නිවස කළා පුවත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී ධුරයට ආචාර්ය චානි ඉඹුල්ගොඩ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී ධුරයට ආචාර්ය චානි ඉඹුල්ගොඩ

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී ධුරයට පසුගිය සැප්තැම්බර් 2 වැනි දා ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය තෙරිපත් වූවාය. මේ සදහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සම්භාවනීය අරාධිතයින්, ආචාර්යවරු සහ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.

ඇය කොළඹ විශාකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. පශ්චාද් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පර්යේෂණ සහිත පශ්චාද් උපාධියක් ඈ ලැබුවාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි කළමනාකරණය ආයතනයෙන් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසමත් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද විශිෂ්ට පර්යේෂණයක් සඳහා ඇය 2023 වර්ෂයේදී ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත. ඉන්දියාවේ නව දිල්ලි නුවර ස්ථාපිත සාර්ක් විශ්වවිද්‍යාලයේ ආරම්භක පරිපාලන නිලධාරීනියක ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට එය නගා සිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ දීප්තිමත් පරිපාලන නිලධාරිනියකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි කළමනාකරණ ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙසත්, දෙස් විදෙස් පුවත්පත් සඳහා ලිපි සම්පාදිකාවක සහ අන්තර්ජාතික TIMES Higher Education Ranking හි යාවජීව ලේඛිකාවක ලෙසත් සිය දැනුම බෙදා හරින ඇය, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කළමනාකරණ මණ්ඩලය ද නියෝජනය කරමින් දේශීය අධ්‍යාපනය නඟා සිටුවීමට කැපවී සිටින්නියකි. විශ්වවිද්‍යාල පරිපාලන ක්ෂේත්‍රයේ වසර 18ක දීර්ඝ සේවා කාලයකින් පසු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුරට අභිනවයෙන් ඇය තේරීපත්විය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT