නිවස කළා පුවත් සිනමා සාහිත්‍යයට සනත් සහ වසන්ත එක්වෙයි

සිනමා සාහිත්‍යයට සනත් සහ වසන්ත එක්වෙයි

by Thanushika
October 10, 2024 3:00 am 0 comment

සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් විරචිත ප්‍රවීණ සිනමා රූපණවේදී සනත් ගුණතිලකයන්ගේ දශක හතරක් ඉක්මවා ගිය අභිමානවත් සිනමා දිවියෙන් තෝරාගත් චරිත විස්සකින් පළමු චරිත හත විමසන “සනත් චරිත හතක්”නැමැති කෘතියත්,ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරගේ සිනමාව විමසන “වසන්තගේ සිනමාව”මානව සහ සමාජ කතිකාවක් නමැති කෘතියත් එළැඹෙන 16 වැනිදාප.ව.03.00 කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.

සනත් චරිත හතක් මාධ්‍ය මීඩියා පබ්ලිකේෂන් වෙනුවෙන් මහින්ද ඇතුළුව ප්‍රකාශයට පත් කරන අතර වසන්තගේ සිනමාව මානව සහ සමාජ කතිකාවක් නබෝ ප්‍රකාශන වෙනුවෙන් ලහිරු රන්දික ලියනගේ ප්‍රකාශයට පත් කරයි.එදින මූලාසනයේ දේශන පවත්වනු ලබන්නේ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා සහ නව පරපුරේ සිනමා වේදියෙකු සහ කලා විචාරකයකු වන චින්තන ධර්මදාසයි.මෙයට සමගාමීව වසන්ත ඔබේසේකර සිනමාව විමසන වසන්ත සත් සමුදුරින් ඔබ්බට වාර්තාමය සිනමාපටය එදින ප්‍රදර්ශනය කෙරෙයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT