Home » සිනමාවේ ආශ්චර්යයන් පෑ ජුරාසික ලෝකයක නව උපත

සිනමාවේ ආශ්චර්යයන් පෑ ජුරාසික ලෝකයක නව උපත

- Jurassic World : Rebirth

by Thanushika
July 17, 2025 3:01 pm 0 comment

වසර මිලියන හැත්තෑවකට පෙරාතුව පෘථවියේ මුල් අයිතිකරුවන් වූ ඩයනෝසර පරම්පරාව මුළුමනින්ම මෙලොවින් වඳවී යන්නේ උල්කාපාතයක් පෘථවිය හා ගෑටීම නිසා බව අප කුඩා කාලයේ විද්‍යා පාඩමිවලින් අසා තිබෙනවා. මෙම සත්ත්වයන් මිහිමතින් සදහටම තුරන් වී ගිය ද ප්‍රථම වරට ත්‍රිමාණරූපිව සිනමාපටයකින් දැක බලාගන්නට අවස්ථාව උදා වන්නේ 1993 වසරේ ජූනි 12 ඇමරිකාවේ තිරගත වීම ඇරඹුන ජුරාසික් පාර්ක් සිනමාපටය හරහායි. ජුරාසික යුගයේ සිටි දැවැන්තයන් පිළිබඳ මුළු ලෝකයම උන්මාදයෙන් පෙළෙන්නට සහ නැවතත් කතා කරන්නට පටන් ගන්නේ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටය ලොව පුරා තිරගත වීමත් සමඟයි. එතෙක් මෙතෙක් ලෝක සිනමාව තුළ නිර්මාණය වූ චිත්‍රපට සියල්ලට වඩා සුවිශේෂි වන “ජුරාසික් පාර්ක්” චිත්‍රපටය සිනමාවට ඇති බලය සහ ආධිපත්‍යය කුමක්ද? යන්න කදිමට කියා පෑ අවස්ථාවක් ලෙස ලෝක ඉතිහාසයට ද එකතු වෙනවා. “ජුරාසික් පාර්ක්” චිත්‍රපටය නිර්මාණය කරන්නේ “ෂින්ඩිලර්ස් ලිස්ට්”, “ජෝස්”, “ඉන්දියානා ජෝන්ස්” වැනි ලෝක ප්‍රකට සම්මානනීය චිත්‍රපට නිර්මාණය කළ හොලිවුඩයේ සිටින සුපිරි අධ්‍යක්ෂකවරයකු වන ‘ස්ටීවන් ස්පිල්බර්ග්’ විසිනි.

ස්පීල්බර්ග් විසින් “ජුරාසික් පාර්ක්” චිත්‍රපටයේ කතාව නිර්මාණය කරන්නට පාදක කර ගන්නේ ඇමරිකානු නවකතාකරුවකු වන “මයිකල් ක්‍රීච්ටන්” විසින් 1990 වසරේදී රචනා කරන ලද “ජුරාසික් පාක්” නමින් යුතු ව්ද්‍යා ප්‍රබන්ධ නවකතාවයි. එදවස ඩොලර් මිලියන 63කින් සදා නිම කළ “ජුරාසික් පාර්ක්” චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායමි වාර්තා බිඳ හෙළමින්, ඩොලර් බිලියනයක අති දැවැන්ත මුදලක් උපයාගන්නට සමත් වුණා. එම සාර්ථකත්වයත් සමඟ “ජුරාසික් පාක්” චිත්‍රපටයේ දෙවැන්න ස්පිල්බර්ග්ගේ අධ්‍යක්ෂණයෙන් “ද ලොස්ට් වර්ල්ඩ්” නමින් 1997 වසරේ නිර්මාණය විය. “ජුරාසික් පාර්ක්” තෙවැන්න ස්පිල්බර්ග්ගේ නිෂ්පාදනයක් ලෙස 2001 වසරේ නිර්මාණය වූ අතර අධ්‍යක්ෂණය කරන ලද්දේ “ජෝ ජොන්ස්ටන්” විසිනි.

වසර 14කට පසුව 2015 දී “ජුරාසික් වර්ල්ඩ්” නමින් නැවත චිත්‍රපටයක් පැමිණෙන්නේ ⁣”ජුරාසික් පාර්ක්” කෙරෙහි ප්‍රේක්ෂකයන් තුළ උන්මාදයක් ඇති කරමින්. එය “ජුරාසික් පාර්ක්” චිත්‍රපට මාලාවට සමිබන්ධ හතරවැනි චිත්‍රපටය වන අතර “ජුරාසික් වර්ල්ඩ්” චිත්‍රපට ත්‍රිත්වයේ (Trilogy) පළමුවැන්නයි. ජුරාසික් පාර්ක් හි සිදුවීම්වලින් වසර 22 කට පසුව, “ජුරාසික් වර්ල්ඩ්” චිත්‍රපටයේ සිදු වන්නේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටි කොස්ටරිකාවෙි “ඉස්ලා නුබ්ලර්” නමින් ගොඩනඟන ලද දැවැන්ත ජුරාසික් දූපත වටායි. “ජුරාසික් වර්ල්ඩ්” යන නමින් නම් කරන ලද මෙම උද්‍යානයේ (park) ක්ලෝන කරන ලද ඩයිනෝසෝරයන්ගෙන් සමන්විත වන අතර විද්‍යාඥ ජෝන් හැමන්ඩ්ගේ සිහිනය මල්ඵල ගන්වමින් වසර ගණනාවක් දිවයිනේ ක්‍රියාත්මක වූ ව්‍යාප්තියකි. මෙම දූපතේ සිටින සියලුම ඩයනෝසරයන් DNA තාක්‍ෂණයේ පිහිටෙන් යුතුව නිර්මාණය කර ඇත.

මුළු උද්‍යානයම කණපිට හරවන මෙම ඩයනෝසරයන් දිවයින පුරා ආධිපත්‍යය පතුරවන්නට සැරසෙයි. “ජුරාසික් වර්ල්ඩ්” පළමු චිත්‍රපටය ලොව පුරා සිටි ජුරාසික් පාර්ක් ප්‍රේක්ෂකයන් අතර දැඩ් සේ ජනප්‍රිය වූ අතර සිනමා විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරවලින් පැසසුම් ලැබිණ. ඩොලර් මිලියන 150ක අති දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය කළ “ජුරාසික් වර්ල්ඩ්” බොක්ස් ඔෆිස් ආදායමි වාර්තා පිට වාර්තා තබමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.670ක් වැනි ව්ශාල ආදායමක් උපයා ගත් අතර, එය එතෙක් මෙතෙක් වැඩිම අදායමක් ඉපැයු චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත්වෙන්නට හැකි වුණා.

“ජුරාසික් වර්ල්ඩ්” චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැන්න වන 2018 දී තිරගත වූ “ජුරාසික් වර්ල්ඩ් ; ෆෝලන් කින්ග්ඩමි” චිත්‍රපටයේ කතාව බවට පත්වන්නේ ව්නාශයට පත් “ඉස්ලා නුබිලර්” ජුරාසික් දූපතේ සිටින ජානවලින් දෙමුහුන් කරන ලද “ඉන්ඩොමිනස් රෙක්ස්” නම් දැවැන්ත ඩයිනෝසරයා කූඩුවෙන් පිටතට යාම සමඟින් ඇතිවන අර්බුද රැසක් මතුවීමෙි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ.ජේ බයෝනා විසින් අධ්‍යක්ෂණය කළ “ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩමි” චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 187ක අති දැවැන්ත පිරිවැයක් දරා නිර්මාණය කරමින් බොක්ස් ඔෆිස් ආදායමි වාර්තා පිට වාර්තා තබමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.310 උපයා ගැනීමට සමත් විය.

“ජුරාසික් වර්ල්ඩ්” චිත්‍රපට මාලාවෙි අවසන් චිත්‍රපටය වන “ජුරාසික් වර්ල්ඩ් : ඩොමීනියන්” චිත්‍රපටය 2022 වසරේ තිරගත වූ අතර ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මුල් නිර්මාණකරුවා වන ස්ටීවන් ස්පිල්බර්ග් විසින් මෙම චිත්‍රපට මාලා ත්‍රිත්වයේම විධායක නිෂ්පාදකවරයා බවට පත් විය. “Jurassic World : Dominion”  චිත්‍රපටයේ කතාව වන්නේ “ජුරාසික් වර්ල්ඩ්” දෙවැනි චිත්‍රපටයේ සිදු වූ සිදුවීම්වලින් වසර හතරකට පසුව මුළු ඇමරිකානු භූමියම ඩයනෝසරයන්ගේ ආක්‍රමණයට නතුවන ආකාරය පෙන්වන සිදුවීමි දාමයකිනි. එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිසුණුම සත්ත්ව කොට්ඨාසයක් වූ ඩයිනෝසරයන්ගේ ආධිපත්‍යයෙන් යුතුව ලොව පුරා සිටින මිනිසුන් සමඟ ජීවත් වන ගමන් දෙමුහුන් තාක්‍ෂණයෙන් නිර්මාණය කරන ලද දරුණු සේම යෝධ පළගැටි විශේෂයක් විසින් වගා භුමිවලට සිදු කරන ආක්‍රමණයක් නිසා මුළු ලෝකයම ව්ශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවෙයි. ඩයනෝසරයන්ගේ සහ මෙම යෝධ පළගැටි විශේෂයෙන් ලෝකය බෙිරාගන්නේ කෙසේද? යන්න “Jurassic World : Dominion”  චිත්‍රපටයේ කතාව බවට පත්වෙයි.

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට ත්‍රිත්වයෙන් අනතුරුව නව ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයක් නිර්මාණය කළ යුතු බව යුනිවර්සල් සමාගම විසින් තීරණය කරන්නේ පෙර ජුරාසික් චිත්‍රපට මාලාවට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන ලෙසිනි. ඒ අනුව මේ දිනවල ලොව පුරා තිරගත වන නව ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය වන ‘Jurassic World : Rebirth’ හි කතාව වනුයේ ‘Mosasaurus”, “Titanosaurus”  සහ “Quetzalcoatlus” යන ප්‍රාග් ඓතිහාසික ජුරාසික දැවැන්තයන් තිදෙනා සොයා යන අසීරු චාරිකාවක් වටායි. “Jurassic World : Rebirth’ අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ගැරත් එඩ්වඩ්ස්’ විසිනි.

ඔහු ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවධානයක් දිනා ගන්නේ 2014 වසරේ තිරගත කළ ‘ගොඩ්සිලා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම හරහායි. එමෙන්ම 2016 වසරේ තිරගත වූ ‘Rogue One: A Star Wars Story’ චිත්‍රපටය සහ 2023 වසරේ තිරගත වූ’The Creator’  චිත්‍රපට ද්ව්ත්වය ද ගැරත් විසින් අධ්‍යක්ෂණය කළ අතර සිනමාපට ද්ව්ත්වයම සාර්ථක ප්‍රතිචාර හිමි විය. නමුත් මේ වනවිට “Jurassic World : Rebirth”  චිත්‍රපටයට ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයකි. ඇතැම් විචාරකයන් “ජුරාසික් වර්ල්ඩ් රීබර්ත්” චිත්‍රපටය කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර දක්වයි. ඔවුන් හඳුන්වා දෙන්නේ අතීතකාමයන්ගේ වෙළුණු ආදරණීය මතක සමඟ ජුරාසික් යුගයක යහපත් ආරම්භයක් චිත්‍රපටය තුළින් දුටු බවයි. හොලිවුඩයේ සුපිරි නිළි ස්කාර්ලට් ජොහැන්සන්, නළු ජොනතන් බේලි සහ මාෂලා අලී විසින් චිත්‍රපටය රංගනයෙන් ඔපවත් කරයි. “ජුරාසික් වර්ල්ඩ් : රීබර්ත්” වසරේ සිනමාශාලාවක නැරැඹිය යුතුම චිත්‍රපටයක් ලෙස ඉහළින්ම නිර්දේශ කළ හැකි සිනමාපටයකි. යුග ගණනාවක් පුරා සිනමාවේ ආශ්චර්යයන් විදහා පෑ ජුරාසිකයන්ගේ අසිරිමත් රූප පෙළ සහ ඒ දැවැන්ත බව නමි නිසැකවම සිනමාශාලාවකම අත්විඳීය යුතු එකකි.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT