නිවස කළා පුවත් සිහින නෙළුම් මල් 23 වැනිදා තිරයට

සිහින නෙළුම් මල් 23 වැනිදා තිරයට

by Thanushika
August 15, 2024 9:16 am 0 comment

2016 වසරේ එළිදැක්වූ මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ශමීර නාඔටුන්න සිය දෙවන නිර්මාණය වන වරුණ අරඹගේ නිෂ්පාදනයක් ලෙසින් 23 වැනිදා සිට සිහින නෙළුම් මල් තිරගත වීම ඇරඹේ.

හේමාල් රණසිංහ, දුෂේනි සිල්වාත් ප්‍රධාන චරිතයන්ට පණ පොවන අතර, උමාලි තිලකරත්න, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, කලණ ගුණසේකර, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න ඇතුළු පිරිසක් සෙසු රංගනයෙන් එක්වෙති.

විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, මිලින්ද තෙන්නකෝන් ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද, අංග රචනයෙන් බුවනෙක රණවකද, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල ද, ගීත ගායනයෙන්, ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා සමඟින් ආශ්කා කුලතුංග සහ නිශ්චල ඡායාරූපකරණය අමාල් රෝස්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT