නිවස කළා පුවත් 10 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 09 වැනිදා දක්වා

10 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 09 වැනිදා දක්වා

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

10 වැනි වරටත් පවත්වනු ලබන යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පසුගිය 03 වැනිදා සිට එළැඹෙන 09 වැනි දක්වා යාපනයේදී පැවැත්වේ. මෙවර සිනමා උළෙල සඳහා රටවල් 18ක් නියෝජනය කරන බව සංවිධායක මණ්ඩලය සරසවියට පැවසීය. සිනමා පට 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරන අතර එහි සමාරම්භක උත්සවය යාපනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. පළමු දිනයේ පුට් රෙවතිගේ කොඩායි ඉරුල් දෙමළ සිනමාපටය ප්‍රදර්ශනය කෙරිණි.

පසුගිය 3 වැනිදා සිට එළැඹෙන 09 වැනිදා දක්වා, යාපනයේ විශ්වවිද්‍යාලයේ කයයිලාශපති ශ්‍රවණාගාරය, යාපනය, නුවර පාරේ පිහිටි කලට් ආයතනය හා ඇමරිකන් සෙන්, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයන්හිදි සිනමාපට ප්‍රදර්ශනය කෙරේ.

මෙවර සිනමා උලෙළේ තරගකාරී අංශ හතරක් නියෝජනය කෙරේ. හොඳම දේශීය කෙටි චිත්‍රපටයට සිලෝන් තියටර් සම්මානයද පිරිනැ⁣මෙනු ලබයි.

හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය, හොඳම කුලුඳුල් සිනමාපටයට හිමි සම්මානය, ආසියාවේ නැවුම් නිර්මාණශිලි සිනමාපටය හිමි සම්මානය, ප්‍රේක්ෂක සම්මානය, ජනප්‍රිය සම්මානයන් සමඟ ජීවිතේ එක් වරක් දෙනු ලබන යාවජීව සම්මානයන් පිරිනැමීමට නියමිතය.

කන්නඩ සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගිරිෂ් කසරවල්ලි වෙත ජීවිතයේ එක් වරක් පමණක් පුද දෙනු ලබන යාවජීව සම්මානය මෙවර හිමිවේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT