නිදහසේ ගැහෙන හද නිහඬ වනතුරු සංසාර ගත පුරුද්දට මෙන් යාවත්කාලීන වන ආදරේ විටෙක සොම්නස සේම සන්තාපය ද ළඟා කරවන්නේ , අපි ආදරය පුදන හා බාරගන්නා විලාසය අනුව වේ. එසේම අනුකම්පාව භූමිකම්පාවක් වන අවස්ථා ද නැතුවා නොවේ. මෙයද ආදරය හා අනුකම්පාව නිසාම මග වැරදුණ කතා පුවතකි . සිය රූමත් බිරිඳ වූ මධූ හා එකම දියණිය විනුමි සමග සාමකාමි දිවියක් ගතකරන සුරේන්, ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතනයක ඉහළ තනතුරක් දරණ තැනැත්තෙකි. ඔහු වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ දක්ෂයකු වන අතර, ඉතාමත් කාර්‍යබහුල දිවියක් ගත කරයි. තමාට පැවරුණ නව නිර්මාණයක් සඳහා මනස නිරවුල් කර ගැනීමේ අරමුණින් බිරිඳ මධූ සමඟින් අග නගරයෙන් පිටතට යාමට ඔහු සැළසුම් කරන්නේ, සිය දියණිය නිමේෂා නම් ආයම්මා කෙනෙකුගේ භාරයට පත් කිරීමෙන් අනතුරුවයි.ඒ ගමන යන අතරතුරදී රොනී නැමැත්තාව ඔවුනට හමුවන්නේ මහමඟ අනතුරකට ලක්ව වැටී සිටියදීයි. මධූගේ ඇවිටිලි කිරීම නිසාම තම වාහනයේ නංවා රෝහලක් වෙත රැගෙන යාමට සුරේන් කටයුතු කරයි. ව්‍යාජ රංගනයක යෙදුණු රොනී ගිනි අවියක් පෙන්වා ඔවුන් දෙදෙනාව කිඩ්නැප් කරන්නේ, ඔවුන්ගේ දියණිය බලාගන්නා නිමේෂා ද රොනිගේ කෙනෙකු බව පවසමිනි . එතැන් සිට රොනීට උවමනා හැටියට සුරේන් සහ මධූට කටයුතු කිරීමට සිදුවන්නේ , සිය දියණියගේ ආරක්ෂාව වෙනුවෙනි .අවසානයේ එක්තරා කාන්තාවකට වෙඩි තබා මරා දමන ලෙසට රොනී සුරේන්ට බල කරයි. එම කාන්තාව අභියසට යන සුරේන් මහත් කම්පනයට පත්වෙයි . ඇය කවුද ? . රොනී ගෙන් සිය බිරිඳ හා දියණිය බේරා ගැනීමට සුරේන්ට හැකිවේද ? යනු ආදරේ ඇත්තමයි තුළින් පවසනු ඇත .
ප්‍රවීණ රසායනාගාර ශිල්පියෙකු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන වී .සිවදාසන් සහ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක්, කලා අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියෙකු වන කීර්ති රුවන් ලාල්සන් එක්ව සම අධ්‍යක්ෂණය කරමින් ” ආදරේ ඇත්තමයි ” තිරයට ගෙන එනු ලබයි .ඉන්දියාවේ ඒ.වී.එම්. චිත්‍රාගාරයේ රසායනාගාර කටයුතු පිළිබඳව පුහුණුවක් ලබා ගැනීමෙන් අනතුරුව , ලංකාවේ විජය චිත්‍රාගාරයේ සහය රසායනාගාර ශිල්පියා ලෙස එක්වන ඔහු , රසායනාගාර කටයුතු සිදුකල චිත්‍රපට ප්‍රමාණය 300 කට අධිකය. 1989 වර්ෂයේදී ” ඔක්කොම රජවරු ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ වී.සිවදාසන්, ” හොඳීන් නැත්නම් නරකින් (1990), ” ඔබ මට විස්වාසයි “(1992),” එදත් චන්ඩියා අදත් චන්ඩියා”(1995), “ඔබ මගෙම වේවා”(2001),” දකින දකින මල් ” ( 2010), “දරුවනේ” (2012), “දෝණි”( 2013) ,” සිංහයා” (2016) ,” දෙවෙනි යුද්ධය” (2023) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ අතර , ” සුනෙරගිර සසල විය “,විකසිත මිලිණය “, තමර අරණ “, ” නිසල දිය සසල විය ” වැනි ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් ද පුංචි තිරයේ ප්‍රේක්ෂකයා හමුවට තිළිණ කර ඇත . කලා අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ” නාගකන්‍යා “, ” සුපර් ස්ටාර් ” ,” කුරුමිට්ටෙක් ඇවිල්ලා ” චිත්‍රපට සඳහාත් , “දරුවනේ”, ” උතුරු සුළඟ “, ” සිනාව අතරින්”, ” අනිත්‍යා “, “වියපත් බඹරා” වැනි චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂවරයෙකු වූ කීර්ති රුවන් ලාල්සන්, වී. සිවදාසන් මහතා හා එක්ව චිත්‍රපට පහක් සඳහා සම අධ්‍යක්ෂණ දායකත්වය දක්වා ඇත. ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා රංගනයෙන් දායකව ඇති කීර්ති, ටෙලි නාට්‍ය රැසක් සඳහා ද සහය අධ්‍යක්ෂණයෙන් දායකව ඇත.
රංගන දායකත්වය
පුබුදු චතුරංග, නිරංජනී ශන්මුගරාජා, කීත් රංග, පබෝධා සංදීපනී, ස්වේතකී වාදසිංහ, දුල්ෂාන් මිහිරංග, මධුශාන් නානායක්කාර, නදීශා අලහප්පෙරුම, නිරෝශන් ඉලේපෙරුම, අනූෂා හෙලන්, මොහාන් පීරිස්, ඉන්දික සේරුක්, ධම්මික ශ්‍රී, අනුර වරාගොඩ, සඳමාලි තෙන්නකෝන්, ජයමාලි නානායක්කාර, මැණික් පෙරේරා, උපුල් කත්‍රිආරච්චි, ටාෂියා මල්ලවආරච්චි, එච්.ඒ.ඩී.එල්. හෙට්ටිආරච්චි
කාර්මික දායකත්වය
කතාව සහ අධ්‍යක්ෂණය – වී. සිවදාසන්
සම අධ්‍යක්ෂණය – කීර්ති රුවන් ලාල්සන්
නිෂ්පාදනය – කීත් රංග
කැමරා අධ්‍යක්ෂණය – සුජිත් නිශාන්ත
කැමරා සහය -යසස් ශ්‍රී හෙට්ටිආරච්චි , සහීෂ තමෝද්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – මේඝ කාවින්ද කොළඹගේ
ශබ්ද පරිපාලනය – ඩිරාන් විජයසිංහ
අංග රචනය – සුරේෂ් ඉන්දික
කලා අධ්‍යක්ෂණය – උපාලි උදයසිරි
පිටපත – චම්පා කුමුදිනී
සංගීතය – උදයන් වික්ටර් (ඉන්දීය ජාතික)
ගී පද රචනය – සුනිල් ධර්මසිරි, අරුණ ගුණරත්න
ගීත ගායනය – නිරෝශා විරාජිනී
ඩිජිටල් සජීවීකරනය සහ නාමාවලිය – දසුන් කොළඹගේ
රංග වස්ත්‍රාභරණ – කුමුදු ළමාහේවා
නිශ්චල ඡායාරූප – චලන චන්ද්‍රසේන රුද්‍රිගු
නිෂ්පාදන කළමණාකරණය – සුනිල් ධර්මසිරි
නර්තන වින්‍යාසය – හිරු නිමන්ති මලවිආරච්චි, චන්දිමා සුදර්ශි
නිෂ්පාදන සහය- මැණික් පෙරේරා
ඩ්‍රෝන කැමරා මෙහෙයවීම – මනෝජ් එදිරිසිංහ
ගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා
ගීත පටිගතකිරීමේ සහය – ගජේන්‍ද්‍ර කසුන් කොළඹගේ