පෙළින් පෙළට ඉගිලී යන පාට පාට සමනල්ලු වගේ තමයි පුංචි පුංචි හීන දකින පුංචි ළමයි. සිහින කියන්නේ, පාසල් අධ්‍යාපනය හදාරමින් ගම්මානයක දිවි ගෙවන දුප්පත් අහිංසක වගේම ඉගෙන ගැනීමට දක්ෂ දරුවෙක්. සිහිනගේ තාත්තා මිය යන්නේ එයා පුංචි කාලයේදීමයි. අසනීපයෙන් පසුවුණ තාත්තාව බේරගන්න, සිහිනගේ අම්මා – සඳවතී නොගත් උත්සාහයක් නොමැති තරම්. සිහිනගේ තාත්තා මිය යද්දි එයාලගේ ගේයි ඉඩමයි ගමේ ඉන්න යාළු මාර මුදලාලිට උකස් කරලා මුදල් අරගෙන තිබුණේ. ඒ මුදලාලි ඒ තරම් හොඳ කෙනෙක් නොවෙයි. මුදලාලිගේ පුතා කසුන් ඉගෙන ගන්නෙත් සිහිනගේ පන්තියේමයි. මේ තාත්තා සහ පුතාගෙන් සිහිනලාට හරියට හිරිහැර කරදර සිදු වෙනවා. මේ දෙන්නා සිහිනගේ ඉගෙනීම කඩාකප්පල් කරන්න නිතරම උත්සාහ කරනවා. සිහින හැම වාරෙකම පන්තියේ පළවෙනියා. මුදලාලි හදන්නේ සිහිනගේ පාසැල් ගමන නතර කරලා, මුදලාලිගේ වත්තේ වැඩට ඔහුව ගෙන්වාගන්න. ඔය අතරේ තමාගේ අම්මට පිළිකාවක් තියෙන බව දැන ගත් සිහින ගොඩක් අසරණ වෙනවා. දිනක් රෝගය උත්සන්න වුණ මොහොතක සඳවතීව රෝහල් ගත කරනවා. එහිදී අවශ්‍ය බෙහෙතක් රැගෙන ඒමට ගොස් පැමිණෙන විට සඳවති මිය ගිහින්. ගුරුවරුන්ගේ උදව්වෙන් සිහින ඉගෙන ගන්නවා. මුදලාලි මුල් ගුරුතුමාට බලපෑම් කරනවා සිහිනව පාසැලෙන් ඉවත් කරන ලෙසට. අසරණ වීම් හා කරදර බාධක මැද දිවි ගෙවන සිහිනගේ අනාගතය කුමන දිසානතියකට යොමුවේ ද යනු මෙතුළින් පෙන්වා දී ඇත.
තම කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙසින් “එක හීනේ පාට ගොඩයි” රැගෙන සිනමා ක්ෂේත්රයට පිවිසෙන මාලක වීරවර්ණකුල, කැලණිය විශ්ව විද්‍යාලය, වයඹ ජාතික අධ්‍යාපන පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ විද්යාර්ථයෙක්ද වන අතර, වර්තමානයේ ශ්‍රේණිධාරි විදුහල්පතිවරයකු ලෙස සේවයේ නිරතව සිටී. පාසල් අධ්‍යාපන අවධියේ සිටම කලාවට ඇලුම් කළ මාලක, කලක් නාට්‍ය හා රංගකලා ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇත. එයින් ලද ආභාසය හා උනන්දුව මත ජාතික තලයේ නාට්‍ය තරගාවලි රැසක් ජයග්‍රහණය කරන්නට ඔහුට හැකියාව ලැබී ඇත. “හීන ගොඩයි”, “මැජික් සීයාගේ සතුටු කරත්තය”, “පාර කියන මල් කුමාරි”, “කහ ඉර මෙතනයි”, “තරහා වෙන්න එපා යාළු” වැනි වේදිකා නාට්‍ය නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කරමින් වේදිකාගත කිරීමෙන් අනතුරුව ඔහු හදාළ කලාවේ කූට ප්‍රාප්තිය ලෙසින් “එක හීනෙහි පාට ගොඩයි” නිර්මාණය වී ඇත.
රංගන දායකත්වය
දුලානි අනුරාධා, මිහිර සිරිතිලක, මධුෂාන් නානායක්කාර, ඩී.බී. ගංගොඩතැන්න, ලක්ෂිකා ෆොන්සේකා, රුක්ෂාණා දිසානායක, ඉන්දික මධුරගේ, රවීන් තාරුක, සමන් රාජපක්ෂ, ශාලිකා එදිරිසිංහ, නිහාල් ප්‍රේමරත්න, සමිත් මධුශාන්, සේන ගුණවර්ධන, මානෙල් චන්ද්‍රලතා, ප්‍රසන්න ප්‍රභාත්, නිශාන්ත සිංහලගේ, ලින්ටන් අබේසේකර, රන්දිම සිදත් හෙට්ටිආරච්චි, අචිනි සෙව්වන්දි, යුෂින්තා නිලක්ෂි, සුබෝධා චාමනී, බින්දු බෝතලේගම
ළමා ශිල්පීන්
ෂෙහාන් සත්සර, අමන්දි දම්තුලිනි, මධුප්රිය මල්ෂාන්, හංසගීත් ජයවීර, අචල ලක්ෂාන්, චමිදු දයාංජන, ඔනෝද්ය පියුමාලි, විනෝද්ය පන්සිලුනි, ශෂිකා දේවින්දි, සෂිනි ආසිංසනා, හසිරු රුක්ෂාන්, ඕෂධ ඉඳුවර, තමිල දෙව්මිත්, පසිඳු පුංචිහේවා, නදීෂ් කල්හාර, ගෞරි ප්‍රබුද්ධිකා, හසින්ති මධුෂානි, මිනූ මලින්දි, තීක්ෂනා දේවින්දි
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය සහ තිර රචනය – මාලක වීරවර්ණකුල
නිෂ්පාදනය – වර්ණ ටෙලි මීඩියා
සහය නිෂ්පාදනය – ප්‍රසන්න ලක්මාල්, ළහිරු සුපුන් වීරවර්ණකුල
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – රන්දික නදීශාන් විජේමාන්න
කලා අධ්‍යක්ෂණය – සුජිත් කුමාර රොටුඔගේ
සහය කලා අධ්‍යක්ෂණය – මහින්ද දොළමුල්ල
අංග රචනය – ගාමිණී කොස්තා
සහය අධ්‍යක්ෂණය – සමන් රාජපක්ෂ, සිදත් හෙට්ටිආරච්චි, පසන් ලක්මාල්
ඇඳුම් නිර්මාණය – කේ.එච්. නදීශා සුරංගනී
නර්තන වින්‍යාසය – සදීප ලක්ෂාන්
නිෂ්පාදන කළමනාකරණය – නවීන් ක්‍රිෂ්මාල්
නිශ්චල ඡායාරූප – නිපුන් ෆොන්සේකා, ලින්ටන් අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය – අජන්ත රාජකරුණා
ගී පද රචනය – මාලක වීරවර්ණකුල, නිමල් විජේසේකර, ධම්මික බණ්ඩාර
ගීත ගායනය – සහන් නානායකාර, සේතුනි සහන්සා
ගීත ගායනා සහය – නිල්මිණි මල්ෂිකා, අමාලි ප්‍රතිභා, සිරන්දි නිල්විත්, සෙනුත් ලක්වින්, ඉමාෂා ෂෙස්මි
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු