Home » හිප් හොප්, රැප් කියන්නේ පීඩාවට පත් වූ ප්‍රජාවගේ වේදනාව

හිප් හොප්, රැප් කියන්නේ පීඩාවට පත් වූ ප්‍රජාවගේ වේදනාව

- රැප් ගායක පුංචි මලිත්

by Thanushika
October 30, 2025 10:56 am 0 comment

රැප් ගායනය යනු නූතන සංගීත කලාව තුළ වඩාත් ජනප්‍රියවූත් ප්‍රධාන ධාරාවේ පවතින එක් ශානරයකි. රැප් ගායනය යමිකිසි තේමාවක් පාදකව ප්‍රකාශනයක් ගොඩ නැඟීම, සමාජ විවරණය, සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් සමුදායන් ශ්‍රාවකයා සමඟ හුවමාරු කරගන්නා වූ ගායන ආකෘතියකි. පුංචි මලිත් යනු රැප් ගායනය සම්බන්ධයෙන් කාලාන්තරයක සිට විවිධ ප්‍රකාශනයන් හරහා ශ්‍රාවකයා වෙත දායද කර ඇති ගායකයෙකි. ඔහු ගායනා කර ඇති හඳහන’, ‘ශෝටයි බාටයි’, ‘හිප්හොප් වාට්ටුව 2’, ‘ජැක්සන් මයිකල්’, ‘H4R4M1 4 LYF’, ‘Rising from the East’  සහ ‘එකසිය එක’ වැනි ගීත ශ්‍රාවකයා අතර ඉහළින් ජනප්‍රිය විය. ඔහු සහභාගී වන නොවැමිබර් 1 දා නෙළුමි කූලුණ පරිශ්‍රයේ දී ‘බෙහෙත්’ නමින් ජාත්‍යන්තර සහ දේශීය රැප් ගායකයන්ගේ එකතුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ වෙන්වන්නේ රැප් ගායක පුංචි මලිත් සමඟ සිදුකළ කතාබහ සමඟිනි.

ඔබ සංගීත කලාවට පැමිණීමේ පසුබිම මොකක්ද?

මගේ සංගීත ජීවිතය ආරම්භ කරන්නේ පුංචි කාලෙ ඉඳන්මයි. අම්මා සති අන්තයේ ලෙක්චර්ස් යද්දී මම නතර වෙලා හිටියේ ගෙදර සංගීත ගුරුවරයෙක්ගෙ. ඉතින් එතනදි මට සංගීතය හොඳටම සමීප වුණා. ඒ වගේම මගේම ගෙදර පරිසරයත් එහෙමයි. අපේ අක්කා පියානෝ වාදනය කරනවා, අම්මයි තාත්තයි නිතරම සින්දු අහනවා. ඉතින් පුංචි කාලේ ඉදන්ම සංගීතය මගේ ජීවිතේ කොටසක් වෙලයි තිබ්බේ.

රැප් ගීත ගායනා කිරීමට ඔබව මුලින්ම පෙලඹවූයේ මොකක්ද?

මට වයස අවුරුදු දහයක් විතර වෙද්දි අපේ තාත්තා මට අයිස් කියුබ්ගේ CD  එකක් ගෙනත් දුන්නා. මුලින්ම මගේ හිත ඇදිලා ගියේ ඒකෙ බීට්ස්වලට යොදාගෙන තිබුණු සාම්පල්ස්වලට. ඒත් ටිකෙන් ටික අහගෙන යද්දි, මට ඒවායේ පද රචනාවලට ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් මම ඒ රැප් අහන ගමන්ම, ඒවා ඒ විදියටම කියන්නත් පුරුදු වුණා. ඒ විදියට තමයි මම මුලින්ම මගේ විදියට ඉංග්‍රීසියෙන් රැප් කරන්න පටන් ගත්තේ. පස්සෙ සිංහලෙන් රැප් කරන්නත් පටන් ගත්තා.

මේ වනවිට ඔබ ගායන කර ඇති ගීත මොනවද? ඊට ලැබුණ ප්‍රතිචාර මොනවද?

මම රැප් රෙකෝඩ් කරන්න පටන් ගත්තේ වයස 15දි විතර ඉඳන්. හැබැයි ඒ කාලේ කරපු සින්දුවලින් මම එළියට දැම්මේ බොහොම පොඩ් ප්‍රමාණයයි. ඉන් පසුව වෙනත් කලාකරුවොත් සම්බන්ධ කරගෙන කරපු නිර්මාණ තමයි මම ප්‍රසිද්ධ කළේ. ඒ සින්දුවලට නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ‘හඳහන’, ‘කෝ කෝ’, ‘ශෝටයි බාටයි’, ‘හිප්හොප් වාට්ටුව 2’, ‘ජැක්සන් මයිකල්’, ‘H4R4M1 4 LYF’, ‘Rising from the East’  සහ ‘එකසිය එක’ කියන්නෙ හොද ප්‍රතිචාර ලැබුණු සහ මම සම්බන්ධ වූ සින්දු කිහිපයක්.

ඔබ නොවැමිබර් මස පළමු වැනිදා සහභාගී වන ‘බෙහෙත්’ සංගීත ප්‍රසංගය ගැන කතා කරමු…

මමයි මගේ බෑන්ඩ් එකේ අයයි දැන් සෑහෙන කාලෙක ඉඳන් විදේශගත වෙලා ඉන්නේ. ඒ වගේම මමයි, මගේ හොදම යාළුවෙක් වන සහ අපේ බෑන්ඩ් එකේ Producer/DJ වෙන BabeOnDaBeatත් ඉන්නේ මෙහෙ entertainment industry එකේ. එයා මෙහෙ සම්මානලාභී DJ කෙනෙක්. ඉතින් ඒ ක්ෂේත්‍රයේ ඉන්න නිසා, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක් කියන්නේ මොකක්ද, ඒවයේ production quality එක කොයිතරම් ඉහළද? කියන එක අපි නිතරම අත්දකිනවා. ඒ නිසා අපිට කාලෙක ඉඳන් ලොකු වුවමනාවක් තිබුණා, ඒ අත්දැකීම, ඒ ඉහළම ප්‍රමිතිය කිසිම අඩුවක් නැතුව ලංකාවේ අපේ ප්‍රේක්ෂකයන්ටත් දෙන්න. ඒ එක්කම අපි දැක්කා ලංකාවේ අලුත් සංගීතය ගොඩක් වාණිජකරණය වෙලා, ඇත්තටම කිව්වොත් ඒක ‘infect’ වෙලා තියෙන විදිය. ඉතින් අපේ අරමුණ වුණේ ඒ infection එකට underground hip-hop සංගීතය හරහා ‘බෙහෙතක්’ දෙන එක.

ඔන්න ඔය අදහස් දෙකම එකතු වෙලා තමයි ‘Beheth Concert’ එකේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඒකයි අපි මේකට ‘Sri Lanka’s Highest Stage for Hiphop’ කියලා කියන්නෙත්. මොකද අපි දෙන්න හදන්නේ ඒ මට්ටමේ අත්දැකීමක්. මේ දැවැන්ත වැඩේ සිද්ධ වෙන්නේ නොවැම්බර් පළවෙනිදා, නෙළුම් කුලුණේ එළිමහන් වේදිකාවේදී. හවස 4 ඉඳන් පටන් අරගෙන, පහුවදා පාන්දර 2 වෙනකල්, ඒ කියන්නේ පැය 10ක් පුරාවට එක දිගටම non stop, high energy audio and visual experience එකක් දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ වගේම මේ පැය 10 පුරාවටම ඔයාලට අවශ්‍ය ආහාරපාන මිලදී ගන්නත් පහසුකම් සලසලා තියෙනවා. මේක නිකන්ම වේදිකාවක් නෙවෙයි, ප්‍රේක්ෂකයන්ට මීට කලින් ලංකාවේ විඳලා නැති musical experience එකක් දෙන්න අපි කරපු ලොකු වැඩක්. Lights සහ LEDවලින් ආලෝකමත් කරපු, කොටස් තුනකට වෙන් කරපු විශේෂ වේදිකාවක් තමයි එදාට ඔයාලට දකින්න ලැබෙන්නේ.

කලාකරුවන් ගැන කතා කළොත්, main lineup එක විදියටRasthiyadu Padanama, Costa, BabeOnDaBeat, Big Doggy, Shan Putha, Smokio, K Mac, Zany Inzane, Nikz Nk, Tikx Kooda, Lean Money Gang, KK, සහ DJ Imalka වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ hiphop artistsලා පිරිසක්ම වේදිකාවට එනවා. ඒ විතරක් නෙවෙයි, underground ඩඪනඩධන කලාව වෙනුවෙන් කැපවුණු, කවුරුත් බලාපොරොත්තු නොවෙන surprise artistsලා සහ ච්බ්ඵලාත් එදාට මේ වැඩේට එකතු වෙනවා. විශේෂම දේ තමයි, ‘රස්තියාදු පදනම’ අවුරුදු 9කට පස්සේ ආයෙමත් ලංකාවේ ප්‍රසංගයකට එන්නෙත් මේ වේදිකාවට.

ඒ නිසා ආයෙත් කියනවා මේක නිකන්ම නිකන් concert එකක් නෙවෙයි, මේක high energy, underground hip-hop movement එකක්. Tickets ගන්නත් හරිම ලේසියි. ඉතින් මේ once in a lifetime අත්දැකීම විඳගන්න ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න

ඔබේ රැප් ගායන විලාසය ඔබ විස්තර කරන්නේ කොහොමද? සහ එය අනෙකුත් රැප් ගායකයින්ගෙන් වෙනස් වන්නේ කොහොමද?

ඇත්තටම මගේ රැප් විලාසය කියන්නේ මම හැදී වැඩුණු පරිසරයේම ප්‍රතිබිම්බයක්. මම ගොඩක් වෙලාවට රැප් කරන්නේ මම ඇත්තටම දැකපු දේවල්, මම පෞද්ගලිකව අත්විඳපු දේවල්, එහෙමත් නැත්නම් මමයි මගේ යාළුවොයි මුහුණ දීපු සිදුවීම් ගැන. ඒ නිසා මගේ style එක මෙන්න මේකයි කියලා ලේබල් එකක් ගහන්න මම දන්නේ නෑ. ඒක මගේ ජීවිතේ එක්කම ගොඩනැගුණු දෙයක්. අනිත් අයගෙන් මම වෙනස් වෙන්නේ කොහොමද කිව්වොත්, මම හිතන්නේ ප්‍රධානම දේ මගේ  vocabulary එක සහ delivery එක. ඒකත් අර කලින් කිව්වා වගේ මම ආපු පරිසරයෙන්, මම ගැවසුණු මිනිස්සුන්ගෙන් මට ලැබුණු දෙයක්. මම හිතනවා ඒක තමයි මගේ අනන්‍යතාවය කියලා.

ලංකාවේ රැප් ගායන ශෛලිය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

මම දකින විදියට හිප් හොප්/ රැප් කියන්නේ පීඩාවට පත් වෙච්ච ප්‍රජාවගේ වේදනාව, තමන්ගේ කතාව එළියට දාන්න ලැබුණු වේදිකාවක්. මේ කලාව තුළ ඕනම කෙනෙක්ට, ඕනම මාතෘකාවක්, තමන්ට ඕනම විදියකට ඉදිරිපත් කරන්න නිදහස තියෙනවා. ඒ නිසා ලංකාවේ රැප් ශෛලීන් විනිශ්චය කරන්න මට අයිතියක් නෑ කියලයි මම හිතන්නේ. රැප් කරන කෙනා අව්‍යාජ නම්, තමන් කියන වචන වලට අවංක නම්, එච්චරයි වැදගත්.

ඔබේ රැප් ගායනය සඳහා බලපෑ සංගීතඥයන් හෝ ගායකයන් කවුද?

මගේ style එකට ගොඩක්ම බලපෑම් කරපු අය ගත්තොත් Ice Cube, Biggie Smalls, 2Pac, Nas, Snoop Dogg, Jay-Z සහ Lil Wayne වගේ අයව කියන්නම ඕන. ඊට අමතරව මේ දවස් වල Westside Gunn, Larry June, Curren$y, Pusha T, Malice, BigXthaPlug  වගේ අයගේ සින්දු ගොඩක් අහනවා. ඇත්තම කිව්වොත්, මම මිට වඩා ගොඩක් අයගෙන් Inspire වෙලා ඇති. මේ කිව්වේ මට එකපාරටම මතක් වුණු නම් කිහිපයක් විතරයි.

බොහෝ රැප් ගායකයින් යමිකිම් කතාවක් කීමට ඔවුන්ගේ සංගීතය භාවිතා කරනවා. ඔබ ඔබේ රැප් ගීතවලින් කියන්නට උත්සාහ කරන්නේ මොකක්ද?

මම මගේ රැප්වලින් කියන්න උත්සාහ කරන්නේ මම දකින ඇත්ත. ඒක ඇතුළේ සමාජ අසාධාරණය, පොලිස් භීෂණය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඇබ්බැහිවීම්, කල්ලි සංස්කෘතිය, ව්‍යාජ මිනිස්සු සහ සමාජයේ ඉන්න වංක පුද්ගලයෝ ගැනත් මම කතා කරනවා.

ඔබගේ අදහස අනුව අද සමාජය තුළ රැප් ගායනය ඉටු කරන කාර්යභාරය කුමක්ද?

රැප් ගායකයෙක්ගේ ප්‍රධානම වගකීම තමයි, තම ප්‍රජාව ඇතුළේ, එහෙමත් නැත්නම් තමන්ගේ ජාතිය, සංස්කෘතිය හෝ සුළුතරයක් අතරේ ඇත්තටම මොකක්ද? වෙන්නේ කියන දේ හෙළිදරව් කරන එක. රැප් ගායකයාගේ රාජකාරිය තමයි ඇත්ත එළියට ගේන එක.

රැප් ගායනයට පිවිසීමට උත්සාහ කරන තරුණ කලාකරුවන්ට ඔබ දෙන උපදෙස කුමක්ද?

Just be real. ඔයා, ඔයාම වෙන්න. genuine වෙන්න. ඔයාගේ වචනවලට සත්‍යවාදී වෙන්න. මොකද, ඔයාගේ වචන වලට ලොකු පවර් එකක් තියෙනවා.

ඔබ රැප් ගායකයකු ලෙස මේ ආ ගමනට උදවි කළ පිරිස මතක් කරමු….

මේ ගමනට මට ගොඩක් අය උදවු කරා. මගේ පවුලේ අය, මගේ යාළුවෝ, විශේෂයෙන්ම නදීෂ්, පුලියා, චතුවා, BabeOnDaBeat, Costa, Big Doggy, Azim Ousman, Taizy ඇතුළු තවත් ගොඩක් අය මට ලොකු සහයෝගයක් දුන්නා.

 

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT