නිවස කළා පුවත් සුමුදු චතුරාණී ජයවර්ධනගේ අලුත්ම ග්‍රන්ථය රන්සුනු නිකුත් වෙයි

සුමුදු චතුරාණී ජයවර්ධනගේ අලුත්ම ග්‍රන්ථය රන්සුනු නිකුත් වෙයි

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

සුමුදු චතුරාණී ජයවර්ධන ලියූ රන්සුනු – නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි කෘතිය SWAN BOOK ප්‍රකාශනයක් ලෙසින් නොබෝදා නිකුත් විණි.

නිර්මාණකරණයේ නිරතවන්නට හා සාහිත්‍ය පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු වන්නන් හට ප්‍රේරණයක් සපයන මේ කෘතිය ඔස්සේ ඇය නිර්මාණකරණය පිළිබඳ සමාජයේ ගොඩනැඟී ඇති දුර්මත කිහිපයක් බිඳ හෙලයි. ඒ වෙනුවෙන් ඇය මේ කෘතිය කොටස් තුනකට වර්ග කරන්නේ කියැවීම්, හැදෑරීම් හා ලිවීම් වශයෙනි. නිර්මාණකරණයේ නිරත වීමට බලාපොරොත්තු වෙන සියල්ලෝ ම මේ කොටස් තුනෙහි නිමග්න විය යුතු බවත්, එසේ නිමග්න විය යුත්තේ කෙසේද යන්නත් මේ කෘතියේ ද ඇය සනිදර්ශිතව සාකච්ඡා කරයි. රන්සුනු කෘතිය ඔස්සේ නිර්මාණකරණයේ මංපෙත ගැන ඇය සවිස්තරාත්මකව කතා කරන්නේ එය තවදුරටත් කිසිවකු සඳහා ආගන්තුක කලාපයක් නොවන බව පෙන්නුම් කරමිනි.

රන්සුනු, සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස සේවය කරන සුමුදු චතුරාණී ජයවර්ධනගේ අටවැනි ග්‍රන්ථයයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT