මාලිනීගේ නවතම සිනමා රංගනය මලකි දුවේ නුඹ වැඩ අවසන්

by Thanushika
April 24, 2025 10:58 am 0 comment

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවැනි සිනමා නිර්මාණය වන ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වී ඇත. මාලිනී ෆොන්සේකා, සමනළී ෆොන්සේකා, කුශෙන්යා ෆොන්සේකා, ධනංජය සිරිවර්ධන සහ ප්‍රදීපා ධර්මදාස මෙහි චරිත නිරූපණය කරති.

මාලිනී ෆොන්සේකා තමාගේ පරම්පරා දෙකක් සමඟ එකට චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව මෙය වේ. එමෙන්ම ප්‍රවීණ ගායිකා ප්‍රදීපා ධර්මදාස වසර 30 ට පසු රංගන ශිල්පිනියක් ලෙස මෙම චිත්‍රපටයට දායකවීම විශේෂත්වයකි. ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න ගෙනි. මෙය රචනා කර ඇත්තේ වින්දන ආරියවංශ වන අතර සංස්කරණය සහ නිර්මාණ සැලසුම්කරණය කල්පන ආරියවංශ විසින් සිදු කරඇත. වේශ නිරූපණය ප්‍රියන්ත වන්නිනායකගෙනි. සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් සහ ශබ්ද නිර්මාණයෙන් සහ සංකලනයෙන් තපස් නායක් දායක වී ඇත.

‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය ආචාර්‍ය රෝහණ වීරසිංහගෙනි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT