නිවස කළා පුවත් ‘සිංහබාහු’ දින සියය පසු කරමින් රජ ගමනේ

‘සිංහබාහු’ දින සියය පසු කරමින් රජ ගමනේ

by Thanushika
July 25, 2024 8:48 am 0 comment

ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම EAP ප්‍රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල දින 100 පසු කරමින් සාර්ථකව තිරගතවේ. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය විසිනි.

මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුශේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්‍රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවෙති. සිංහබාහු කැමරාකරණය විශ්වා බාලසූරිය ගෙනි. වේශ නිරූපණය විදුර අභයදීර ගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, කලා අධ්‍යක්ෂණය. ජානක ප්‍රසාද් ගෙනි. දින 100ට සමගාමීව 29 වැනි දින වන් ගෝල් ෆේස් PVR සිනමා සංකීර්ණයේදී සිනමා පටයට සම්බන්ධ නළු නිළියන් ප්‍රේක්ෂකයන් සමඟ එදින සවස දර්ශන වාරයේදී සුහද හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සරසවියට පැවසීය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT