නිවස කළා පුවත් සිරිමාවෝ ගී මියුරැසි සිරිමාවෝ ගී මියුරැසි 19 දා BMICH හිදී

සිරිමාවෝ ගී මියුරැසි සිරිමාවෝ ගී මියුරැසි 19 දා BMICH හිදී

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය ජේ.සුමේධා ජයවීර

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන අපූරු ක්‍රියාවලියක් කොළඹ 07, සිරිමාවෝ බාලිකා විද්‍යාලයෙන් මෙම සැප්තැම්බර් මස 19 වැනිදා සිදු කිරීමට නියමිතය. අපේ මේ කතා බහ, ඒ පිළිබඳ එහි විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර සමඟිනි.

මෙය විශේෂ ප්‍රසංගයක්. මේ ප්‍රසංගය සඳහා ඉදිරිපත් වන්නේ 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් දරුවන්. එක වසරේ සිට 5 දක්වා පන්තිවල දරුවන්ගේ වේදිකා ක්‍රියාකාරකම් අපි ඕනෑ තරම් දකිනවා. ඒත්, 6 වසරේ සිට 11 වසර දක්වා ඉහළට යනකොට ඒ ක්‍රියාකාරකම් ඒ ආකාරයට දකින්න ලැබෙන්නේ නෑ. අපි පළමු වතාවට ” සිරිමාවෝ ගී මියුරැසි” නමින් ⁣මේ 6 සිට 11 ශ්‍රේණියේ දක්වා වූ දරුවන්ගේ ප්‍රසංගය පවත්වනවා. ඒක සිරිමාවෝ ඉතිහාසය වගේම පාසල් ඉතිහාසයේත් පළමු වතාවට ලබන අත්දැකීමක් වේවි. අපේ 6 පන්ති 6ක් තියෙනවා. එක පන්තියක ළමයි 45 – 50 ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ 50 දෙනාම එකට මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒක තමයි විශේෂත්වය.

එක ශ්‍රේණියකින් නර්තනාංග 6යි. ඒ වගේ සියලු පන්තිවලින් නර්තනාංග හය බැගින් එක දර්ශනයකට නර්තනාංග සියල්ලම 20ක් සූදානම්. මෙම 19 දා ඕර්ධ්ඛ්ඩ් හිදී දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා. සවස 2.00ට සහ සවස 6.00ට. සවස 2.00 දර්ශනය වෙනුවෙන් 6, 7, 8 ශ්‍රේණිවල පාසල් දරුවන් සියලු දෙනාම වේදිකාවට ගොඩවෙනවා. සවස 6.00 දර්ශන වාරය සඳහා 9,10,11 ශ්‍රේණිවල සියලුම දරුවන් සහභාගි වෙනවා. ආසන්න වශයෙන් දරුවන් 1700 දෙනෙක් එදාට වේදිකාවට ගොඩ වෙනවා.

චිත්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව විෂයයන් හදාරන දරුවනුන් සිරිමාවෝ මියුරැසියට සහභාගී වෙනවා. මේක නැටුම්වලට දක්ෂ ළමයි විතරකගේම ප්‍රසංගයක් නෙවෙයි. සාහිත්‍ය විෂය හදාරන දරුවනුත් ඉන්නවා. පන්තියක සියලු දරුවන්ට මේ නර්තනාංග සහිත ප්‍රසංගයට ඉදිරිපත් වෙන්න පුළුවන්.

මේ ප්‍රසංගයට ඉදිරිපත් වන සියලුම දරුවන්ගේ මව්පියන් සියලුම දෙනාටමත් සහභාගි වෙන්න පුළුවන්. මෙහි ඇති වැදගත්ම දේ තමයි, ළමයි සියලු දෙනාම මේ ප්‍රසංගයට සහභාගි වීමත් එමඟින් සංස්කෘතිය, සභ්‍යත්වය, මූලික කරගෙන සෞන්දර්යාත්මක ළමයෙක් බිහි කිරීමයි. මෙතෙක් කලක්, පාසලෙන් පසු සමාජගත වුණේ, පොත පතට සීමා වූ සහතිකයට සහ මෙඩල් එකට රේස් දුවන තරඟකාරි රොබෝවරයකු පමණයි. මට අවශ්‍ය වුණේ ඒ රොබෝවරයා කියන සංකල්පය ඉවත් කරලා, ගුණ යහපත් දරුවකු සමාජගත කරන්නයි. ඒ ගන්න උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ ප්‍රසංගය. රටේ අවශ්‍යතාවය හඳුනාගන්න, හැඟීම් දැනිම්වලින් පිරි පරපුරක් බිහි වුණානම්, ඒ අතළොස්සක් පමණයි. ලෝකයේ අනෙක් රටවලුත් එක්ක බලුවාම සම්පත්වලින් අනූණ රටක් ලොව තවත් නෑ. මේ රට තුළ හැම පැත්තකින්ම දුප්පත් භාවයට ළඟා වන්නට හේතු වන්නේ, පාසලින් එළියට යන දරුවා තුළ ආකල්පයන් ගොඩනැගී නැති වීමයි. මුළු සමාජයේම ආකල්ප වශයෙන් සෝදා පාළුවකට ලක් වෙලායි තියෙන්නේ. ගහ කොළ සතා සිවුපාවට ආදරය කරන්නට රැකබලා ගන්නට වෙලාවක් නැහැ. අම්මා, තාත්තාට ආදරේ කරන්න ඔවුන්ව රැකබලා ගන්නට පරපුරක් නැති බව පෙනී යනවා. ඒ සියලු දෙනාම අද සටනකට ගොදුරු වෙලා. ඉන් පසුව පාසලෙන් එළියට යන්නේත් මැසිමක්. මාපියන් ගොඩ දෙනෙක් අද කරන්නේ ලකුණු සීයක් ගන්න තැනට සහ සම්මාන සහතික ගන්න තැනට දරුවා තල්ලු කරන එක විතරයි. දරුවා තුළ කුමන දක්ෂතාවයන් තිබුණත් වැඩක් නෑ ඔවුන්ගේ ඉලක්කය රොබෝවරයෙකු නිර්මාණය කරන එක විතරක් නම්. ඒ සම්මාන සහතික ගන්න අය රටට ලොකු දෙයක් එකතු කරලා නැහැ. ඒ නිසා පාසල් තුළින් බිහි වෙන්න ඕනේ සෞන්දර්යාත්මක රසවින්දනයක් තියෙන, එකට එකතුවෙලා ඉගෙන ගන්න සංස්කෘතියක් බිහි විය යුතුයි. Cooperative Learning තුළ හැම දරුවකුටම රාජකාරියක් පැවරෙනවා.

මේ ප්‍රසංගයෙත් විශේෂත්වය ඒකයි. හැම දරුවෙක්ම තමාගේ කණ්ඩායමේ නිර්මාණය තුළ එකම ආකාරයට සංස්කෘතිය සභ්‍යත්වය මූලික කරගෙන නැටුමින් හෝ ගැයුමෙන් ඉදිරිපත් කිරීම නිවැරදිව කළ යුතුයි. නිර්මාණයට තමාගේ දායකත්වය නිසියාකාරව නොදුන්නොත් ඒ වැරැද්ද මුළු ප්‍රේක්ෂකාගාරයකටම පෙනී යනවා. ඒ නිසා Teamwork කියන සංකල්පයෙන් බැහැර වෙලා Cooperative Learning  සංකල්පය තුළ ගමන යා යුතුයි. තමන් ඉදිරිපත් කරන නිර්මාණය තුළ සුළු මොහොතකට හෝ ජාත්‍යන්තර වේදිකාවක ඉදිරිපිට තමාගේ ඉදිරිපත් කිරීම සිදු කරනවා. ලංකා ඉතිහාසයේ පාසල් ප්‍රසංගය තුළ නිර්මාණවල තම දරුවන් සිටියත් මව්පියන්ට ඒවා දැක බලා ගැනීමට හැකිවන්නේත් නැහැ. සිරිමා මියුරැසියේදී මාපියන්ට තම දරුවා තමාගේ ඉදිරිපිට සිට කරන නිර්මාණය දැක ගන්න පුළුවන්. මෙවන් ආකාරයට ඉදිරිපත් කරන පළමු පාසල් ප්‍රසංගය මෙයයි. දරුවාට එකට එකතුවෙලා ඉගෙන ගැනීම තුළින්, තමන්ගේ වැරදි වසා ගැනීමටත්, ඇතැම් ඒවා නිවැරදි කරගෙන තමා අනාගතය ශක්තිමත් කර ගැනීමෙටන්, එකිනෙකාගේ දක්ෂතාවයන් හුවමාරු කර ගැනීම තුළින් ජයග්‍රහණ කරා පහසුවෙන් ළඟා වෙන්නටත් හැකි වෙනවා. මෙවන් සංකල්පයකින් ඉදිරිපත් කරන නිර්මාණ 20ක් අඩු වැඩි නැතුව ඉදිරියටත් කරගෙන යන්නට පුළුවන් මෙයින් උත්තේජනයක් ඇති වෙනවා.

6 වසරේ සිට ඉහළට යද්දී එළඹෙන්නේ නව යොවුන් වියට පා තබන වයස. ඔවුන්ට පාසලෙන් ලබාගන්න තියෙන දේවල් ළඟා කරගන්නට, ඒ අත්දැකීම් ලබාගන්නට මාර්ගය සකසා දුන්නාම ඔවුන් විරුද්ධ ලිංගිකයන් ගෙන් ආදරය සොයන්න බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ ආදරය සොයා නොයන්නට නම්, මෙවැනි දේවල් පාසැල් ඇතුළත සිදු කළ යුතුයි. පාසල කියන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය කියලා ඔවුන්ට වැටහීමට ඉඩ සැලසිය යුතුයි.

පවුල් සංස්ථාව ඇතුළත සතුට බෙදා හදාගෙන කටයුතු නොකළොත් එහි සතුටට වැඩිය අසතුට දකින්නයි වෙන්නේ. ඒ සතුට ඇති කරන්නට පුළුවන් වන්නේ මල් වගේ කුඩා සිත්වල යහපත් බීජ වපුරා පළ නෙළීමෙන් පමණයි. විශේෂයෙන් ගැහැනු දරුවකුට මේ සියලු දේවල් වටහා දිය යුතුයි. අනාගතයේ මවක් වන්නේත් මේ ගැහැනු දරුවායි. ඇයට යහපත් දරු පරම්පරාවක් හදන්න නම්, සභ්‍යත්වය සංස්කෘතිය විනය හා ආකල්ප පාසලින් ගොඩනැඟිය යුතුයි. මේ එයට හොඳම කාලයයි. පාසල හැර ගියාට පසුව ඇය දැනුම්වත් කර පලක් වෙන්නෙ නෑ. එනිසා ඒ මඟපෙන්වීම කළ යුතු හොදම කාලය මෙයයි කියලා මම සිතුවා. සාමකාමී පවුල් පසුබිමක මවක් වන්නට වෙරදරණ ඇයට අපි විසින් දිය යුතු හොඳම දායාදය ලබාදීම තමයි මේකෙන් කරන්නේ. ඒ වගේම නර්තන ශිල්පියෙක්, ගායකයෙක්, රංගන ශිල්පියෙක් නිර්මාණය කිරීම නෙවෙයි, මේ දරුවන්ගෙන් අවසන බලාපොරොත්තු වන්නේ. 6 වසරේ සිට 11වසර දක්වා දරුවන්ට ඉගෙනුමට අවශ්‍ය ඉථචපබ ඕධචපඤ යුතුයි. මේ වසර අවසන් වන්නට ⁣කළින් ස්ථාපිත කිරීමේ අරමුණින් ප්‍රතිපාදන සොයා ගැනීම මූලික කරගෙන සිරිමා මියුරැසි ප්‍රසංගය සංවිධානය කළේ. තමාගේ දරුවා වෙනුවෙන් ටිකට් පතක් මිලදීගෙන එහෙමත් නැත්නම් වෙළඳ දැක්වීමක් දීලා විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ ප්‍රසංගය අවසානයේ පාසලේ සියලූම පන්තිවලට ස්මාර්ට් බෝඩ් ආවට පසු මව්පියන්ට වැටහෙනවා අපි ලොකු කැප කිරීමක් මේ වෙනුවෙන් කළා කියලා. ඒ සියලු දේවල් තමාගේ දරුවා ඇතුළුව අනාගතේ දරුවන් වෙනුවෙන් කළ කැප කිරීම් ලෙසයි දකින්න පුළුවන් වෙන්නේ. අද විශේෂයෙන් දක්නට ලැබෙන කරුණක් තමයි පාසල්වලින් අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාලවල්වලින් උපාධිය අරගෙන රැකියාවකට ඇවිල්ලා තනතුරු ලබාගෙන කටයුතු කළාට ඇය හෝ ඔහුට පාසල් ලැබුණු අත්දැකීම් අල්පයි. විෂය දැනුම පමණයි ඔවුන්ට තියෙන්නේ. ඒ නිසා ප්‍රායෝගික ලෝකයට ඒ දැනුම එකතු කරගන්නට බැහැ.

ඒ ප්‍රායෝගික අත්දැකීම් නොමැතිකම නිසා ඔවුන් ගන්න තීන්දු තීරණ සමහර විට නොගැළපීම් සහ වරදින්නට පුළුවන්. මේ ප්‍රසංගය දර්ශන වාර දෙකක් වෙනුවෙන් නිර්මාණ හතළිහක් සඳහා පාසලේ සියලූම පංතිභාර, ශ්‍රේණි භාර, අංශ ප්‍රධානීන්, සෞන්දර්ය ගුරුවරුන් එක්ක එකතු වී නැටුමෙන්, ගැයුමෙන්, රංගනයෙන්, දරුවන් මේ කර්තව්‍යයට දායකත්වයක් දෙනවා. පාසල් ඇතුළත අඩුවෙන්ම සිදුවෙන බහුවිදි බුද්ධිය විශේෂයෙන් මේ මඟින් පුබුදුවාලීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම කලාත්මක හැකියාවන් තියෙන දරු පරපුරක් අනාගතයේ දකින්න පුළුවන් වෙනවා. අද ලෝකයට අලුතින්ම හඳුන්වා දි තිබෙන අධ්‍යාපන ක්‍රමවේද එකට එකතු වුණොත් පමණයි, ලෝකයේ හොඳම නිර්මාණයක් බිහිවෙන්නේ. මේ ප්‍රසංගය නිසා බහු විධි බුද්ධීන් සියල්ල එකට එකතු වී කලාවේ තියෙන රසය, විනෝදාස්වාදය, ඉගෙන ගන්නවා. යම් පුද්ගලයකු රැකියාව කරන විට හෝ එය නිමා කර සිටින විට විනෝදාස්වාදය වෙනුවෙන් කිසිවක් කර නොමැති වූ විට කරකියා ගත නොහැකිව පසු තැවෙන විට කලාවේ රසය විඳලා නැත්නම්, ඔහු පීඩනයට ලක් වෙනවා. එහෙම වුණොත්, වැඩිහිටියන් තමන්ට නොලැබුණු සියල්ල දරුවන්ට දෙන්නට හදනවා. නැත්නම් නොදී ඉන්න උත්සහ ගන්නවා. මෙයට හේතු කාරණාව වන්නේ පාසලෙන් අත්දැකීම් නොලැබීමයි. අත්දැකීම් නොලබපු ළමයෙක් සමාජගත කරනවා වෙනුවට අත්දැකීම් බහුල සෞන්දර්යයට හිත හිතකාමී දරුවකු සමාජ ගත කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT