Home » සිනමාවයි සංචාරක කර්මාන්තයයි යා කරන වැඩපිළිවෙළක් ඕනෑ

සිනමාවයි සංචාරක කර්මාන්තයයි යා කරන වැඩපිළිවෙළක් ඕනෑ

හවුස් ෆුල් නිෂ්පාදක මොහාන් පෙරේරා

by Thanushika
April 10, 2025 9:50 am 0 comment

ජීවිතය කියන්නේ අපි සැලසුම් කරලා ලියන කතාන්දරයකට වඩා බෙහෙවින් වෙනස් අහඹු සිද්ධියකට. සැබැවින්ම ජීවිතය කියලා කියන්නේ එක්තරා සිද්ධියක්. සිදුවෙන තුරු කිසිවක් සිතාගත නොහැකි ඇසිල්ලක්. සියල්ලෙහිම අයිතිකරුවා තමයි ගතවෙන කාලය.ඒ සිද්ධිය ආරම්භය, පැවැත්ම සහ අවසානය මිස කාලයට ඒ තුළ වෙන හැඟීම් අදාළ නැත. කාලයට වුවමනා කරන්නේ යම් සිද්ධියක් කිරීමේ බලය විතරමයි.යම්කිසි සිදුවීමක් සිදුවීමෙන් පසු කාලය සිය නියෝජිතයන් ලවා ඊළඟ සිදුවීමට ඉඩ සලසනවා විය යුතුයි. එකී කාල නියෝජිතයන් පසුගිය දවස්වල House full  සිනමා පටයේ නිෂ්පාදකවරයා සමග එකට එක්වී ඒ වටා ගැවසී ඒ සිද්ධිය ප්‍රේක්ෂකයා වෙතට ගෙන ඒමට සියලු නිෂ්පාදක කටයුතු නිම කර තිබුණා.

බොහෝ දෙනාගේ හඳුනා ගැනීම ඔහු ව්‍යාපාරිකයකු, දේශපාලඥයෙකු ලෙසටය. කෙසේ වෙතත් ඔහුගේ අලුත්ම පිවිසුම දැන් සිනමා කර්මාන්තයට පිවිස සිටීමයි. මේ වන විට ඔහු සිනමා පට තුනක් සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදී ඇත. හේ නිෂ්පාදනය කළ හවුස් ෆුල් සිනමාපටය ළඟදිම සිනමා ලෝලීන් හමුවට ගෙන ඒමට නියමිත කාලවකවානුවක එහි නිෂ්පාදකවරයා වන මොහාන් පෙරේරා සමඟ කළ සොඳුරු කතාබහ සරසවිය පාඨකයන් වෙත දිගහැරේ.

සිනමාවට ඔබේ ආගමනය සිදුවන්නේ කොහොමද ?

මගේ සිනමාවේ ආගමනයේ සිදුවන්නේ මම පාසල් යන කාලසීමාව තුළදීමයි. එහෙම මම සඳහන් කරන්නේ මම පාසල් යන කාලය තුළ සිනමාවට දැඩි ලෙස ඇලුම් කරපුද්ගලයෙක් නිසායි.පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු මාධ්‍යකරණයට දැඩි ලෙස ඇලුම් කළා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේත් මම දිගු කාලයක් කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. ඉන්පසු 1998 වර්ෂයේදී පටන් මම ටෙලිෂන් සහ රේඩියෝවලට සම්බන්ධ වෙනවා.ඒ වගේම මාධ්‍ය ආයතන කිහිපයකටම සම්බන්ධ වෙලා හිටියා. මේ ගමන් මගට මට ර්ඊඍ ආයතනය හිටපු හැරල් විජේසිංහ සහ නිමල් ලක්ෂ පතිආරච්චි දෙදෙනාම උදව් කළා. ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලත් කටයුතු කරන්නට මට අවස්ථාව උදාවුණා. EAP මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කටයුතු කරන වකවානුවේදී චිත්‍රපට වලටත් එහිදී සම්බන්ධ වුණා. විදේශීය ප්‍රසංග කිහිපයකටම අපි යොමු වෙලා කටයුතු කළා. සිරස සහ EAP මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළ නිසා චිත්‍රපට ගැනත්, ප්‍රසංග ගැනත්, මට ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ හොඳ දැනුමක් ලබා ගැනිමට වගේම ඇල්මකුත් වැටහීමකුත් ඇතිවුණා. United network සම්බන්ධ වෙලා කටයුතු කිරීමෙන් පසු සිනමාව ගැන විශේෂ උනන්දුවක් සහ කැමැත්තක් ඒ හරහා තවත් තිව්‍ර කරමින් ඇතිවුණා කිව්වොත් නිවැරැදියි. මිනිස්සු හිතන විදිහ අනුව මේ ලෝකයේ මොනතරම් ආදරණීය ලස්සන එකක් කරගන්න පුළුවන්ද ඒ කතා තේමාවල් සිනමාව තුළට ගෙන ඒම තුළින් කියලා මට හිතුණා. ආදරය ගැන විශ්විය සිතින් හිතපු සිනමා රසකාමියකු වූවානම් ඒ මනුස්සයෙක් තුළ ආසාවක් ආදරයක් ඇල්මක් තුළ මේ මාවත හොඳයි කියලා හිතපු නිසාත් මිනිසාට විනෝදාස්වාදය ගෙන එන්නට ඔවුන් වෙනුවෙන් නිෂ්පාදකයෙක් වෙන එක මම වටිනවා කියලා හිතුවා.

චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන්න හිතුවේ ඇයි ?

කලාව කියන්නේ මහා අමුතුම දෙයක්. ඕනෑම මනුස්සයෙක් කලාවට ආදරේ කරන්නේ නෑ කියලා කියන්න බැහැ. කලාව නැත්තම් ජීවිතයක් නෑ කියලයි මම දකින්නේ. සුන්දර නිර්මාණ තුළ ජීවත් වුණේ සුන්දර මිනිසුන් නිසා. කිසිවකු ගන්නා තීරණ හිතා මතා සහ නොසිතූ විදියට ගන්න දේවල් තියෙනවා. ඒක ඇත්තටම අහම්බෙන් සිදුවුණු දෙයක්. මට ගොඩක් අධ්‍යක්ෂවරු චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නැයි ආරාධනා කළා. ඔහොම ඉන්න කාලේ එක දවසක් ඩුබයි ඉඳලා ආපු ආයෝජකයෝ පිරිසක්, ඉන්දියන් පිරිසක් එක්ක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කැමැත්ත පළ කළා. ඒ මීට වසර දෙකකට පමණ පෙර. මම එයට සම නිෂ්පාදකයෙක් විදියට සම්බන්ධ වුණා. ඒක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජීවන කතාව අලළා නිර්මාණයකි. නමුත් ඒක කරන්න ලැබුණේ නෑ, ඒ සියලු දේවල් කල් ගියා. ඔය අතරේ තමයි, සුනිල් ටී ප්‍රනාන්දුගේ, 75 වැනි චිත්‍රපටයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන්න කියලා මා පසුපස ඇවිත් නිතර දෙවේලේ පැවසූ පසුවයි මම මෙයට සම්බන්ධ වෙන්නේ. මේ සිනමා පටයට ප්‍රථම යොදපු නම තමයි ටික් ටොක් කියලා අපි මේකට නමකුත් දා ගත්තා. ප්‍රධාන රංග භූමිකාව රන්ජන් රාමනායකව යොදා ගන්න තීරණය කළා. ඒත්, ඔහුගේ කාර්යබහුලත්වය චරිතයට සම්බන්ධ කරගන්න නොහැකි වාතාවරණයක් උදාවුණා. ඉන්පසු තමයි සිනමා පටය සියලු දේවල්ම වෙනස් කරලා නව නිර්මාණකරණයක් තුළ අලුත් ශිල්පින් යොදාගෙන හවුස් ෆුල් නමින් නිෂ්පාදනය කරන්නට මට හැකි වුණේ.

හවුස් ෆුල් නිෂ්පාදනය පිළිබඳ යම් යම් පාර්ශව අතර ගැටලුවක් මතුවෙලාද.?

හවුස් ෆුල් සිනමාපටයට 100% ක්ම මුදල් වියදම් කළේ මොහාන් පෙරේරා වන මමයි.තව්තිසා’ පික්චර්ස් (පුද්) සමාගම ඉදිරිපත් කිරීමක්. මෙහි සම නිෂ්පාදකවරිය ලෙස කටයුතු කරන්නේ ගිහානි ප්‍රනාන්දුයි. සුනිල් ටී ප්‍රනාන්දු, MPI මණ්ඩලයේ සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා. ඔහුට බොහෝ අත්දැකීම් තියෙන නිසා චිත්‍රපටය සම්බන්ධ අනෙක් කටයුතුවලට ඔහු සම්බන්ධ කර ගත්තා. නමුත් සියලු බැරපන යෙදෙව්වේ මමයි. හවුස් ෆුල් නිෂ්පාදකවරයා යන නම තියෙන්නේ මටයි. ඕනෑම කෙනෙකුට මත ඉදිරිපත් කරන්න පුළුවන්. ක්ෂේත්‍රයට එන නිෂ්පාදකවරු ආරක්ෂා කරනවා වෙනුවට ඔවුන් නැති කිරීමටයි බොහෝ දෙනා මුල පුරන්නේ,

සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ ඇයි ?

පාසල් යන කාලයේ සිට සිනමාවට තිබුණු ආශාව නිසාත්. මගේ ගමන් මගේ යම් යම් සංධිස්ථාන තිබෙනවා. ඒ එක සංධිස්ථානයක් වෙන්නැති මෙතනට මාව ගෙන ආවේ. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ

මම පළමුව අත්දැකීමක් ලබන්නයි. ඒ වගේම පළපුරුද්දක් ගන්නයි. ඉන්පසුව මගේ දෙවැනි චිත්‍රපටය SSS කියලා එකක්. ඒක ඉන්දියන් චිත්‍රපටයක්. එහි අධ්‍යක්ෂකවරයා ඉන්දියන් අයෙක්. ඔහු ජේ ආකාශ්. ඒ කරපු නිර්මාණ හරහා තමයි මම සිනමාවට ප්‍ර්විෂ්ඨ වීමට තීරණය කළේ. මේ වටපිටාව සැකසෙන විට මම සිනමාව වෙනුවෙන් තව්තිසා’ පික්චර්ස් (පුද්) සමාගම නමින් නිෂ්පාදන සමාගමක් ස්ථාපිත කරනවා. මේ හරහා ඉදිරියේදී සිනමාවට මගෙන් ලොකු මෙහෙවරක් සිදුවෙයි. නව පරපුරට මෙන්ම ජ්‍යේෂ්ඨයන්ට සිනමාව වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්නට මම මාර්ගයක් සකසමින් පවතිනවා.

හවුස් ෆුල් ප්‍රධාන නළුවර්ණය සිදුවූයේ කොහොමද ?

තිර පිටපතට අනුව තෝරාගෙන හිටපු පිරිස් මේ සිනමා පටය සඳහා තෝරා ගත්තා.

චූලක්ෂිව තෝරා ගන්න පෙර කීප දෙනෙකුටම කතා කළා. ඉසුරුට ගැළපෙන චරිතයක් විදියට තමයි චූලක්ෂිව ගත්තේ. ඒ වගේම හවුස් ෆුල් වැඩ ටික ඉක්මනින් කරන්න ඕන නිසා තවත් හිතන් හිටපු චරිත වෙනස් කරලා වැඩ කටයුතු ඉක්මන් කළා. ලංකාවේ ප්‍රධාන පෙළේ නම කියන නළුවෙක්ද මෙයට සම්බන්ධ කරගෙන සිටියා. ඒත් අවසාන මොහොතේ ඔහු මෙයට සම්බන්ධ වීමට නොහැකිබව ප්‍රකාශ කළා. සමහරක් අවස්ථාවල නළු නිළියෝ ගිවිසුම් පවා අත්සන් කරලා මගහරින බව මම අහල තියෙනවා. ඒත් ඒ බව මගේ සිනමා පටයෙන් මට සැබැවින්ම ඔප්පු වුණා ඒ කරපු දේවල් අනුව. සමහරක් අධ්‍යක්ෂකවරු ඉන්දියාවෙන් නළු නිළියන් සිනමා පටවලට තෝරාගන්නේ මේ හේතූන් නිසා විය හැකි බවයි මම හිතන්නේ. නිර්මාණයකට තෝරාගන්නා නළුවා හෝ නිළිය ඔහුට තියෙන දක්ෂතාවය අනුව ඔහුට ලැබෙන චරිතය ගැන පමණයි සිතිය යුත්තේ. ගොඩක් ශිල්පීන් බලාපොරොත්තු වන්නේ ප්‍රධාන චරිතය හා උප ප්‍රධාන චරිතයි. ඒ ගැන නොසලකා චරිතය ගැන පමණක් හිතනවා නම් අද සිනමාව හොඳ තැනකට ඇවිල්ල කියලයි මම හිතන්නේ. මේ සඳහා ශිල්පීන් සියයකට වැඩි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

හවුස් ෆුල් තිරයට එන්නේ කවදාද ?

අවුරුදු නිවාඩුවත් එක්ක අප්‍රේල් 17 වැනිදා ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වුණා. ඒත් අවුරුදු සමයත් සමග අප්‍රේල් මාසයේ තිරගතවීම බොහෝ දුරට නො වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැයි මස අග ප්‍රදර්ශනය සිදු කෙරෙනවා. MPI මණ්ඩලයේ සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලා 65ක තිරගත වීමයි ආරම්භ කරන්නේ.මේ වන වන විට එහි සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.ඒ නිසා කෙටි කාලයක් ප්‍රේක්ෂකයාට බලා ඉන්න වෙයි කියලා මට කියන්න වෙනවා. ඉක්මනින් ගමනක් යනවාට වැඩිය හෙමින් ගමනක් ගිහින් එන එක ඇඟට මහන්සියක්ද දැනෙන්න නැති වෙනවා. ඒ නිසා මමත් හිමින් ගමනක් යන්නයි තීරණය කළේ.

නවක නිෂ්පාදකයින් සූරා කෑමකට ලක් කරන්න දඟලනවා කියන්නේ ඇත්තද?

බොහෝ දෙනෙක් දන්නේ නෑ, මට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ දිගු සම්බන්ධතාවයක් හා අත්දැකීමක් තියෙනවා කියලා. කර්මාන්තයට ආව ගමන් ගොඩක් අය හිතන්නෙ අලුත් නිෂ්පාදකයෙක් ඉන්නවා හොර කරන්න පුළුවන් කියලයි. ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි, හවුස් ෆුල් මුහුරත් දවසෙම කැමරා කෲ එකේ එක් අයෙක් ලක්ෂ පහකට වැඩි මුදලක් වංචා සහගතව හොරකම් කළා. බණ්ඩාරවෙල, ඇල්ල හා අනිකුත් රූගත කිරීම් කරන කොටත්, පුළුවන් තරම් මුදල් ගසා කෑවා. එහෙම දරුණු විදිහට සල්ලි අපතේ හැරිය නැත්නම් මේ වෙන විට හරි නම් චිත්‍රපටි 5ක් විතර නිෂ්පාදනය කරන්න තිබුණා. ලංකාවේ මේ අයත් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. මේ අය කම්මැළියි. මුදල් සම්බන්ධයෙන් නම් කටයුතු කරන එක ඉතාම භයානකයි. පුළුවන් තරම් බලන්නේ හොරකම් කරන්න. ඔවුන් කිසිවෙකු දියුණු වෙන්න කැමති නෑ. මේ නිර්මාණය ඉතාම උසස් විදියට කරලා, එයින් මුදල් හම්බ කරන්න විතරක් නෙවෙයි තමන්ගේ දියුණුවත් එන විදියට වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතා කෙටි ක්‍රම මගින් දවසෙන් දෙකෙන් මුදල් හොයාගන්නයි මේ අය බලන්නේ. නිර්මාණයක් වෙනුවෙන් ලොකු පිරිවැයක් දරලයි නිෂ්පාදනය කරන්නේ. එනිසා මෙවැනි ක්‍රියාවන් කරන්නන්ට පියවරක් ගත යුතුයි. ඊට චිත්‍රපට සංස්ථාවත් මැදිහත් විය යුතුයි. විදේශීය නළු නිළියක් හරි චිත්‍රපටයකට සම්බන්ධයි නම් ඔවුන් මෙච්චර කල් කරලා තියෙන්නේ නිෂ්පාදකයා බිය ගන්වලා මුදල් ගසා කෑමයි. මම මේ ගැන පොලීසියට පැමිණිලි කළා. ඒ වගේම මෙවැනි අය අපි ඉදිරියේදී කිසිම නිර්මාණයකට දායක කරගන්නේ නෑ. මෙවැනි දේවල් සිදු නොවුණානම් ඉන්දියානු චිත්‍රපට හතරක් පමණ මේවන විටත් ඇවිත්. ක්ෂේත්‍රයට ඇවිත් පදම් වුණු අයගේ මේ පිළිකාව ඔඩු දුවලා ඉවරයි. මේක හරියට දම්වැලක පුරුකක් වගේ ගෙතිලයි තියෙන්නේ.

සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නට ඉන්න නවකයන්ට නව මාවතක් උදා කරන්න ලෑස්ති වෙනවා නේද?

අපි නවක, දක්ෂ හැකියාව ඇති, උගත්, අය තෝරා ගන්නවා. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල අය සම්බන්ධ කරගන්න අදහසක් තියෙනවා. ඉන්දියානු අධ්‍යක්ෂවරු ගෙනැල්ලා ඒ අයට උගන්වනවා. පුහුණු කරනවා. ඒ වගේම අපි කැමරා ආම්පන්න සියල්ල ගේනවා. නවක ශිල්පීන් සම්බන්ධ කරගෙන ඒ අයට වැඩි වැටුපක් දීලා හරි හොරකම් නොකරන තැනට ගේනවා. අද වෙනකන් සිනමා පාසලක් නැතිවීම නිසාත්, දක්ෂයන් බිහිවීම අඩුයි.නිර්මාණයකට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම තිබෙන පිරිස් පැමිණියොත් නිර්මාණය සාර්ථකත්වය ඒ තුළ රඳා පවතිනවා. අද නිර්මාණයකට දායක වෙන්නේ බාහිර රූපයට මුල් තැන දෙන අතර සහ කිසිම හැකියාවක් නැති පිරිස් දායක කරගන්න බව මට වැටහෙනවා. නිර්මාණයක් කිරීමට ප්‍රථම ප්‍රායෝගික පුහුණුවක් ලබා දිය යුතුයි. එහෙත් ඒවා කරන්නේ කිහිප දෙනෙක් පමණයි.

සිනමා කර්මාන්තයට සම්බන්ධ වීම ගැන යම් අදහසක් ඇති ?

අපි සවුත් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සර්විසස් කියලා පුද්ගලික කොම්පැනියක් හැදුවා. ඒකේ අරමුණ ඉන්දියානු චිත්‍රපට ගෙන්වීමයි. විශේෂයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපට. ඉන්දියානු ආයෝජකයන්ද ඒකට සම්බන්ධයි. මේක ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතා සම්බන්ධතාවයක් වෙනවා. මෙයින් අදහස් කළේ ලංකාවේ සංචාරක කර්මාන්තයත්, සිනමා කර්මාන්තයත් නගා සිටුවීමයි. ඒ වගේම තව්තිසා පික්චස් කියන්නේ අපේ ලංකාවේ සමාගම. අපි මේ හරහා ඉන්දියාව ඇතුළු ආසියානු සිනමා පට ගෙන්වනවා. ඉන්දියානු සිනමාවෙන් අපට මුදල් උපයන්න පුළුවන්.හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් සිනමාව ලෝකයම ස්පර්ශ කරලා තිබෙන මොහොතක ලෝකයේ සියලූම සිනමා ප්‍රේක්ෂකයන් ඒ සිනමා පටා රස විඳීනවා.අපේ නිර්මාණ පමණක් අපිට රස විඳීනවාට වැඩිය වෙනත් වෙනත් සිනමා නිර්මාණ රස විඳීන්න ප්‍රේක්ෂකයන් පුරුදු වෙනවා.ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්න නවක පරම්පරාවට මෙන්ම සිනමාව ඉගෙන ගන්න විද්‍යාර්ථයෙන්ට හා සිනමාව ගවේෂණය කරන්නන්ටද අත්වැලක් සපයන්නට මට හැකියාව ලැබෙනවා.සිනමා පට ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා ලාභ ඉපයීම නෙවෙයි මගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ.සිනමාව කියන පුළුල් විෂය පථය අධ්‍යනයට ඉඩකඩ සලසා දීමයි. විවිධ සමාගම්වල තියෙන ආකල්ප නෙවේ මගේ සිනමාව තුළ තියෙන්නේ. සිනමාව කියන්නේ Entertainment  කියන එක කිසිවෙකු තේරුම් ගැන නැති නිසයි අද සිනමාව මේ තැනට වැටිලා තියෙන්නේ කියන එකත් මට හිතෙනවා. එයින් ගොඩ එන්න නම් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිරිසක් සිටිය යුතුවෙනවා. ඒ මාවත පිළිසකර කිරීම ආරම්භ කළ යුතුයි. එහි මුල් පියවර මා තබා අවසන්. ඒ නිසා ඒ වටා සියලු දෙනාම එකතු විය යුතුයි කියලයි මම හිතන්නේ. එකම පුරුකක් ලෙස සියලු දෙනාම එකට අත්වැල් බැඳගත්තොත් ක්ෂේත්‍රය ගොඩනඟා ගන්නවා කියන එක කෙටි කාලයකින් කළ හැකිය.

හවුස් ෆුල් සිනමාපට හා SSS එකවර සම්බන්ධ වුණේ කොහොමද ?

ඡන්ද කටයුතු නිසා ප්‍රමාද වෙලා තිබුණොත් ටික් ටොක් එක තමයි හවුස් ෆුල් වුණේ. හවුස් ෆුල් චිත්‍රපටයට නළු නිළියන් 80ක් මමත් සහභාගි වෙනවා. මං හිතන්නේ මේක ලංකාවේ වැඩිම පිරිසක් රංගනයෙන් දායක වුණු එකම කොමඩි චිත්‍රපටය. ප්‍රධාන ධාරාවේ නළු නිළියන් 22ක් ඉන්නවා. හවුස් ෆුල් ඉවර වුණාම අපි ඵඵඵ වැඩ කටයුතු නිම කරලා අගෝස්තු අන්තිමට ප්‍රදර්ශනය කරන්නත් අපි අදහස් කරගෙන ඉන්නවා. මේ සිනමා පටය නැවුම්ම අත්දැකීම් සම්භාරයක්ගෙන එන බවයි මට කියන්නට තියෙන්නේ.

ඊළඟ නිෂ්පාදනය වන SSS ගැන සඳහන් කළොත්.?

තිර රචනය කළේ ඉන්දියානු තිර රචකයන් කීපදෙනෙක් එකතු වෙලා. මෙහි අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන නළුවා වන්නේ ජේ ආකාශ්. එයා 09 වරක්ම කන්නඩ සහ තෙළිඟු චිත්‍රපට වල හොඳම නළුවා වෙලා තියෙන කෙනෙක්. ආකාශ්ට ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් කරන්න ඕන වෙලා තිබුණා. ඒකට අපේ නළු නිළියොත් සම්බන්ධ කරගත්තා. අසංකි, ගිහානි වීරසිංහ, ශේෂාද්‍රි, රෂිපබා ඇතුළු කිහිප දෙනෙක් රංගනයෙන් දායකත්වය සපයනවා. ඒ වගේම ඉන්දියානු නළු නිළියන් හත් දෙනෙක් මේ නිර්මාණය සඳහා සම්බන්ධවෙනවා. ඉඉඉ පළමු වදිහට කොළඹ ආශ්‍රිතව රූගත කිරිම් කළා. ඊට පසු ලංකාවේ ආකර්ෂණීය ප්‍රදේශ කීපයක් තෝරගත්තා, නුවරඑළිය ඇතුළුව. එයින් බලාපොරොත්තු වුණේ සිනමා කර්මාන්තයට වගේම සංචාරක කර්මාන්තයටත් අතහිත දෙන්නයි. ඉන්දියාව, ලංකාව සහ තායිලන්තය කියන රටවල් තුනේම මෙහි රූගත කිරීම් සිදුකෙරෙනවා. තවත් දවස් පහළොවක් පමණ රූගත කිරීම් කරන්නට ඉතිරිවෙලා තිබේනවා.

බෙදාහැරී මණ්ඩලවලින් ලැබෙන සහයෝගය කොහොමද?

සිනමා ශාලාවල සහ මණ්ඩලවල කිසිම ප්‍රමිතියක් නැති බවයි පෙනී යන්නේ.අද වන විට ඒ ඒ මණ්ඩලවලට අයිති සිනමා පට තමා මේ වන විට තිරගත වෙන්නනේ. මිනි තියටර් සිස්ටම් එක මේ වන විටත් ප්‍රචලිත වී හමාර විය යුතුයි. ප්‍රේක්ෂකයන් බලන්නට එන සිනමා පටය ඒ වෙලාව තුළ ප්‍රදර්ශනය නොවීම තුළින් ප්‍රේක්ෂකයා අතරමන් කිරීමක් දකින්නට පුළුවන් වෙනවා. එයින් සිනමා ශාලා කරා එන පිරිස ඉදිරියට මෙවැනි පිරිසක්වත් දකින්නට නොලැබෙන සමහර විට ඉඩකඩ තිබෙයි. එනිසා මේ සඳහා වහා විසඳුම් ගත යුතු වෙනවා. සමහර සිනමාපට තිරගත වුණාම සතියකින් දෙකකින් ගලවා දමනවා. ඒ සඳහා වගකිවයුත්තන් මැදිහත් විය යුතුයි. අඩුම තරමින් සිනමා පටයක් දින 50ක් වත් තිරගත වීම කළ යුතු බවයි මගේ අදහස වන්නේ. එසේ නොවුණාම නිෂ්පාදකවරයා අතරමං වෙනවා. ඒ සඳහා කිසිවෙකු මැදිහත් වෙලා කතා කරන්නේ නැති තැනක් බවට අද පත්වෙලා. පෝලිමේ තිබෙන සිනමා පට මුදා හරින්නට ගැප් රිලීස් එකක්ද සමහර විට ක්‍රියාත්මක කරනවා. එවැනි අවස්ථාවල තිරගත වන සිනමා පටය අතරමං කිරීමක පෙර ලකුණක් බවට පත් කරනවා. සිනමා පටයක් තිරයට මුදා හරිද්දී කාල සීමාවක් නිර්ණය කළ යුතු වෙනවා විෂය පිළිබඳ අවබෝධය තිබෙන වගකිවයුත්තන්. එවැනි දේවල් සිදු නොවන කාල වකොනවානුවක සිනමාව කොතනද තියෙන්නේ කියලා කියන්න ඕන නැහැ කියලයි මම හිතන්නේ. මේ සියලු දේවල් තුළම තියෙන්නේ තවකෙකු තව කෙනෙකුට බෝල පාස් කිරීම පමණයි.

ව්‍යාපාරිකයෙක් ලෙස සිනමා ක්ෂේත්‍රය දෙස බලන්නේ කොහොමද?

සිනමා කර්මාන්තය හරහා අපේ දර්ශන තල පවා වෙනත් රටවල නිර්මාණ සඳහා මුදල් ඉපැයිය හැකි මාර්ග බවට පත්කර ගන්නට පුළුවන්. අපේ රටේ නිර්මාණය කළ නිර්මාණ බොහෝමයක් ඒ සඳහා අද වන විට සාක්ෂි දරනවා.බොලිවුඩ් හොලිවුඩ් කොලිවුඩ් නිර්මාණකරුවන් එකම දර්ශන තලය නොවේ හොයන්නේ. ඔවුන් නිර්මාණකරණයේදී විවිධ දර්ශන තලයි සොයන්නෙ අද වන විට.නිර්මාණකරුවා කියන්නේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක් සමාජගත කිරීමට පියවර ගැනීමයි. අපේ රටේ තිබෙන සුන්දර ප්‍රදේශ සංචාරක කර්මාන්තයත් හරහා ඔසවා තැබීම මගේ අරමුණයි. ඒ සඳහා විදෙස් සිනමාවේ නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂකවරුන් ලංකාවට ගෙන්වාගෙන ඔවුන්ට ඒ ප්‍රදේශවල සුන්දරත්වය දැකබලා ගන්නට අවස්ථාවක් දිය යුතුයි. එවිට ඔවුන්ගේ නිර්මාණකරණයේදී තිර පිටපත් රචනයේදී දර්ශන තලවලට අපේ රටේ දර්ශන තල උපයෝගී කරගන්නවා. අද ලෝකේ විවිධ රටවල් ඒ සඳහා මාර්ග උපයාගෙන තිබේන්නේ. අපි තවමත් එහි ප්‍රාථමික මට්ටමේ සිටින්නේ.පැයකින් දෙකින් වෙනස් වන දේශගුණික කලාපයක් තුළ දර්ශන තල කිහිපයක් නිර්මාණය කළ යුතුයි. වෙනත් රටවල නැති කාල පරාසයක් තුළ ඒ දර්ශන මාරු කිරීමේ හැකියාවක් අපිට එවිට තිබෙනවා. ඒ කාලගුණවල වෙනස් වීම අපි ප්‍රයෝජනයට ගත යුතුයි. එවැනි ක්‍රියාකාරකම් අපි සිනමාවේ නිර්මාණකරණය තුළින් ප්‍රායෝගිකව අපි ගෙන යා යුතුයි. විෂය පථය භාර රජයේ වගකිවයුත්තන් මේ සඳහා අවධානයත් යොමු කළ යුතුයි. රාජ්‍ය මැදිහත්වීම සහ නිෂ්පාදකවරුන් අතර බැඳීම් සිදුවුණොත් මේ ගමන හොඳීන් අපිට යන්න පුළුවන්.

ඔබේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ?

සුපුරුදු පරිදි මගේ ව්‍යාපාර කටයුතු සහ කලා නිෂ්පාදන කටයුතු මෙන්ම දේශපාලන කටයුතුත් ඉදිරියේදී සිදුකරමින් පවතිනවා. සිනමාව හරහා සංචාරක කර්මාන්තයට ඉදිරියේදී විශේෂ පියවරක් තබන්නයි මගේ සූදානම තිබෙන්නේ.අපේ රටේ තිබෙන සම්පත් හරහා ඉදිරියේදී ලොකු ප්ලෑන් වගයක් මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේ සිනමා නිෂ්පාදක සමාගම පූර්ණ ලෙස මැදිහත් වි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.මේ වන විටත් අලුත් නිර්මාණ කිහිපයකටත් නිෂ්පාදනත්වයෙන් දායක වෙලා තිබෙන්නේ. ඒ නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට රස විඳීන්නට පුළුවන්. ඉදිරියේදී සමහර විට ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්ෂකවරයෙක් යටතේ නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂකයාට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT