතුනි හිමල්ශා සඳමිනි ඇතුළු ළමා නළු නිළියන් පිරිසක් එක්ව ඇත.
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – මාලක නන්දන
නිෂ්පාදනය – එන්. උදය කුමාර, ඒ. පාරිස්ටර්
තිර රචනය – මාලක නන්දන, රනුක හේවාවිතාරණ
සහය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය – රනුක හේවාවිතාරණ
දෙවන සහය අධ්‍යක්ෂණය – සමින් බාලසූරිය
කැමරා අධ්‍යක්ෂණය – උපුල් ප්‍රියාන්
කැමරා සහය – නුවන් චමීර
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – දනාල් තිරංජන
අංග රචනය – ප්‍රියංක තිලක් රත්නායක
ඇඳුම් නිර්මාණය – ශානක ඉඳුනිල්
කලා අධ්යක්ෂණ සහය – යොහාන් චමෝද් කරුණාතිලක, ඊ.ඩී. සුදත්, දීපප් දුමාල්
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – දනාල් තිරංජන, මනේෂ් ප්‍රමුදිත
නිෂ්පාදන කළමණාකරණය – හැරල් කරුණාරත්න
පසුබිම් සංගීතය – නිමේෂ ධාරණ
ගීත රචනය සහ සංගීත අධ්‍යක්ෂණය – විමලජිත් දොඹගහවත්ත
ගීත ගායනය – සමන් ලෙනින්, විමලජිත් දොඹගහවත්ත, නෙස්ටා මානෙත්, රන්වල බලකායේ සහ කුමුදු නිශාන්ත රංගන පාසැලේ සිසු- සිසුවියන්
කාර්මික ශිල්පීන් – ලාල් ඩයස්, ප්‍රියන්ත පතිරණ
ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම – ජයන්ත මතුගම
ඩ්‍රෝන කැමරාකරණය – සම්පත් චතුරංග
5.1 ශබ්ද මිශ්‍රණය – ලක්ෂ්මී නාරායන්
නිෂ්පාදන සහය- රෝහණ විජේකුමාර
ඩී.සී.පී.පිටපත් මුද්‍රණය – ශාන් අල්විස්
සංස්කරණ මැදිරිය – ඔක්ලෝ ඉනෝවේටි අයිඩියාස් – ප්‍රභාත් පෙරේරා.
ඉදිරිපත් කිරීම – බලාජි සිනේ ෆිල්ම් සහ නීරෝ එන්ටර්ටෙයින්මන්ට්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු