අරගලවාදී ජීවිතයේ කටුක යථාර්ථය පිළිබිඹු කරන වාලම්පුරි සිනමා සිත්තම සමාජය වෙත ගෙන එනු ලබන්නේ මිනිසුන් ජීවත් වීම සඳහා කරනු ලබන ජීවන අරගලයයි. කොළඹින් බොහෝ දුර ඈත පළාතක සිට, විවිධාකාර හැකියාවන් සහිත අට දෙනෙකුගෙන් යුත් පිරිසක් අගනුවරට පැමිණෙන්නේ නාට්‍ය කණ්ඩායමක සාමාජිකයින් ලෙසිනි. ඔවුන් සියලු දෙනාම නිසි අධ්‍යාපනයක් නොලද හා අධ්‍යාපනය අතර මඟින් කඩාකප්පල් වූවෝ වෙති. එසේම සියලු දෙනාම එදා වේල සොයා ගැනීම සඳහා කුමක් හෝ පජාත රැකියාවක නිරතවේ. මෙම කණ්ඩායමේ ප්‍රධානියා වන සිඩ්නි ප්‍රධාන රෝහලක් ආසන්නයේ රැඳී සිටිමින්, නේවාසික රෝගීන් අසල නැවතී ඔවුන් බලා ගැනීම සඳහා මිනිසුන් සොයා දී මුදලක් උපයා ගනී. තවකෙක් පෞරාණික පිළිම බව අඟවමින් විදේශිකයන් හට ලී බුදුපිළිම විකුණයි. ඔවුන් අතර බාබර් කෙනෙක්, නිවේදකයෙක්, කෝවිලක් නැති පූසාරියෙක්, ජීවිත අරගලයේදී නූගත් ගැමියන්ට සමාන්තර වූ පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසකි. ඔවුනට අගනුවර දී මැඩම් සිසිකා නමින් අක්කා කෙනෙකු හමුවේ. ඇය ධනවතෙකුගේ අනියම් බිරිඳක්ව සිට වර්තමානයේ ලිංගික අලිංගික ආදී සියලුම ශ්‍රමයන් වගුරුවමින් ජීවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන්නියකි. දිනක් පූසාරියා විසින් වාලම්රිපුයක් පිළිබඳ රැගෙන එන කොන්ත්‍රාත්තුවක් නිසා ඔවුන් සියලු දෙනාගේ ජීවිත නොසිතූ ඛේදවාචකයට ලක්වේ. තමන් ජීවත්වන අපායෙන් ගොඩ එන්නට කෙටි ක්‍රම සෙවූ ඔවුන් එම ඛේදවාචකයෙන් ගැලවෙන්නේ කෙසේද යනු “වාලම්පුරි” තුළින් පැහැදිලි කරදීී ඇත.
ගමෙන් නගරයට පැමිණ, තෙවන සහය අධ්යක්ෂවරයකු ලෙසින් ටෙලි නාට්‍යකරණයට පිවිසි ලක්මාල් ධර්මරත්නගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා වියමන ලෙසින් “වාලම්පුරි” රිදී තිරයට එක්වෙයි. තිර පිටපත් රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ප්රමුඛ පෙළේ රූපවාහිනි වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වන ලක්මාල්, 2005 වසරේදී කලා ක්ෂේත්රයට එක්වෙන්නේ ටෙලි නාට්‍යයන්හි තෙවන සහය අධ්‍යක්ෂකවරයකු ලෙසිනි. හැකියාව, කැපවීම හා ඉවසීම නිසාම පළමු සහය අධ්යක්ෂවරයාගේ භූමිකාව දක්වා ඔහුගේ පැමිණීම සිදුවිය. ඒ අනුව ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, තිසර ඉඹුලාන, උදය ධර්මවර්ධන ආදින්ගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘විදූ’ ‘නිනෝ ලයිව්’ , ‘මයිල්ස් ඔෆ් ඩ්‍රීම්ස්’ ඇතුළු නිර්මාණ රැසකම ඔහු පළමු සහය අධ්යක්ෂවරයා විය. රූපවාහිනී ටෙලිනාට්‍ය කලාවෙන් ගිලිහෙමින් සිටි ප්‍රේක්ෂකයා යළි ඒ වෙත නැඹුරු කර ගැනීමට ඉවහල් වූ “කූඹියෝ”ටෙලි නාට්‍යයද ඔහුගේ අගනා නිර්මාණයකි. ජනප්‍රිය වෙළඳ සන්නාම රැසක් සඳහාම ලක්මාල් විසින් ජනප්‍රිය වෙළඳ ප්රචාරක දැන්වීම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. සිංහල ගුරුවරයකු වූ සිය පියාගේ සුවිසල් පුස්තකාලය සිය ජීවිතය වෙනස් කළ බව ඔහුගේ හැඟීම.
රංගන දායකත්වය
ප්‍රියන්ත සිරිකුමාර (සිඩ්නි), දිල්හානි ඒකනායක (මැඩම් සිසිකා), තුමිදු දොඩම්තැන්න (ප්‍රියංකර), සරත් කොතලාවල (නිමලසිරි), අශාන් ඩයස් (ඇන්ජලෝ), අංජන ප්‍රේමරත්න (චින්තක), දර්ශන් ධර්මරාජ් (ස්වාමි මාකන්දරාජා), වසන්ත මොරගොඩ (පොලිස් සමන්), කින්ග් රත්නම් (ජබීර්), නිරෝෂන් විජේසිංහ (කස්තුරි), උදයන්ති කුලතුංග (ශ්‍රියාණි), දයා තෙන්නකෝන් (චන්දරේ), ජනිතා පෙරේරා (නංගී), දර්ශන් තේවරාජා, චන්ද්‍රසෝම බිංදුහේවා, දයා තෙන්නකෝන්, තුෂාරි ජිත්මිණි, අනුෂ්ක රණසිංහ, ශතිස් හෙට්ටිතන්ත්රී, ජූඩ් එම්මානුවෙල්, නිල්වලා විශ්වමාලී, චන්දන කුලරත්න, ටේරෂී හෝල්සිංගර්, පීටර් ජෙරොම් පෙරේරා, ධනුෂ්කා ජයරත්න, භාරතී මිශ්රා, භූපින්දර් සිංග්, යෂුමා වටම්බේ, වෙක්සිල්බර්ග් දිමිත්‍රි, අමරතුංග අතුපත්තු, කවිඳු හිමන්ත
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ලක්මාල් ධර්මරත්න
කතාව – දමිත චන්ද්‍රසිරි, ලක්මාල් ධර්මරත්න
විධායක නිෂ්පාදනය – අසංක දොඩන්තැන්න, ප්‍රදීප් පෙරේරා
රේඛීය නිෂ්පාදනය – ප්රීමාල් රණසිංහ, උදාර අබේසුන්දර
නිෂ්පාදනය – ශ්‍රීන් ලයිට් ෆිල්ම්ස්
කැමරාකරණ – කාලිංග දේශප්‍රිය
සහාය කැමරාකරණය – දිමුතු කාලිංග, මජිත් එස්. උයන්ගොඩ
සංස්කරණය – සංඛ මල්වත්ත, තරිඳු කාරියවසම්
ශබ්ද සංකලනය – අතුල ජයසිංහ
වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ
කලා අධ්‍යක්ෂණය – නුවන් සනුරංඛ ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා සැකසුම – ප්‍රියන්ත දිසානායක
ඇඳුම් නිර්මාණය – ලසන්ත උඩුකුඹුර
සහය අධ්‍යක්ෂණය – චාමර සේලාර
දෙවන සහය අධ්‍යක්ෂණය – රිචී ෆෑන්ක්, නුවන් කේ ශ්‍රීනාත්,සංඛ වීරසිංහ,ප්‍රදීප් කේ රාජපක්ෂ,දේවිකා කුමාරි
තිර රචනා අධීක්ෂණය- ශෂික ෆොන්සේකා
සංගීතය – චින්තක ජයකොඩි
ගීත ගායනය – දිනේන්ද්‍ර ජයවිර බණ්ඩාර
නිෂ්පාදන කළමනාකරණය – අංජන ආශුබෝධ
නිෂ්පාදන කළමනාකරණ සහාය – චතුර දේශාන්
දෘෂ්‍ය ප්‍රයෝග – නසාෆී මොහොමඩ්
නිෂ්පාදන සම්බන්ධීකරණය – හෂාන් නිසිත, රීෂා අක්රම්
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු