නිවස කළා පුවත් සුරේකා නිල්මිණි ඉලංකෝන්ගේ පෙම් දියවර එළිදකී

සුරේකා නිල්මිණි ඉලංකෝන්ගේ පෙම් දියවර එළිදකී

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත අලුත්ම නවකතාව ‘පෙම් දියවර’ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමඟාමීව නිකුත් විය. ඇය විසින් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කළ 18 වැනි නවකතාව වන එය, ප්‍රවීණ ලේඛිකා මනෝරි සිලිකා වික්‍රමආරච්චිගේ සිලිකා ප්‍රකාශනයකි.

විවාහක යුවළක් සහ තෙවැනි පාර්ශ්වයක් අතර ඇති වන ඝට්ටනයක් වටා ගෙතී ඇති ‘පෙම් දියවර’ නවකතාව මඟින් ප්‍රේමය, විවාහය සහ ජීවිතය පිළිබඳ ගැඹුරින් කතා කිරීමට උත්සාහ දරා ඇත. ඊට අමතරව වත්මන් සමාජය තුළ සුලබ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන විශාදය නමැති මානසික රෝගී තත්ත්වය පිළිබඳ ද මෙමඟින් විවරණය කෙරේ. සමීපතමයකු එවැනි තත්ත්වයකට ගොදුරු වුවහොත් ඒ බව ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කරා යොමු කරවීමේ වැදගත්කමත් මේ නවකතාව තුළින් සමාජයට ගෙනහැර පෑමට කතුවරිය උත්සාහ දරා ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT