නිවස ලාංකිය සිනමාව හඳට නොයා හඳ අල්ලපු ළමයින්ගේ කතාව

හඳට නොයා හඳ අල්ලපු ළමයින්ගේ කතාව

by Mahesh
October 17, 2024 12:30 am 0 comment

“රොකට්” සිනමා නිර්මාණය සිංහල සිනමා වංශ කතාවට එක්වන සුවිශේෂිත නිර්මාණයක් වනුයේ, මෙය පූර්ණවශයෙන්ම පාසල් සිසු දරුවන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් පමණක්ම නිමැවූ සිනමා නිර්මාණය වීම හේතුවෙනි. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙය තිරගතවීමට නියමිතව ඇත. මෙම සිනමාපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළ දෙනුවන් සමරසිංහ 6 වන ශ්‍රේණියේ සිටම ඉහත විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා 2023 කලා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ මුහුණ දී විශ්ව විද්‍යාලීය ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින ඔහු බාල වීයේ සිටම රංගනයට, නිවේදනයට, නර්තනයට සහ ගායනයට විශේෂ දක්ෂතා දැක්වූ සිසුවෙකි. ඔහු විසින් 2022 වසරේදී “සේයා” නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. ඕනෑම නිර්මාණයක ජීවය, ජවය, සවිය රඳා පවතින්නේ තිරපිටපත මත වේ. එය සවිමත් නිවසක අත්තිවාරම බඳුය. “රොකට්” තිරපිටපත ලියමින් මෙම නිර්මාණයට මූලික වී විශාල කැපකිරීමක් කර ඇති නදුන් දර්ශන සිසුවා මෙම නිර්මාණයේ සංස්කරණය, හඬකැවීම, ග්‍රැෆික් නිර්මාණකරණයටද දායක වෙමින්, පූර්ව ප්‍රචාරකපටය හා පෝස්ටර් නිර්මාණයටද ඔහුගේ සහජ කුසලතා එක්කර ඇත. රොකට් චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියාද වන ඔහු රංගනයට හා ගායනයට කුසලතා පෙන්වූ සිසුවෙකි. ගොඩකවෙල කුලරත්න මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2023 අ.පො.ස. උසස් පෙළ සමත්ව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටී.

“රොකට්” සිනමා පටයට තේමාව වී ඇත්තේ, නුවන් දුනුසිංහ නම් පාසල් ශිෂ්‍යයකු හා ඔහුගේ යහළු යෙහෙළියන් නව දෙනකු වටා ගෙතී ඇති, විටෙක සංවේදනාත්මක වූත්, තවත් විටෙක ත්‍රාසය කුතුහලය පිරි සිදුවීම් රැසකින් ගහණවූත්, අනේකවිධ බාධක මැද තම අරමුණ නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව ජයගන්නා ආකාරයත් පිළිබඳ වූ කතා පුවතකි. නුවන්ගේ පියා වූ නයනජිත් දුනුසිංහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වෙළෙඳ දැන්වීම් ආයතනයක විධායක නිලධාරියෙකි. ඔහුගේ බිරිඳ කලකට පෙර මියගොස් ඇත. සිය එකම පුතා හා නිවසේ මෙහෙකරු සමඟින් ඔවුහු ජීවත් වෙති. පියා සහ පුතු අතර ඇත්තේ අසීමිත වූ බැඳීමකි. දක්ෂ සිසුවෙකු වූ නුවන් තම යහළු යෙහෙළියන් සමඟින් නව නිපැයුම් තරඟයකට ඉදිරිපත් වීමේ සූදානමින් සිටී. දිනක් නුවන් සහ පියා නිවසේ සිටියදී කඩදහි රොකට් එකක් ඔවුන්ගේ නිවසට පතිත වන අතර, එය නිවසට එවූ දෙදෙනෙකු යතුරු පැදියකින් පලායන අයුරු නුවන් දකී. නව නිපැයුම් තරඟයට රොකට් එකක් නිර්මාණය කරන අයුරු ජගත් සර් විසින් දරුවනට පහදා දෙයි. ඒ අනුව යමින් ඔවුන් විසින් සාදන ලද රොකට් නිර්මාණය අවසන් වටයට සුදුසුකම් ලබයි. මේ අතර නුවන්ගේ පියාට ලැබෙන හදිසි දුරකථන ඇමතුමකට අනුව ඔහු නිවස බලා පිටත්වෙයි. ඒ අතරමග යම් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අයුරු ඔහු දකියි. නිවසට යන ඔහු දකින්නේ තම නිවසේ මුල්තැන්ගෙයි බඩු භාණ්ඩ අවුස්සා විසිරුවා ඇති අන්දමයි. මෙහෙකරු වූ මෙන්ඩිස් ඒ පිළිබඳව නොදන්නා බව පවසයි. මිනීමැරුම් සිද්ධිය පිළිබඳ වූ ප්‍රවෘත්තිය රූපවාහිනියෙන් දකින නුවන් නිවසට එන විට දකින්නේ, තම පියාව පොලිස් ජීප් රථයක නංවා රැගෙන යන ආකාරයයි. තම පියා නිරපරාදේ අත්අඩංගුවට පත්වූ හේතුවට පාදක වූ සියලු තොරතුරු නුවන් විසින් සොයා ගනී. ඒ සඳහා ඔහුට පියාගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා හා පොලිසිය මෙන්ම ශ්‍රියාණි නමැති මැදිවියේ කාන්තාවක් ද උදව් කරයි. නුවන්ගේ පියා බේරා ගැනීමට ඔහුට හැකිවේද? නව නිපැයුම් තරඟයෙන් ඔහු ජය ගනීවිද? මිනීමැරුමේ සැබෑ මිනීමරුවන් කවුරුන්ද? යන පැනයන්ට පිළිතුරු “රොකට්” සතු වේ.

රංගන දායකත්වය

කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, අමිල තණ්ඩක්කාර, නදුන් දර්ශන, චතුරංග එරබද්ද, ලෙව්හාන් මහවත්ත, උපාලි පිටිගල, පාලිත රණතුංග, රුවන් වඩුගේ, පුෂ්පකුමාර හෙරස්, සකුන්තලා මුණසිංහ, විජිතා දෑල, සහන් ලාල් කන්දේවත්ත, ශ්‍රීමාල් සංජය, නදීර නදීශාන්, ළහිරු වීරසේකර, නදුන් සුධීර, සඳුනි පෙරේරා, නිර්මි මන්දාකිනි, සවන් තරුෂ, සංජය කුලතිලක, නිහල් ගාල්ලගේ, තහිරු, විදස්මා, චමුදි, අමයුරු, චමින්ද ළමා රංගන ශිල්පීන්
සෙහස් කෙත්මින්, සවන් තරුෂ, සජායා සත්‍යාංගි, දිනුර දිනිදිත

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය සහ සංස්කරණය – දෙනුවන් සමරසිංහ
තිර රචනය සහ පූර්ව ප්‍රචාරකපට නිර්මාණය – නදුන් දර්ශන
නිෂ්පාදනය – එන්ටර්ටෙයින්මන්ට් ප්ලස් එම්.ඒ.
නිර්මාණය සහ ඉදිරිපත් කිරීම –
සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය
කැමරා අධ්‍යක්ෂණය – රුක්ෂාන් සංජය
සහය අධ්‍යක්ෂණය – නදීර නදීෂාන්
කලා අධ්‍යක්ෂණය – චන්දික ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා සැකසුම – ලෙව්වන්දි බිම්නාරා
නර්තන වින්‍යාසය – නදීර නදීශාන්
නිශ්චල ඡායාරූප – රුක්ෂාන් සංජය
දෙබස් පටිගත කිරීම් අධීක්ෂණය – තරුෂ දිල්හාර
ඇඳුම් නිර්මාණය – විශ්වනී අංජානා
වර්ණ සංයෝජනය – පූර්ණ ලේකම්ගේ
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – නදුන් සුදීර
සංගීත අධ්‍යක්ෂණය – චන්දීප පතිරණ
ගී තනු නිර්මාණය – පසිඳු ගිම්සර
ගී පද රචනය – එරන්ද පුෂ්පකුමාර
ගීත ගායනය – මියුරු සෝමරත්න, චානක නාගොඩ, කලාරා ආවිනි, චමිල්කා ගයත්‍රි
විධායක නිෂ්පාදනය – අමිල තිලකරත්න, ඉන්ද්‍රානි චන්ද්‍රලතා, නිමල් ගුණරත්න
නිෂ්පාදන කළමනාකරණය, මඟපෙන්වීම සහ අධීක්ෂණය – සකුන්තලා මුණසිංහ

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT