20
මහේෂ් මුණසිංහගේ නවතම සිනමා පටය සූර්යාහි විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. දිනේෂ් මුතුගලගේ නිෂ්පාදනයක් වන මෙහි ජනිත් වික්‍රමසිංහ, නිහාරී පෙරේරා, දිල්හානි අශෝකමාලා, මයික් ප්‍රනාන්දු, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, කමල් දේශප්‍රිය, සංගීතා බස්නායක, දිනේෂ් මුතුගල, සචින් චතුරංග,සංගීත් ප්‍රභූ, සුධික්ෂා සමාධි, ලසන්ත උඩුකුඹුර, හර්ෂිකා රත්නායක, අසංක නීලවතුර, සනත් ගුණතිලක රංගනයෙන් එක්වෙති.