29
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ විධායක සන්නිවේදක, වැඩසටහන් අංශ ප්‍රධානී ඉන්ද්‍රසිරි සුරවීරගේ ඇගැයුම් උලෙළ සහ උපන්දින සැමරුම පසුගිය දින Hotel Ramreachහී දී පැවැත්විණි. මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ, කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. ජීවන ගමනේ අඩසියවසක් සපිරීම හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමන වෙනුවෙන් මෙහිදී ඔහුට ඇගැයුම් ප්‍රණාමයක් පුද කරන ලදී.