නිවස සංවාද සිනමාකරණයට ආසාව ඇතිවුණේ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන්

සිනමාකරණයට ආසාව ඇතිවුණේ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන්

- යොවුන් අධ්‍යක්ෂ ධනූෂ ප්‍රනාන්දු

by Thanushika
June 13, 2024 12:18 am 0 comment

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසකදීම හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ළමා නළුවා, හොඳම කතා සංකල්පය, හොඳම පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය ඇතුළු සම්මාන 50කට ආසන්න සංඛ්‍යාවක් දිනාගත් “Our Love is Forever චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධනූෂ ප්‍රනාන්දු සිය සිනමාකරණ දිවිය පිළිබඳ කතා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ සම්මුඛ විය.

පසුගියදා අන්තර්ජාතික සම්මාන දිනාගත් “International film festival  “කෙටි චිත්‍රපටය නිර්මාණයට පෙලැඹුණු ආකාරය පැහැදිලි කළොත් ….?

ධ්දබඥපදචබඪධදචත ටඪතථ ටඥඵබඪමචත එකක් නිසාමයි මේ චිත්‍රපටය කරන්න මම පෙලඹෙන්නේ. සිනමා උළෙලට මාසයක් ආසන්නව තිබියදීයි චිත්‍රපටය කළේ. ඒ දිනවල පෝස්ට් එකක් දාලා තිබෙනවා මම දැක්කා මේ විදිහට. තාත්තා කෙනෙක් ඉන්නවා කනත්තක් බලාගෙන. ඊට ටිකක් දුරින් ළමයෙක් ඉන්නවා. ඒ ළමයා තාත්තයි කනත්තයි දිහා බලාගෙන ඉන්නවා. ඒ පෝස්ට් එකයි මේ කතාවට පාදක කරගන්නේ. පෝස්ට් එකක් කියා මම කිව්වේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ කෙනෙක් ඇඳලා තිබූ සිතුවමක්. ඒ සිතුවම මූලික කරගෙනයි මේ කතා සංකල්පය ගොඩනැඟෙන්නේ.

මෙහි කතා සංකල්පය ගැන කිව්වොත්……?

මෙහි කතා සංකල්ප දෙකක් ලෙස ගන්නත් පුළුවන්. එකක් මිනිස් මනස පිළිබඳ ගැඹුරින් කතා කිරීමක් වශයෙන් හා හොල්මන් පිළිබඳ තේමාවක් වශයෙන්. මියගිය පුතා අම්මා සහ තාත්තා සමඟ ජීවත්වෙන්න දරන උත්සහයක් මේ තුළින් කියවෙන්නේ.  Horror  ශානරයටත් එය ගතහැකියි. ඉන්ස්ට්‍රග්‍රෑම්වල දුටු ඒ චිත්‍රය ජීවමාන කරවීමේදී මම පරිකල්පනයෙන් තව බොහෝ දේ නිර්මාණය කරගත්තා.

සිනමාකරණයට පිවිසීමට ඔබට ආසාව ඇතිවුණේ කොහොමද ….?

පාසල් අවධියේ සිටම සිනමාවට ආසාවක් තිබ්බා. එහිදී රංගනයටයි ගොඩක්ම ආසාව තිබ්බේ. ඒත් ගෙවල්වලින් එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ . මගේ මාමාගේ පුතා වෙන ඉසුරු ප්‍රනාන්දු අයියා මියුසික් වීඩියෝ කළා. අයියා ඒවා කරන හැටි ඉස්සර ඉඳන්ම මම බලාගෙන හිටියා. එයටත් වඩා සිනමාකරණයට ආසාවක් ඇතිවුණේ හැරී පොටර් චිත්‍රපටවලින්.

ඒ කියන්නේ හැරී පොටර් චිත්‍රපට නැරඹීම නිසාම සිනමාවට ඔබේ ආසාව වැඩිවුණා කියලද……?

ඔව්, ඇත්තෙන්ම. හැරී පොටර් චිත්‍රපටවල තියෙනවනේ මැජික්..ඒවා බලද්දී මෙහෙම මැජික් චිත්‍රපටවල මවන්නේ කොහොමද කියා මම කල්පනා කළා. හැරී පොටර් චිත්‍රපට දිගටම අධ්‍යයනය කළා. මුලින්ම චිත්‍රපටකරණයට ආසාව තිබුණත් හැරී පොටර් චිත්‍රපටවලින් ඒ ආසාව වැඩිදියුණු වුණා. ඒවගේ තිබූ සජීවී මායාවන් හදන්නේ කොහොමද කියලා මම යූ ටියුබ්වලිනුත් සොයාබැලුවා. අයියගෙන් ඒ ගැන ඇහුවම කිව්වා සොෆ්ට්වෙයාර්වලින් කරන්නෙ කියලා

ඉන්පසු හැරී පොටර්වල තිබූ තාක්ෂණික උපක්‍රම ඉගෙනගත්තද….?

අයියා ඒ ගැන කිව්ව දේවල් යූ ටියුබ්වලින් වැඩිදුර සෙව්වා. ඒ කාලයේ මට පරිගණකයක් තිබුණෙත් නැහැ. සා.පෙළ විභාගය අවසන්වූ ගමන්ම පරිගණක පාඨමාලාවක් කළා. ඊට අමතරව ඇනිමේෂන්, විඩියෝ සංස්කරණය ආදියත් හැදෑරුවා. ඒවා හදාරන්න පෙලඹුණේත් හැරී පොටර් චිත්‍රපට නිසයි..

එසේ ඔබ ඉගෙනගත් දෑ ප්‍රායෝගිකව අත්හදා බැලුවේ කෙසේද…..?

ඔව්, පරිගණක ඇනිමේෂන්, වීඩියෝ සංස්කරණය ඉගෙනගත්තා. යූ ටියුබ්වලිනුත් ඉගෙනගත්තා. ඊටපස්සේ අපේ ගෙවල්.පැත්තේ ළමයින්ව ගෙන්වාගෙන හැරී පොටර් චිත්‍රපටවල තිබෙන විදිහට මේ විදිහට කරන්න, මෙහෙම කරන්න කියා මම ඒවා ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. එසේ ඉතා ප්‍රාථමික මට්ටමින් මම අධ්‍යක්ෂණ කාර්යය සිදුකළා. එසේ විඩියෝ කළ දර්ශන තවමත් මා ළඟ තිබෙනවා

සිනමාව ගැන ඔබ වැඩිදුරටත් ඉගෙනීමට පාඨමාලාවන්ට යොමුවුණාද…..?

කලින් කිව්ව විදිහට තාක්ෂණික අංශය ඉගෙනගනිද්දී මට සිතුණා තිරරචනය ගැන ඉගෙනගන්නත් සිනමාව ගැනත් චිත්‍රපටයක් හැදෙන හැටි ගැනත් ඉගෙන ගන්නත්. ඒ නිසා මම උසස්පෙළ අවසන් වූ සැණින්  ” KM film And Acting Academy”  ආයතනයෙන් සය මාසික සහතික පත්‍ර පාඨමාලාව හැදෑරුවා. එහි ප්‍රධාන දේශක වුණේ කමිල මේදිස්…ඔහු ලංකාවෙන් ඉන්දියා ගිහින් සිනමා අධ්‍යක්ෂණය ඉගෙනගත් කෙනෙක්. ඔහු ලාංකිකයෙක් වුණාට ඔහුගේ අධ්‍යක්ෂණ අදහස තිබෙන්නේ ඉන්දියානු ආභාසයෙන්..ඒ මාස 06දී තිරරචනය, කැමරාකරණය, සංස්කරණය ආදිය ඉගෙනගත්තා. සම්පූර්ණ චිත්‍රපටයක් නිර්මාණය වන ආකාරය දක්වා ප්‍රායෝගික දැනුමක් එහිදී මම ලබාගත්තා.

“Our Love is Forever” චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්න ලැබෙන්නේ කවදාද……?

මේ චිත්‍රපටය කොහොමත් යූ ටියුබ් ප්‍රදර්ශනය කරනවා. දැනට චිත්‍රපටය යූ ටියුබ් මුදාහැරියේ නැත්තේ අන්තර්ජාතික සිනමා උළෙල රැසකට ඉදිරිපත් කර ඇති නිසා. ඒ උළෙලවල යම් නීති මාලාවක් තිබෙනවා. ඒ අනුව මට දැන්ම චිත්‍රපටය මුදාහරින්න බැහැ. පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹිය හැකියි.

මෙයට නළුනිළියන්, කාර්මික ශිල්පීන් තෝරාගත් ආකාරය පැහැදිලි කළොත් …..?

මෙහි නළුනිළියන් තෝරාගැනීමත් මමමයි කළේ. මෙහි අධ්‍යක්ෂණය, තිරරචනය කලා අධ්‍යක්ෂණය මගේ. මම මුහුණු පොතේ දැන්වීමක් දානවා මෙහෙම වැඩක් කරනවා, මෙවැනි වයස් පරතර තිබෙන දෙන්නෙක් අවශ්‍යයි කියලා. ඒ මොහොතේ ඒක දැකලා “මොනාලිසා” චිත්‍රපටයේ රඟපෑ සංජන පෙරේරා අයියා මට මැසේජ් කළා.ඔහු මෙහි රඟපෑමට මහනුවර ඉඳන්ම ආවා. මෙහි මවගේ චරිතය කළේ අපේ ගෙවල් ළඟ කෙනෙක්. ඇය ඉෂාරා මොරායස්. ඇය වේදිකා නාට්‍යවල එහෙම යම් යම් චරිත කර තිබෙනවා. දමිතු ප්‍රනාන්දුව ගත්තේ ඔහු රඟපෑ ඒවා මම දැකලා තිබෙන නිසා. පොලිස් චරිතයට ගත්තෙත් අපේ ගෙවල් කිට්ටුව මගේ සහෝදරයෙක්. ලොකු පොලිස් නිලධාරියට ගත්තේ මුහුණු පොතෙන් මගේ දැන්වීමට ප්‍රතිචාර දැක්වූ කෙනෙක්. කැමරාකරණය සහ වේශනිරූපණය චමින්ද කළුපහන අයියාගෙන්. ඔහු වැඩකරගෙන යන කෙනෙක්…ඔහු සමඟ සඳරු විස්මිත කියලා කෙනෙක් ආවා. ආලෝකකරණයට.

“Our Love is Forever”  රූගතකිරීම් සිදුකළ අයුරු සිහිකළොත්…..?

රූගතකිරීම් දවස් 02යි තිබ්බේ. මොරටුමුල්ලේ දර්ශනතල තිබ්බේ.ලොකේෂන් එක දීපු අයියවත් මතක් කළ යුතුයි. විනෝද් ලක්ෂාන් අයියා. එයා ලොකේෂන් එකට මගෙන් මුදල් ගත්තෙත් නැහැ . එයාගෙම ගෙදර රූගතකිරීම්වලට දුන්නේ…

“Our Love is Forever”  ලද අන්තර්ජාතික සම්මාන පිළිබඳ සඳහන් කළොත් …?

ඉන්දියාවේ Silver Screen සම්මාන උළෙලේ දමිතු මල්ලිට හොඳම ළමා නළුවා සම්මානය හිමිවුණා. මටත් එහි සම්මාන 03ක් ලැබුණා. සංජන පෙරේරා අයියා අන්තර්ජාතික සම්මාන උළෙල දෙකකදී දෙවරක් හොඳම නළුවා බවට පත්වුණා. ඉෂාරා මොරායස් අක්කා තුන්වරක් අන්තර්ජාතිකව හොඳම නිළිය වුණා. මේ චිත්‍රපටයට අන්තර්ජාතික සම්මාන 50කට ආසන්න ප්‍රමාණයක් හිමිවුණා. Silver Screen festival හිදී Best Child Artist, Best Experiment film, Best Concept, Best Story සම්මාන හිමිවුණා. Eye Insignia film festivalහිදී Best Cinematographer, Best Horror movie සම්මානත් Indian Screen Project  සම්මාන උළෙලේදී Best Director, Best Film, Best Story  සම්මානත්Miseentage International film festival හිදී Best Story සම්මානයත් rench International Cine Awardsහිදී Honourable Mention සම්මානයත් Great Indian Short film Festival  හිදී Best Director සම්මානයත් Crown International film festivalහිදී Best Editor සම්මානයත් Cosmos International  උළෙලේදී Best Actor, Best Actress  සම්මානත්  Roots International  උළෙලේදී Best Experiment film Indian Short Cinema Film festival හිදී winner සම්මානයත්   Indie Cine Film Festival ƒ‹ Best Short film සම්මානයත්  international Cine film festival ƒ‹ winner සම්මානයත්  indian international feature and Short film festival හිදී Best film, Best Director, Best Story, Best Cinematographer, Best Editor ~Kv£pl‰ Golden film Achievers Awardƒ‹ Best Cinematographer, Best Dramatic Art Film ~Kv£pl‰ Mahanayak Uttam International kolkot film festival හිදී Best Dialogues සම්මානයත්  Satyajith Ritwik Mrinal International kolkota film festival හිදී Best international film සම්මානයත්  Star Bharath Film festival හිදී Best Actress, Best Horror film ~Kv£pl‰ Royal Peacock U»…»zˆnš Best Story, Best Screen Play, Best Director , Best Horror film ~Kv£pl‰ International Chalchithra Rolling U»…»zˆnš Best Director සම්මානයත්  Bioscope Cine International ~Kv£p U»…»zˆnš Best Director සම්මානයත්  Behala International U»…»zˆnš Best Actor, Best Actress, Best Experiment film, Best Story R£nš ~Kv£pl‰ Agra International film Awordsහිදී Best Short film සම්මානයත්  Radiant International film festival හිදී Best Cancept ~½nƒ£ සම්මානයත්  Mashaal Shorts International U»…»zˆnš Best Short film සම්මානයත්  R£nš »z~ Rp‰lMc£ÜY ~Kv£p ƒ‹ñ{§j£. Tf Rvly{ Selected Festival »z~ Lift Off film Maker Sessions (U.K.), Lift Off first time film Maker Sessions (U.K.), Swastik National Film festival , Dhanbad International film festival, Almora International Film Festival, National Youth Film Festival ආදියත් සඳහන් කළ හැකියි. මුලින්ම මේ චිත්‍රපටය වෙනුවෙන් මට අන්තර්ජාතික සම්මානයක් ලැබුණේ ඉන්දියාවේ පැවැති Eye Insiginia film festival එකේදී. චිත්‍රපට අටදහස් ගණනක් Submit කරලා තිබුණා. මේ වෙද්දී Our Love is forever කෙටි චිත්‍රපටයට නිර්දේශයන් නොමැතිව සමස්ත සම්මාන 46ක් ලැබුණා. නිර්දේශයන් සමඟ 50කට ආසන්න ප්‍රමාණයක් කියන්න පුළුවන්. ඉදිරියටත් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසකට ඉදිරිපත් කර තිබෙනවා.

“Our Love is forever චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බැලීමේදී මොකද හිතෙන්නේ ….?

සතුටුයි. මගේ පළමු චිත්‍රපටය නිසයි ඒ සතුට අත්විඳීන්නේ. ඇගයීම ගැන සතුටුයි. චිත්‍රපටය පටන්ගත් පසුයි යූ ටියුබ් චැනලය නිර්මාණය කළේ. Dhanushka fernando Production නමින් යූ ටියුබ්වලින් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න පුළුවන්. ලංකාවේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල සීමිත ප්‍රමාණයක් තිබෙන නිසා චිත්‍රපටය ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ . Jaffna  සහ Colombo International film festival එකටත් යොමුකරන්න සිතාසිටියත් ඒක මගහැරුණා

ඔබේ අනෙක් කෙටි චිත්‍රපටය වූ “විණ කර්ම” ගැන කතා කළොත් …..?

“විණ කර්ම”කියන්නේ පාරම්පරික ගුරුකම් ගැන කියවෙන කතාවක්. මෙහි රූගතකිරීම් 2022 සිදුකළේ. මෙහි කතා සංකල්පය, තිරරචනය, අධ්‍යක්ෂණය මගේ. කැමරාකරණය සහ සංස්කරණය කළේත් මම. මෙහි පූර්ව ප්‍රචාරකපටය තවම නිර්මාණය කර නැහැ

“විණ කර්ම”හි රංගන සහ කාර්මික පිරිස සිහිකළොත් ……?

මෙහි ප්‍රධාන චරිතය කළේ ආශා දර්ශනී විතානගේ. ඇය කෙටි චිත්‍රපටවල රඟපානවා සහ අධ්‍යක්ෂණය කරනවා. ආශ් එම්. යටවර, චිත්‍රා අමරසිංහ, දීප්ති බණ්ඩාර, මැද්දවිටගේ රුක්මල්, තුසිත ලක්මාල් විජේකෝන්, මිහෙලි විශාඛ්‍යා ආදීන් මෙහි රඟපානවා.සහය අධ්‍යක්ෂණයෙන් චාමික නිරෝෂන් එක්වෙනවා. වර්ණ සංයෝජනයෙන් ඉසුරු ප්‍රනාන්දු , නිෂ්පාදන කළමනාකරු ලෙස සෙනිත් මල්ෂාන්, තුසිත ලක්මාල් ද කලා අධ්‍යක්ෂණයෙන් සඳරු මාරසිංහ ද, ශබ්ද පටිගත කිරිමෙන් බිනුල් පෙරේරාද, ආලෝකකරණයෙන් මලින්ද වෙදගෙදරද, වේශනිරූපණයෙන් තුසිත ලක්මාල්ද නිෂ්පාදනයෙන් ඉන්දිකා ලක්මාලි සහ නිශාන්ත ප්‍රනාන්දු ද එක්වෙනවා. “වින කර්ම” සඳහා පිරිස තෝරාගැනීමේදී තිර පරීක්ෂණයකටත් ලක් කර බැලුවා

පිටපත් රචනයේදී ඔබ චරිත ගැන අවධානය යොදන්නේ කවර ලෙසද…..?

මම චරිතයක් හිතේ මවාගෙන නෙවෙයි ලියන්නේ. චරිතයක් තෝරාගනිද්දි මුලින්ම මගේ අදහසට මම ලියන්නේ. මම ඒ චරිතය ගැන හිතලා ලිව්වොත් මට ලියවෙන්නත් එයාගේ චරිතයනේ. මගේ චිත්‍රපටයට අවශ්‍ය චරිත ලක්ෂණ මුසුකරලයි කැරැක්ටර් එක ලියන්නේ. ඉන්පසුව තමයි බලන්නේ මේ කැරැක්ටර් එකට කවුද ගැළපෙන්නේ කියා.

වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද…..?

අදහසක් තිබෙනවා. කෙටි චිත්‍රපට 10කට පසුව වෘතාන්ත චිත්‍රපටයක් කරනවා යන අදහසයි මගේ සිතේ තියෙන්නේ. වෘත්තාන්ත චිත්‍රපටයකට කතා තේමාවක් දැනටමත් තිබෙනවා.

ඔබ එක්තරා ප්‍රඩක්ෂන් හවුස් එකකත් සේවය කළා නේද…..?

ඔව්. Asia Film And Drama Foundation (AFDF) චැනල් එකේ Editor  විදිහට මාස 03ක් වැඩකළා. ඒකProduction House  එකක්.ඒක අමෙරිකාව සහ ලංකාව හවුල්ව කරගෙන යන එකක්.ඒ කාලයේ ෂර්ලි අසන්ත ද අල්විස් නමැති සහය අධ්‍යක්ෂවරයා එක්කයි එහි මම වැඩකළේ. එහිදී බොහෝදෙනා හඳුනාගන්න ලැබුණා.

රංගනය සහ අධ්‍යක්ෂණය ඔබේ ටාගට් එක කිව්වා… බොහෝ අධ්‍යක්ෂවරු රඟපාමින් අධ්‍යක්ෂණය කරනවා…එකී කාර්යය ගැන ඔබේ මතය කොයිවගේද ……?

ප්‍රවීණ කෙනෙක්ට නම් එය සාර්ථකව කළ හැකියි කියා සිතනවා. මගේත් අදහසක් තිබ්බා අධ්‍යක්ෂණය කරමින් රඟපාන්න. ඒත් මටම සිතුණා මමම අධ්‍යක්ෂණය කරගෙන මමම රඟපෑම සාර්ථක නැහැ කියලා. මාව ඩිරෙක්ට් කළ යුත්තේ මට වඩා හොඳ අධ්‍යක්ෂවරයෙක් කියා මට සිතෙන්නේ

රඟපෑමේ සිහිනය අතහැර නැතැයි මා සිතනවා……?

ඒ සිහිනය තවම තිබෙනවා. රූපවාහිනියේ රඟපාලා නැහැ. රංගනය ගැන වැඩිදුර හදාරනවා. කවුරුන් හෝ කතා කළොත් රංගනයට දායකවෙනවා.

ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයේ තිබෙන ස්ථානය ගැනත් මෙරට ඇති පිළිගැනීම ගැනත් ඔබේ මතය කෙසේද……?

මගේ මතය නම් ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට විවරවූ ප්‍රමාණය මදියි කියන එකයි.සංජීව පුෂ්පකුමාර, ජගත් මනුවර්ණ වගේ අයගේ සිනමා කෘති විදෙස්හි ඇගයුමට ලක්වුවත් මෙරට ඒවාට ප්‍රේක්ෂක පිරිසක් නැහැ . මෙරට පිළිගැනීම ගැන අධ්‍යක්ෂවරයාට දුකක් තියෙන්නේ. 1960-70 දශකයේ මෙරට සිනමාව විදේශයන්හි බැබළුණා. ආචාර්ය ලෙස්ටර්ගේ “රේඛාව” ගත්තොත් එය ප්‍රංශයේ කෑන්ස් උළෙල නියෝජනය කළ පළමු ලාංකේය සිනමා කෘතිය. එවැනි තැනක තිබූ සිනමාවක් තමයි අද පල්ලෙහාට වැටී තිබෙන්නේ. ආචාර්ය ලෙස්ටර් ලොව හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරු පස්දෙනා අතරටත් එනවනේ…මම සිතන විදිහට එකල සහ මෙකල සිනමාවේ වර්ණය පමණයි වෙනස්වී තිබෙන්නේ .හොඳ නිර්මාණ බිහිවුණත් ඒ ප්‍රමාණය මදි මෙරට සිනමාව ගොඩගැනීමට.

අද සිනමාවේ අර්බුදයක් පේනවා. සිනමාශාලාත් වැසී ගිහින්……?

සිනමාශාලා වැසීයාම ඛේදනීයයි. මේකට රජය මැදිහත් වියයුතුයි.හැමෝම අද ෆෝන් එකෙන් සිනමාව නරඹන තැනට ඇවිත්. පිටරටවල ෆෝන් එකක් අතින් අල්ලපු නැති මනුස්සයාත් සිනමාශාලාවට ගිහින් චිත්‍රපට බලනවා. එවැනි දේ නිසා විදෙස් රටවල චිත්‍රපට සාර්ථක වෙනවා. සිනමාවේ විනාශයට සමාජ මාධ්‍යත් බලපෑවා. පිටරටවල ව්ඥබටතඪය වගේ සිනමාවක් සමඟ සිනමාශාලත් සමබරව පවත්වාගෙන යනවා. ප්‍රේක්ෂකයා සිටිය යුතුයි ෆිල්ම් හෝල්වල චිත්‍රපට නරඹන්න. ඒවගේම ෆිල්ම් හෝල් තිබිය යුතුයි ප්‍රේක්ෂකයාට ගිහින් චිත්‍රපට නරඹන්න. චිත්‍රපට පෝළිමක් තියෙනවා…ඇයි ඒවා ප්‍රදර්ශනය නොවන්නේ. පෝළිමට පිටින් චිත්‍රපට පෙන්වන අවස්ථා තිබෙනවා. එහෙම වුණාම අධ්‍යක්ෂවරු කලකිරෙනවා.

සිනමාකරණයේදී ඔබ ගුරුතත්හිලා සලකන පිරිසක් වේද…….?

හැරී පොටර් චිත්‍රපට තමයි මට සිනමාව ඉගෙනගන්න ගුරුවරයෙක් වුණේ. ක්‍රිස් කොලොම්බස්, ඩේවිඩ් යේට්ස් වගේ අයගේ ආභාසය එහිදී මම ලැබුවා. මෙරට අධ්‍යක්ෂවරුන් ගත්තොත් ධර්මසිරි බණ්ඩාරනායකට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කැමැතියි. ලෙස්ටර්ගේ චිත්‍රපටවලට ගොඩක්ම කැමැතියි. රංගනයට කැමැත්තක් දක්වන අය, එය අධ්‍යයනය කරන අය ධර්මසිරි බණ්ඩාරනායකගේ “බවදුක, බවකර්ම ” අනිවාර්යයෙන් නැරඹිය යුතුයි කියා මම නිර්දේශ කරනවා. එහි අධ්‍යක්ෂණය පවර්ෆුල්…ඒ චිත්‍රපටවල ස්වර්ණා මල්ලවාරච්චිගේ රඟපෑමත් අතිවිශිෂ්ටයි.ඇය කැමරාවට රඟපානවා කියා කිසිසේත්ම කියන්න බැහැ

වේදිකාවට නැඹුරු වූයේ නැද්ද……?

වේදිකා නාට්‍ය මම කරලා නැහැ. ආසාව නම් තිබෙනවා. ඉදිරියට රංගනය අධ්‍යයනය කරන්න ඉන්නේ. වේදිකාව වෙනස්ම මාධ්‍යයක්. එහි සජීවී බවයි වැදගත්. අපේ පාසලේ නාට්‍ය කලාව විෂයය තිබ්බේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් වුණා..ඒ නිසා වේදිකා රංගනය අතපසු වුණා

නවක පිරිස අද ප්‍රවීණයන් සහ පැරණි චිත්‍රපට නොහඳුනන තත්ත්වයක් තියෙනවා නේද…..?

සමහරු සිනමාව ගැන හරි හැදෑරීමකින් තොරවයි එන්නේ…එතකොට එකිනෙකා අතර ගරුකිරීමත් අඩුයි. ජ්‍යෙෂ්ඨ නළුවෙක්, නිළියක් අපි ඉදිරියට ආවම සමහරු ඇය හෝ ඔහු කවුද කියා හඳුනන්නේ නැහැ. සිනමාව ගැන අධ්‍යයනය කර ආව අය ඔවුන්ව හඳුනනවා….අද බොහෝ අය අයිරාංගණී සේරසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු වගේ අයව හඳුනන්නේ නැහැ. ඒක ඛේදනීයයි. නවක පිරිස ඔවුන්ව හඳුනන්නේ නැතිකම ද බයට නොකියනකමක් ද කියන එක ප්‍රශ්නයක්. ඒවගේම පරණ චිත්‍රපට මොනවද, ඒවගේ රඟපෑ අය කවුද කියලත් නවකයෝ බොහෝමයක් දන්නේ නැහැ. ඒකට මට යම් අදහසක් දෙන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාවේ සතියකට වරක් හෝ මසකට වරක් තෝරාගත් පැරණි හොඳ චිත්‍රපට කිහිපයක් පෙන්වන්න පුළුවන් කියන යෝජනාව මට දෙන්න පුළුවන්. සිනමාපට ප්‍රදර්ශනයත් සමඟ කතිකාවක් ඇතිකරන්නත් පුළුවන්. නැත්නම් ර්‍ණදතඪදඥ ෆ්ලැට්ෆෝම් එකක් නිර්මාණය කළ යුතුයි. එතැනදී සිනමා කතිකාවක් නම් නිර්මාණය වෙන්නේ නැහැ

පවුලේ විස්තර සහ කලා දිවියට ඔවුන්ගෙන් ලැබෙන සහය මොනවගේද…..?

මගේ අම්මා ගෘහණියක්. ඇය ඉන්දිකා ලක්මාලි. තාත්තා නිශාන්ත ප්‍රනාන්දු. අක්කා කෞශල්‍යා ප්‍රනාන්දු . ඇය කලින් මොන්ටිසෝරියක් කළා. ඇය විවාහකයි.දෙවැනි අක්කා මහේෂිකා සෙව්වන්දි. එයා සැලෝන් එකක් කරනවා. ඇයත් විවාහකයි…මම පවුලේ බාලයා. ගෙදර අයට මගේ ගමන ගැන සතුටුයි.. අම්මයි තාත්තයි තමයි මට මේ කෙටි චිත්‍රපට දෙකටම සල්ලි දුන්නේ……

[email protected]

 

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT