Home » සිනමාව දිග්විජය කළ ලස්සන කෙල්ල

සිනමාව දිග්විජය කළ ලස්සන කෙල්ල

ගීතා කුමාරසිංහ

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

හෙළ සිනමාවේ ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියූ කුමාර විදානලාගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ හෙවත් ගීතා කුමාරසිංහ බෙන්තොට, හඹුරුගලදී උපත ලැබුවාය. දේශීය සිනමාවේ මුල්පෙලේ ජනප්‍රිය නිළියක සේම චිත්‍රපට නිෂ්පාදකවරියකද වන ඇය හඹුරුගල ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව අලුත්ගම සංඝමිත්තා බාලිකා විදුහලේද , අනතුරුව ඇල්පිටියේ ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබීය..

නිළියක වීමේ අපේක්ෂාවකින් පසුවූ ඕ සිය පියාණන්ගේ සමීප මිතුරකු වූ අමිත අබේසේකර සමඟින් බෙන්තොට ප්‍රදේශයට පැමිණි ඇය ඒ වනවිට එම ප්‍රදේශයේ “නයනා” චිත්‍රපටයේ රූගත කිරීම් නැරැඹීමට යාමේදි එහි දී ගාමිණී ෆොන්සේකා මහතා හමුවී තමන්ට ගාමිණී සමග චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාගැනීමට අමිත මහතා හරහා ඉල්ලා සිටියාය..

ගාමිණී වෙතින් ලද ලිපියක් ද රැගෙන පැමිණි ගීතා නීල් රූපසිංහයන් හමුවීමට ගියාය..ගාමිණීගේ ලිපියට අනුව යමින් නීල් රූපසිංහයන් ඔහු අධ්‍යක්ෂණය කළ “ලස්සන කෙල්ල” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘සුජාතා” ලෙසින් රඟපෑමට ඕ වරම් ලද්දාය..

මේ අතරවාරයේදී සරසවිය පුවත්පතේ පළකැරුණු දැන්වීමකට අනුව ඉල්ලුම් කළ ගීතා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ “වාසනා” චිත්‍රපටයේ ‘පුෂ්පා’ ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුවාය..

මීට සමගාමීව යසපාලිත නානායක්කාරයන්ගේ ඇගේ ආදර කතාව චිත්‍රපටයේද අවස්ථාව හිමිවි එකිනෙකට සමාන්තරව රූ ගත කෙරුණු මෙකී චිත්‍රපටත්‍රයෙන් ලස්සන කෙල්ල චිත්‍රපටය පළමුව තිරගත කෙරිණි..දමයන්ති චිත්‍රපටයේ (දමයන්ති) මරුවා සමඟ වාසේ චිත්‍රපටයේ (රන් මැණිකා) ‘පෙම්බර මධු’ හි (ඩල්සි) පොඩි මල්ලි’ හි (නාලිකා) කරුමක්කාරයෝ ‘ හි (සෝමා අක්කා) සිරිබෝ අයියා හි (එමි නෝනා) සතර දිගන්තයේහි (රඟා) මහගෙදර (කුමාරි) හිමකතර හි (රෝසි) සූර සරදියෙල් හි (තංගම්මා) පාලම යට (ඩොටී) නෙළුම් සහ සමන්මලී හි (නෙළුම් / සමන්මලී ලෙසින් ද්විත්ව රංගනයකද) ලොකු දුව චිත්‍රපටයේ (පුණ්ණා) ආදී ඇයගේ සිනමා රංගන භූමිකා පෙළහරෙහි කැපී පෙනෙන නිදසුන් වේ..

අනුරාගී ලිංගිකත්වය ඉස්මතු වූ මතභේදයනටද තුඩුදුන් චරිත රඟපෑමෙහි (පෙම්බර මධු) සාරා, කරුමක්කාරයෝ, මායා, හිමකතර, කොටි වලිගය, මහගෙදර, සහ අඹු සැමියෝ සිනමා නිර්මාණයන්හි රඟපෑමෙහි ඕ නිර්භය නිළියක වූවාය… සෙසු නිළියන් අතර ගීතාට හිමිව තිබූ සුන්දර ප්‍රෙක්ෂක සිත් වසඟ කරන සුලු තරමේ ආකර්ෂ ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපට ආදියෙහි ගාමිණි සහ විජය සමග ඕ රඟපෑවාය…මින් බොහෝ චිත්‍රපට ඉහළම ආදායම් වාර්තා (box office) ලැබීය.. ඉන්දු – ලංකා සම නිෂ්පාදනයක් වූ ‘ යුක්තියට චණ්ඩියා ‘ සහ පාකිස්තානු – ලංකා සම නිෂ්පාදනයන්හි (සිංහ පැටවු.., – අයිය නගෝ) හි රඟපෑ ගීතා දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත නළුවකු වූ සිවාජි ගනේෂන් සමඟින් MOHANA PONNAGAI චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය..

ප්‍රංශයේ සෝති රූපලාවණ්‍යාගාරයේ දී හා ලන්ඩනයේ මොරිස් කෙනත් ආයතනයේද පුහුණුව ලද ගීතා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියකි.

‘ගීතා’ නමින් එවක පළකැරුණු සිනමා පුවත්පතේද හිමිකාරිය ඇයය.. වරක් ගීත ගායනයටද නැඹුරු ව කරුණාරත්න අබේසේකර යන් රචිත සරත් බාලසූරිය සංගීතවත් කළ “ආදර කඳුළු බිඳේ ..” ඇය ගැයූ ගීතයකි..

ඇය සරසවිය, ජනාධිපති, OCIC ස්වර්ණ සංඛ සම්මානලාභිනියකද වන්නීය…

ඕ රඟපෑ පළමු සිනමා නිර්මාණයේ සිට ඇය වෙත චිත්‍රපට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් වැල නොකැඩී පැමිණියහ..එසේම..ඇයගේ පළමු චිත්‍රපටය ලස්සන කෙල්ල තිරගත වන්නටත් පෙර ඕ චිත්‍රපට 21කට ගිවිසුම් අස්සන් කරන්නට වරම් ලද්දාය..

එය හෙළ සිනමා අම්බරයේ වාර්තාමය පළමුවන අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වී තිබේ..

ගීතා කුමාරසිංහ රඟපෑ ලස්සන කෙල්ල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇය රඟපෑවේ තිස්ස විජේසුරේන්ද්‍ර සමඟිනි. එනම් 1975 ක්වූ ජුනි මස 20 වැනිදා තිරයට පැමිණි එම චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහළින්ම හිමිවිණි.

2005 වසරේදී ඇය හොඳම නිළිය ලෙසින් රන්දිය දහර චිත්‍රපටයේ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2005 වර්ෂයේ පැවැති 30 වැනි සරසවිය සම්මාන උලෙළේදී 2004 වර්ෂයේ හොඳම නිළිය ලෙස උදයකාන්ත වර්ණසූරියගේ “රන්දිය දහර” චිත්‍රපටයේ හොඳම නිළිය වෙමින් ගීතා සරසවිය සහ ජනාධිපති සම්මානයටද බඳුන් වූවාය.

1988, 1990, 1991 වසරවල පැවැති 16, 17, 19 වැනි සරසවිය සම්මාන උලෙළවලදී ජනපි‍්‍රය නිළිය ලෙසින් තෙවරක් කිරුළ පැළැඳි ගීතා 1991 වසරේ පැවැති 19 වැනි සරසවිය සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපට නිෂ්පාදිකාව ලෙසත් හොඳම නිළිය ලෙසත් පාලම යට චිත්‍රපටය සඳහා සරසවිය සම්මාන දිනා ගනු ලැබුවාය.

1997 දී සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව හොඳම චිත්‍රපටයට හිමි ජනාධිපති සම්මානයටද පාත්‍ර වූවාය..

1990 දී හොඳම නිළිය ලෙසින් ගීතා ස්වර්ණ සංඛ සම්මානයට බඳුන් වූයේ පාලම යට චිත්‍රපටයෙනි.

අන්තර්ජාතික නිෂ්පාදන නිර්මාණ 08 කටද ගීතා සිය රංගන දායකත්වය මුසු කළාය..

ගීතා කුමාරසිංහ හොඳම නිළිය, හොඳ ම නිෂ්පාදිකාව, සේම ජනප්‍රිය නිළිය ලෙසින්ද ගීතා සරසවිය සම්මාන රැසකට පාත්‍ර වී ඇත. ස්වර්ණ සංඛ සම්මානලාභිනියකද වන්නීය…

 

සේයාරුව ටෙනිසන් එදිරිසිංහ

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT