Home » 02 වැනිදා සිට ජාතික නාලිකාවෙන් නවතම වැඩසටහන් මාලාවක්

02 වැනිදා සිට ජාතික නාලිකාවෙන් නවතම වැඩසටහන් මාලාවක්

by Thanushika
October 31, 2024 12:30 am 0 comment

ගුණාත්මක වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන ජාතික රූපවාහිනියේ නවතම වැඩසටහන් පෙළක් එළඹෙන 02 වැනිදා සිට විකාශය කෙරේ. එහි පළමු වැඩසටහන ලෙස Art + 02 වැනි සෙනසුරාදා ප.ව.07.00 සිට 07.30 දක්වා විකාශය කෙරේ.

මෙ හරහා චිත්‍ර, නැටුම්, සංගීතය, ටැටූ කලාව, මෝස්තර නිර්මාණය, නිරූපණ ක්ෂේත්‍රය, ඡායාරූපකරණය, පොත් ප්‍රදර්ශනය, you Tube vlog,  කලා අංගවලින් හා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ සංස්කෘතික ආයතන වල ට්ධඥබඩඥ පැවැත්වෙන සියලු කලාත්මක අංගයන් ඇතුළත්ව මෙම වැඩසටහන නිෂ්පාදනය කරනු ලබයි. අන්තර් සංස්කෘතීන්ට අයත් කලාත්මක සංස්කෘතිකාංග හුවමාරු කර ගැනීම, එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කිරීමට පෙලඹවීමත්, මෙම වැඩසටහන මඟින් ප්‍රේක්ෂකයාට රස විඳීමට සැලසීම බවයි වැඩසටහන් අධ්‍යක්ෂ අනෝමා වීරසේකර පැවසුවේ.

මෙයට සමගාමීව එළඹෙන 03 වැනි දින සිට සෑම ඉරුදිනකම රාත්‍රී 07.00 සිට 07.30 දක්වා ‘සංයුග’ තරුණ සඟරාමය වැඩසටහන සුමින්ද තිලකසේනගේ අධ්‍යක්ෂණයෙන් විකාශය කෙරේ.

තරුණ නිර්මාණකරුවන්ගේ විලාසිතා, රංගනය, චිත්‍ර, සංගීතය හා වෙනත් දක්ෂතාවයන් ඒ හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම මෙහි අරමුණ වී ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT