පූරුවේ යම් වාසනාවකට තමන්ට ලැබුණු යම් වටිනා වස්තුවක් ආරක්ෂාකර ගැනීමටත්, ඔහුට යම් වාසනා මහිමයක් තිබිය යුතුමයි. එසේ නොවන කල සිදුවන්නේ මහා විනාසයකි. “එළඳ බ්‍රා” යනු හාස්‍ය අතික්‍රමණය කළ සිනමා නිර්මාණයකි. බඩ පිරෙන්න, ඉල ඇදෙන්න ,හකු පනින්න හිනාවෙන්න යන පරමාර්ථයෙන් නිර්මිත ” එළඳ බ්‍රා” තේමා පාඨය වී ඇත්තේ, ” ඌරෝ කවදද කහ කෑවේ ” යන්නයි. නූගත් ගැමියෙකුට තම සීයා විසින් එර්දියෙන් ලබාදුන් වටිනා දියමන්තියක් සංචාරක හෝටලයක් තුළ විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වන මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් එම වටිනා දියමන්තිය හෝටලයේ සේවකයෙකු අතට පත්වන්නේ ඔහුටත් නොදැනිමය. සිදුවූ වරද නිසා බියට පත්වී පලායන සේවකයා පසුපස විදේශිකයාගේ ආරක්ෂකයින් ලුහුබඳීන අතර, ඔවුන්ගෙන් බේරීම සඳහා එම සේවකයා කාන්තා නිමි ඇඳුම් අලෙවි සැලකට ඇතුල්වී ආරක්ෂා වීමට දරන උත්සාහයේ සිට, එහිදී තිසර පටයක සැඟවූ දියමන්තිය නැවත සොයා ගන්නා අවස්ථාව දක්වා සිදුවන හාස්‍යජනක සිදුවීම් මාලාව “එළඳ බ්‍රා” තුළින් පෙළ ගස්වා ඇත.
රංගන දායකත්වය
පුබුදු චතුරංග, නිලුක්ෂි අමන්දා සිල්වා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, සුරංග සතරසිංහ, නිල්මිණි කෝට්ටේගොඩ , සුසිලා කෝට්ටගේ, පේෂල මනෝජ්, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිර්ධා උයන්හේවා, හේමන්ත ඊරියගම, කැලුම් ශ්‍රීමාල් , ශිරෝමිකා ප්‍රනාන්දු, ශාන්ත ගාල්ලගේ, ලක්ෂ්මන් අමරසේකර, සුමුදු අමල්ක , චතුර පෙරේරා, නදීකා ගුණසේකර, සාරා අබේවර්ධන, චින්තක පීරීස්, හිරුණි රණසිංහ ඇතුළු පිරිසක් දායකව ඇත.
කාර්මික දායකත්වය
කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය – පූජිත සේනාරත්න ගුණතිලක
නිෂ්පාදනය – සුජිතා පීරිස් , දේදුණු සිල්වා
සහය නිෂ්පාදනය – සමිත පීරිස් , ප්‍රසන්න සිල්වා
විධායක නිෂ්පාදනය – චරිත් සුද්දත්චාරි
සහය අධ්‍යක්ෂණය – උදය ප්‍රසන්න
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – නිරංග සංජීව
කැමරා සහය -ප්‍රදීප් නිශ්සංක
සංස්කරණය , වර්ණ සංයෝජනය , ශබ්ද සැලසුම්කරණය සහ විශේෂ ශබ්ද ප්‍රයෝග -සිනෙත් මාලක පතිරණ
අංග රචනය සහ නිෂ්පාදන කළමණාකරණය – තාරක අධිකාරි
කලා අධ්‍යක්ෂණය – වින්ද්‍යා ප්‍රියංකර
සටන් අධ්‍යක්ෂණය – සුමුදු අමල්ක
නර්ථන වින්‍යාසය – ගයාන් ශ්‍රීමාල්, තරංග හර්ෂ කුමාර
හඬකැවීම් පටිගතකිරිම – තනුෂ්ක කහඳවල
5.1 ශබ්ද පරිපාලනය – ප්‍රියන්ත එදිරිසිංහ , සිනෙත් මාලක පතිරණ
පසුබිම් සංගීතය – ඔනිෂ් ද මෙල් , දිලීප ලියනගේ
ගීත රචනය – කැලුම් ශ්‍රීමාල් , චාමික වීරසිංහ , රුචිර ෆ්රීසෝ , දිවාන් තේමිස්
ගී තනු නිර්මාණය – රවි රොයිස්ටර් , කේෂාන් පෙරේරා , ඔනිෂ් ද මෙල්
ගීත ගායනය -රවි රොයිස්ටර්, කේෂාන් පෙරේරා , රංග හේරත්, සදීපා ඉසුරුණි, චන්දි සුද්දත්චාරි
නිශ්චල ඡායාරූප – හසිත නිළුපුල්
ප්‍රධාන අලෝකකරණ ශිල්පි-සමන් මායාකඩුව
දෙවන සහය අධ්‍යක්ෂණය -මධුශාන් පෙරේරා , අරවින්ද රත්නායක
ඩ්‍රෝන කැමරා – සම්පත් චතුරංග