නිවස කළා පුවත් සිනමාවේ ශි‍්‍රයාවිය උපහාර උලෙළ

සිනමාවේ ශි‍්‍රයාවිය උපහාර උලෙළ

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ප්‍රවීණ රංගනවේදනී ශ්‍රියාණි අමරසේන දසක හයක් පුරා සිනමා කලාවට දැක්වූ මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාර උළෙල “සිනමාවේ ශ්‍රියාවිය”ශ්‍රියාණි අමරසේන රංගාව තරණය පසුගිය ජූලි 09 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.

එදා මෙදා තුර අඩ සියවසක කළ සිනමා දිවියේ මතක සටහන් සමග ඇගේ සිනමා දිවියේ සොඳුරු සැමරුම් ඇතුළත් ප්‍රාසංගික ඉදිරිපත් කිරීමත් සමඟ ඇය විසින් රචිත “මතක සිත්තම්”ස්වයං ලිඛිත චරිතාපදානය දොරට වැඩිණ. චන්න විජේවර්ධන නර්තන වින්‍යාසයෙන් ක්ෂේත්‍රයේ සිටින කලාකරුවෝ රැසක් රංගනයෙන් දායක වූහ. ඉඳුනිල් දිසානායක සහ කුමාර් ද සිල්වා ප්‍රසංගය ඉදිරිපත් කළහ. ශ්‍රියාණිගේ සිනමා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් වන විරාගයේ සරෝජනීගේ චරිතය පිළිබඳ විරාගයේ අරවින්දගේ චරිතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගනවේදී සනත් ගුණතිලක එහි මුඛ්‍ය දේශනය පැවැත්විය.

ඒ සමඟම ඇයගේ සිනමා දිවියේ ඇය රඟපෑ සිනමා පට ඇසුරින් බන්දුල නානායක්කාරවසම් විසින් රචිත ගීතයද මෙදින දොරට වැඩිණ. එහි සංගීත අධ්‍යක්ෂණය විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සිදුකර ඇති අතර දිවයිනේ ප්‍රමුඛතම ගායක ගායිකාවන් රැසක් මෙම ගීතය එදින ගායනා කරනු ලැබිය. රටේ ප්‍රධාන පෙළේ විශේෂ ආරාධිතයන් හා කලාකරුවන් රුසක් එදින ප්‍රසංගයට සහභාගි වූ අතර කලාකරුවන් සමඟ එකතු වී ඇය පහන් වැටි දල්වා කේක් කැපීමෙන් සිනමාවේ ශ්‍රියාවිය”ශ්‍රියාණි අමරසේන රංගාව තරණය වර්ණවත් විය. විශේෂ සම්මාන රැසකින්ද එදින ඇය පිදුම් ලැබීය. මේ එදින තෙවැනි ඇසට හසු වු විශේෂ අවස්ථාවයි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT