Home » සිසිර වෙනුවෙන් නිල්මිණි දෑසේ

සිසිර වෙනුවෙන් නිල්මිණි දෑසේ

by Thanushika
February 6, 2025 10:13 am 0 comment

ජනප්‍රිය ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු වූ සිසිර සෙනාරත්නයන් වෙනුවෙන් ‘නිල්මිණි දෑසේ’ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ පැරණි හින්දි චිත්‍රපට සහ ගීත රසික සමාජය විසිනි.

‘නිල්මිණි දෑසේ’ ගී ප්‍රසංගය පෙබරවාරි 09 වන දින පෙ.ව 9.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වේ.

එදිනට සිසිර සේනාරත්නයන්ගේ නිර්මාණ ඇතුළත් පැරණි සිංහල චිත්‍රපට සහ ගුවන් විදුලි ගීත රසිකයන්ට රස විඳීමට අවස්ථාව සැලසා ඇත.

ඕලු නෙළුම් නෙරිය රඟාලා, සීත දියරැළි, නුහුරු නුපුරුදු , මාගේ පුතුට මල්, ගයා ගීතයන් ගමේ වැනි ජනප්‍රිය ගීත රැසක් සංගීත ලොවට දායාද කළ සිසිර සේනාරත්නයන් 2015 පෙබරවාරි 4 දින තම ජීවන ගීතයට සමුදුන්නේය.

– නයනාංජලී

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT