නිවස කළා පුවත් සුගතපාල සෙනරත් යාපා දිවිසැරියට සමුදෙයි !

සුගතපාල සෙනරත් යාපා දිවිසැරියට සමුදෙයි !

by Thanushika
August 26, 2024 3:11 pm 0 comment

මිනිසා සහ කපුටා වාර්තාමය සිනමා පටයෙන් අන්තර්ජාතික සම්මානයෙන් ලාංකේය සිනමාවට කීර්තියක් ගෙනා ජීවිතේ එක වරක් පුද ලබන සරසවිය රණ තිසර සම්මාන ඇතුලු සම්මාන රුසකින් පිදුම් ලැබු චිත්‍රපටය අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා පසු ගිය දින දිවිසැරියට සමුදුන්නාය. හන්තානේ කතාවෙන් සිනමාවට හඳුන්වාදුන් ප්‍රවිණ ජනප්‍රිය නළු විජය කුමාරතුංග, ඇතුලු නළු නිළියන් රුසක් සිනමාවට හඳුන්වා දුන්නේය.පෙම්බර මධූ, ඉන්දුට මල් මිටක් , පියා සහ දරුවෝ ආදී සම්මානීය ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා දරුවන් දෙදෙනකුගේ පියකුවිය.මිය යන විට වයස අවුරුදු 89 වියේ පසුවුවාය.

1935 නොවැම්බර් 10 වැනි දින අකුරැස්ස, එරළුව දී උපතලද ඔහු පවුලේ වැඩිමලාය. කලක් රජයේ චිත්‍රපටි අංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වරයාද ලෙසද කටයුතු කාළේය. එතුමා කලක් රෝගාතුර සිට ඇති අතර, අවසන් කටයුතු පවුලේ ඥාතීන් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 28 වැනි බදාදා රාගම බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.

 

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT