Home » හොඳම සහය නළුවාට මහේන්ද්‍ර නිර්දේශ වෙයි

හොඳම සහය නළුවාට මහේන්ද්‍ර නිර්දේශ වෙයි

by Thanushika
March 20, 2025 9:31 am 0 comment

2025 ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ ‘පැරඩයිස්’ චිත්‍රපටයේ සාජන් බණ්ඩාරගේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා නිර්දේශ වී ඇත. ප්‍රසන්න විතානගේ ‘පැරඩයිස්’ සිනමා නිර්මාණය ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ හොඳම සිනමාපටය ලෙස නිර්දේශ නාම අතරට තේරී පත්ව ඇත.

එය ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

හොඳම සංස්කරණයට ඒ. ශ්‍රීකර් ප්‍රසාද් සහ හොඳම නිළියට දර්ශනා රාජේන්ද්‍රන් ද නිර්දේශ වී ඇති බව සඳහන් වේ. මෙවර ඉන්දියානු විචාරක සම්මාන උලෙළ 2025 එළැඹෙන 25 ඉන්දියාවේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT