2021 වසරේ පැවැති පළමු වැනි බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේදී සුනාමි සිනමාපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂණයට සහ හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගැනිමෙන් පසු
ආචාර්ය සෝමරත්න දිසානායක අධ්යක්ෂණය කළ ගාමිණී වික්රමසිංහ සහ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ නවතම සිනමාපටය වන සිංහබාහු චිත්රපටය පසුගිය දින පැවැති නයිජිරියාවේ 4වැනි බයෙල්සා අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරිය විසින් පිරිනැමූ සම්මාන හතරක් හිමි කර ගැනීමට සමත් විය.
හොඳම තිර රචනය වෙනුවෙන් ආචාර්ය සෝමරත්න දිසානායක, හොඳම කැමරාකරණය වෙනුවෙන් විශ්වා බාලසූරිය, හොඳම සහාය නළුවා ලෙස අකිල ධනුද්දර සහ හොඳම වස්ත්රාභරණ වෙනුවෙන්, රමේෂා ඕෂනි යන සිව් දෙනා සම්මානයට පාත්ර වූහ.